(අමදෝරු අමරජිව)

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මොරවැව ප්‍රදේශයේ පස්වරැ 01.15 පමණ පමණ සුළු භූ කම්පනයක් සිදුවු බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය කියයි.

භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ වාර්තා අනුව රච්ටර් මාපකයේ 3.4 ලෙස දැක්වෙන බව ආපදා කළමණාකරන මධ්‍යස්ථාන⁣යේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ කේ.සුගුණදාස් මහතා පැවැසීය.

මෙම භූ කම්පනයෙන් කිසිදු හානියක් වාර්තා නොවන බවද සහකාර අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය.

මේ අතර මෙම කම්පන තත්ත්වය ගෝමරන්කඩවල ,හොරොව්පතාන ,කන්තලේ ආදි ප්‍රදේශවලටද දැනුුුන බව ප්‍රදේශවාසිහු පැවැසූහ.

සහකාර අධ්‍යක්ෂවරයා පවසන්නේ එවැනි සුළු තත්ත්වයක් ඇතිවිම සාමාන්‍ය බවය.