ත්‍රිකුණාමලයේ ප්‍රීමා පිටි කම්හල සහ ඇතුළු වරාය අතර ඇති කන්ද කපා වරායේ කොටසක් මේ දිනවල ගොඩ කැරෙති.
බර යන්ත්‍ර යොදාගනිමින් මෙය සිදුකෙරන අයුරු එහි ගිය අපට දැක ගත හැකි විය.
පොලිතීන් මලු සහ නුඩ්ල්ස් නිෂ්පාදනය කිරීමේ නව කර්මාන්ත ශාලා දෙකක් ඉඳි කිරීමට ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලබා දී ඇති අවසරයකින් ඒ සඳහා අවශ්‍ය භූමියේ ඉඩකඩ සකසා ගැනීමට මෙසේ කන්ද කපා වරායේ කොටසක්ද ගොඩකරන බව අනාවරණය විය.
මේ හේතුව නිසා ඒ ආශ්‍රිත ජීවත් වන වඳුරන් ,රිළවුන් ආදී සතුන්ගේ වාසස්ථාන අහිමි වීමෙන් එහි සතුන් ගම් වැදී ඇතැයි ද තවද එහි ජීවත් වන හාවුන් , ඉත්තෑවන්,මී මින්නන්,වලි කුකුලන් වැනි සතුන්ගේ ජිවීතවලට හානියක් සිදු වෙතියිද ප්‍රදේශවාසීහු කියති.
මේ බව දැනගැනීමට ත්‍රිකුණාමලය දිසාපති මේජර් ජනරාල් ටී ටී ආර් ද සිල්වා මහතා පැවසුයේ දුරකතන ඇමැතුම පැහැදිළි නැති නාත් මේ වේලාවේ තමන්ට විශේෂ රැස්වීමකට යාමට ඇති නිසාත් මේ පිළිබඳව පිළිතුරු දීමේ හැකියාවක් නැති බවයි.
ත්‍රිකුණාමල ප්‍රීමා කම්හලේ මානව සම්පත් කළමණාකරුගෙන් සහ සහකාර කළමණාකරුගෙන් මේ පිළිබඳව දැන ගැනීමට කළ උත්සාහයද අසාර්ථක විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරුණයන් කි දෙනෙකුට රැකියා ලැබේද.......... සුබ අනාගතයක්.....! (අ)
හරිම අපරාදයක් මේක. ස්වාභාවික ක වාරයක් අහිමි වේද ? (අ)
වඳුරන්, රිළවුන්, හාවුන්, ඉත්තෑවන්, මී මින්නන්, වලි කුකුලන් රකින එකද කර්මාන්තශාලා හදල රැකියා දීල රට සංවර්දනය කරන එකද හරි. (නදී)
සොබා දහම නිසි පිළිතුරක් දේවි ලගදිම.(නධී)
තව ටික දුරක් ඔහොම යන් මුළු ලංකාවම අපිට නැති වෙයි (දිල්)
ශ්රී ලංකාව දැවැන්ත පාරිසරික ව්‍යසනයක් අභියසය. ආර්ථික සංවර්ධන අමාත්‍යංශය හුදෙක් සංවර්ධනය මතම පිහිටා ලංකාවේ බොහෝ ප්‍රදේශ කිසිදු පාරිසරික තත්ත්ව පරීක්ෂාවකින් තොරව මේ වනවිට විනාශ කරමින් සිටී. රටේ පිහිටීමවත් නොදන්නාකම නිසා ඉදිරියේදී ලංකාවට දෙයියන්ගේම පිහිටමයි.(නදී)
ලෝකේ ලස්සනම හා ආරක්ෂිතම වරායවල් අතරින් හොඳම වරායක් තම ත්‍රිමලේ වරාය.(නදී)
මේක පුදුම රටක්නේ ස්වබාවික වරායවල් ගොඩකරනවා වැඩකට නැති වරායවල් වලට රට හාරනවා.(නදී)
අපේ රට විතරක් නෙමේ රටේ හැඩයත් විනාස කරනවා.(නදී)
රටේ ආර්ථිකය කෙසේ වෙතත් ඇමතිවරුන්ගේ සහ ගෝලබාලයින්ගේ ආර්ථිකය නම් සරු වෙනවා.(නදී)
ලංකාවේ ඉන්න අය කරන්නෙම ඔහොම වැඩක් තමයි. එක හොඳ දෙයක් හදනකොට,තව හොඳ දේවල් දහයක් නැතිවෙන එක. මේ රටවල නම් එක ගහක් අත්‍ය අවශ්‍යතාවයක් සඳහා කැපුවොත්, තවත් ගස් පේළි දහයකටත් වැඩිය ගණනක් පැලකරනවා.(නදී)
පින්තූර වලින් නම් පෙනෙන්නේ පාරක් හදනවා වගේ.(නදී)
මුළු ලෝකයේම බලවතුන් කෙල හලමින් ඉතා උනන්දුවෙන් බලාගෙන ඉන්න, ලෝකයේ තියෙන ස්වභාවික සම්පත් වලින් වටිනාම සම්පතක් වන ත්‍රිකුණාමල වරාය හා පරිසරය විනාස නොකර, පරිසරයට හා වරායට හානියක් නොවන ලෙස කරන සංවර්දනයක් කලාට කමක් නැහැ. මේ ගැන නාරා ආයතනය හා පරිසර අමත්‍ය අංශයට අදාල සියලුම ස්ථාන වලින් කරුණාකර සොයා බලනවා නම් එය රටටත් අනාගත පරපුරත් වෙනුවෙන් කරන යහපත් ක්‍රියාවක්. යමෙකුගේ පුද්ගලික වාසියක් තකා රටටත් අනාගත පරපුරටත් කිසිවකු විසින් නොකළ යුතු මුග්ද ක්‍රියාවක් කරන්නේ නම් වහාම මෙය නතර කර මේ වැරදි කරුවන් හට දැඩි ලෙස නීතියෙන් ක්‍රියාත්මක විය යුතුමයි. මෙවන් වියපෘති ක්‍රියාත්මක වන්නට ප්‍රථම ඇයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන්නේ. කිසිම වාර්තාවක් නැහැ. හොර රහසේ මෙවන් දේවල් කරනවානම් කුමකටද පාලකයන්. ඇයි අප මොවුන්ව තෝරා පාලකයන් කර පාර්ලිමේන්තුවට යවන්නේ. ලංකාදීපයට ස්තුති කරනවා මෙවන් සොයා බැලීමක් කර පුරවැසියන්ව දැනුවත් කිරීම පිලිබදව. මෙය වැරදි විදියට සිදුවන දෙයක් නම්, ජනතාව බුද්දිමත් වෙයල්ලා. ඉදිරියේදී නැවතත් මෙවන් පාලකයන්ව පත් නොකර ගන්නට පෙළ ගැසියල්ලා.!(නදී)
ලොකේ හොදම ස්වාභාවික ක වාරයක් ගොඩකරන්නේ හෝටල් ඉදි කරලා දරැවන්ටනමි ඒ සල්ලිවලින් කන්න දෙන්න එපා මෙවා ජාතික වස්තු
භුග ර්භය හා කටයුතු කිරීම ඉහාමත් පරිස්සමින් කලයුතු දෙයක්. මන්ද දැනට පිහිටි ලක්ෂණ භුගර්භය ආරම්බයේ සිටම පැවතියා පමණක් නොව භුමියෙහි සමතුලිත තාවයද රැක ගැනීම ට එය ඉවහල් වූ නිසා. මේ ස්වභාව ධර්ම න්‍යාය අනික් සියලු සමාජ හා ආර්ථික න්‍යායන්ට වඩා ඉහළින් පවතින දෙයක්. ඒ නිසා මේ විෂය ගැන මනා දැනුමක් ඇති විශේෂඥයින් ගේ උපදෙස් මත මෙවැනි දෙයක් කරන්නේ නම් යහපති.(නදී)
හොද ගානකට කොමිස් පාරක් කඩාගෙන ඇති. අනික ෂුවර් එකටම ඔය කර්මාන්ත ශාලා දෙකම හොර චින්නුන්ගේ.(නධී)
අනේ අපෝයි මේ මොකද වෙන්නේ (අ)
මේ තමා, සංවර්ධනය (අ)
අන්තිමට ලංකාවේ වනාන්තරත් ඉවරයි ,අහිංසක සත්තුත් ඉවරයි.සැලසුමක් නැති සංවර්දනය. (අ)
වහාම නැවැත්විය යුතු අධම නීච ක්‍රියාවක්! (අ)
වෙන ඕන තරම් අවස්ථා තියනවා නමුත් ඒවා කරලා බැනේ පරිසරය විනාස කරලා මුදල් ගසා කන්න උවමනාව. (අ)
සතා සිවුපාවන්ගෙන් තොරව මෙලොව අපට තනිව ජීවත්විය හැකිද ? අපේ රටේ විතරක් නොවෙයි ලොව හැම තැනම සංවර්දනය කියමින් කරන්නේ ඔයටික. ඒ අතර පරිසර සුරකින්නෝ කියල කොටසකුත්, ඒ අයම ගොඩනගල අපිව රවට්ටනවා. (අ)
වහාම නැවත්විය යුතුයි (අ)
හොඳ වැඩක් , නව රැකියා නේ (දී)
මුහුද එහෙම්පිටින්ම ගොඩ කරලා මොන මොනවා හරි හදමු (දී)
මේවගේ වැඩවල හොද සහ නරක දෙපැත්තක් තියෙනවා (දී)