‘බලය නැතිවිට කරන ප්‍රකාශ බැලූවිට බලය තිබුණා නම් කෙසේ වේදැයි‘ හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ සොයුරු රෝහිත රාජපක්ෂ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඩිජිටල් යටිතල පහසුකම් හා විදුලි සංදේශ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (2) සිරිකොත මාධ්‍ය හමුවකදී පැවසීය.
‘සිංහයකුගේ වලිගය පාගන්න එපා, සිංහයා අවදි කරගන්නත් එපා‘ යනුවෙන් රෝහිත රාජපක්ෂ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඇමැතිවරයා එසේ කීවේය.
යෝෂිත අත්අඩංගුවට ගනු ලැබුවේ ජනතාවගේ සල්ලි අයුතු ලෙස ප්‍රයෝජන ගැනීම පිළිබඳ පරීක්ෂණයට මිස කිසිවකුගෙන් පළිගැනීමට නොවන බවත් එය වත්මන් ආණ්ඩුවටත් එහි මැති ඇමැතිවරුන්ටත් තමන්ටත් හොඳ පාඩමක් බවද කීය.
මේ අතර ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට වඩා රිමාන්ඩ් බන්ධනාගාරය හොඳ යැයි යෝෂිත පැවසූ බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හාරිස්පත්තුවේ රැස්වීමකදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරත් රට කාටද පාවා දෙන්නේ (බ)
මහින්ද සහ සමාගම හිතාගෙන ඉන්නේ ඔවුන් තාම බලයේ ඉන්නවා කියල රට ණය කාරයන්ට පාවලා දීල මේ මහින්ද සහ සමාගම බාල් නැටුවා (බ)
එතුමා නියම නායකයෙක්,යුද්ධයක් අවසන් කළ අභිත සිංහ රජෙක්.(ම)
ප්‍රින්ස්,මී කතුරක් අටවන්න. (කෞ)
හරීන්ගේ කෙරුවාවල් ලගදීම එලියට එඉයි. පාවාදී ලබාගත් දේවල් පිලිබදව. (කෞ)
සිංහයකු නොව මීයෙකු උනත් මෙලොව වැරද්දක් කලානම් එයට දඬුවම් ලැබෙන්න ඕනේ.(කෞ)
රටේ ජාතික ධනය හෝ ජාතික දේපල හොරාකෑවා නම් සිංහයෙක් වුවත් නරියෙක් වුවත් දඬුවම් විඳිය යුතුයි (නි)
සිංහයෝ කියන්නේ දවසට පැය 22 කට වැඩිය නිදාගන්න ඉතුරු පැය 2 ක දඩයමේ ගිහින් අහිංසක සත්තු මරාගෙන කන කම්මැලි වගේම මිලේච්ච සත්තු ජාතියක්. අපි නම් උන් වගේ නෙමෙයි.(කෞ)
මහත්මා ගතිය නැති දේශපාලකයෙක් . හොර තක්කඩියන්ට රට අරාජික කොරන්න ඉඩ දුන්නා.රාජ්‍ය තන්ත්‍රය සම්පුර්ණයෙන්ම අඩාල කලා. කිරි කළයක් දොවල ගොම තලියක් දමා ගත්තට කොරන්න දෙයක් නැහැ .(කෞ)
සිංහයා කියන්නේ අපේ ජාතික සලකුණ. හෙළයාගේ ඉතිහාසය අවුරුදු දහදාහටත් වඩා පරණයි. සිංහයා හරි හෙළයා හරි කවුරු වුණත් අපිව අවුස්සාගන්නේ නැතුව ඉන්න කියලා ඉල්ලනවා. (නි)
කව්ද වැරදි නොකළ අය ඉන්නවද අද මේවා පලිගැනීම් (කෞ)
සිංහයෙකුගේ වලිගය පාගන්න එපා ' කියන කතාව හරියි කියමුකෝ.නමුත් කවුද මේ සිංහයා..? මිමින්නෙක් වැනි රෝහිතද..? එහෙම නැතිනම් කබර යෝශිතද..? (කෞ)
ඔය කියපු දේ අනිත් පැත්තද දන්නේ නෑ කිව්වේ.(හේ)
සුරංගනා කතා.(හේ)
ඔබ හිතන දේ නෙමෙයි සිංහයා කියන සතාගෙන් අපි අදහස් කරන්නෙ. එඩිතර බව හා ඒ හා බැඳුනු පෞරුෂත්වය මත තමා අපේ සිංහල ජාතිය 'සිංහ 'කියන නම හා පටබැදෙන්නේ. ඔබ කියන විදිහට අපි අපේ ජාතිය වෙනස් කළයුතුයි. අපි අපේ ජාතික කොඩියේ ඉන්න සිංහයාවත් ඉවත් කළයුතුයි. (නි)
ඔය කියන සංවිධාන ඔක්කොම එකතු වෙලා ගෙනල්ල ඉන්න ඔයාල මෙහෙම පාලනයක් කරයි කියල අපි හිතුවෙත් නැ හරින්.. එතකොට මහා බැංකු අධිපති මොකක්ද කළේ කෝ එයට පරීක්ෂණ?? නීතිය හැමෝටම එක විදියට කරන්න, හිරුනිකාට කෝ නීතිය? ඔයාල බොරුවට කියවන ඒවා ගැන අපිටනම් තේරිලා තියෙන්නේ බල්ලන්න ඊලග සැරේ මොකද වෙන්නේ කියල...(බ)
එක තමයි සිංහයාව ජනතාව ගෙදර යැව්වේ.(හේ)
කෑම බීමත් ගොඩක් හොඳද?(හේ)
එහෙනම් ඔහෙම ඉන්නකෝ.(හේ)
බංකර් හදාගෙන හිටපු අය වීරයෝද?(හේ)
අනේ මෙහෙමත් කතා! (නි)
තරුණ ළමයි වුනාම හරීන් වගේ තම හැකියාවන් එළිදක්වා රටට මහජනයාට වැඩක් සිදුවෙන දේවල් කල යුතුයි. (ර)
ඇත්තමයි සමන්, සැටලයිට් එකට මොකද වුණේ? අපරාදේ සල්ලි! (නි)
අනේ මන්දා මොනවා කියන්නද කියලා (නි)
මෙහෙම ගසාකෑමක් වෙන කාටද කරන්න පුළුවන්? (නි)
එහෙනම් හිරගෙදර ඉන්න දෙමු (නි)
සෞදි වල අයට හොඳ නරක කියන එක වැටහෙන්නේ නැහැ වගෙයි. (නි)
ඉස්සෙල්ල කිවේ හොරුන් අල්ලන්නේ නැහැ කියල. දැන් කියනවා පළිගන්නේ කියල කව්රු හරි මට කියල දෙනවද. (බ)
යෝෂිත රක්ෂිත බන්ධනාගාර ගතකළ එක ඉවසගන්න බැරුව මේ පරම්පරාවම "වෙඩි කාපු" සත්තු වගේ වියරු වැටිලා බෙරිහන් දෙනවා, ලතෝනි දෙනවා. ඒවගේම මේකේ අදහස් පළකරන බොහෝ දෙනෙක් (හැමෝම නෙමෙයි) හිතනවා අප්පච්චි රට කළ කාලේ, හතර වරිගෙම රට කාපු එකට කවුරුන් හෝ විරුද්ධවීම වැරදියි කියා. කාගේ සල්ලිද මේ විදියට පිල්ලි ගැහුවේ? (නි)
කිසිම වරදක් නොකළ අයෙකු ගෙන් මෙසේ පළිගන්න එක හොඳ නැහැ. (බ)
නියමයි හරින්. කතාව සම්පූර්ණ ඇත්ත. (බ)
ලංකාවේ ජනගහණයෙන් බහුතරයට ඇත්ත තේරුම් ගන්න බැහැ (නි)
ජෙනරාල් ෆොන්සේකා සිංහයෙක්ද රෝහිත මොන සිංහයෙක්ද බලය තිබුනානම් මොනවා කරයිද කියල සිංහලය බේරුනා කියල හිතාගනිල්ලා (බ)
මිනිසුන්ට මහින්ද යුද්ධය නවත්වන්න උදවු කළ හින්දා එයාට ගරුකරනකොට මහින්ද හිතන්නේ මිනිස්සු එයාට ආයේ රට බාරදෙන්න හදනවා කියලා. ඒකම පෙන්වලා එයාගේ වටේ ඉන්න අයත් මහින්දව අමාරුවේ දානවා. මට නම් මහින්ද ගැන දුකක් තියෙන්නේ (නි)
අනේ මේ හරීන් , හර්ෂලා මොනවා දන්නවාද ? අද ඊයේ දේශපාලනයට ඇවිත් ලොක්කා ලියලා දෙන දේ කියවනවා . බය වැඩි වුනාම නන් දොඩවනවා . පුංචි ඡන්දය ඉක්මණට තියන්න බලන්න ....මහින්දට බය නැත්තම් ....(බ)
මහින්ද රට බේරාගත් එකට ස්තුතියි. නමුත් රටේ දේපල පවුල අතරේ බෙදාගන්න කවුරුවත් ඡන්දය දුන්නේ නැත. දරුවන්ට යහපත් මාර්ගය කියාදෙන්න හා තමනුත් හරි මාර්ගය සොයාගන්න දෙගොල්ලන්ම දැනගත යුතුය. බුදු දහමට අනුව දිට්ට ධර්ම වේදනිය කර්මය පටිසන් දෙනබව සැමදෙනාම මතක තබාගන්න. (නි)
යෝෂිත හමුදා නිලධාරියෙක්. රජයේ සේවකයෙකුට ව්‍යාපාර කිරීම නීතියෙන් තහනම්. විශේෂයෙන් හමුදා තුල විනය පිළිබඳ ලොකු නීති තිබෙනවා. මෙය කටයුතු කර තිබෙන්නේ නීතිය නොසළකා. හමුදා විනය ගැන නොසළකා. මෙම ව්‍යාපාරයට ප්‍රාග්ධනය ලැබුනු ආකාරය පිළිබඳ තොරතුරු දෙන්න මේ අයට නොහැකි වීම තමා ප්‍රශ්නය. (නි)
අපටත් කියන්න තියෙන්නේ සිංහලේ අවදි වුනාට ගානක් නැහැ කියලා (බ)
මේවා ඇත්ත මිසක් ප්‍රබන්ධ නෙමේ. ඒවා එක්ක ඕනෑම සත්‍යවාදී මිනිහෙකුට එකග වෙන්න වෙනවා. මහින්දට කඩේ යන එකයි රට ගොඩ නැගීමට නීතිය සහ යුක්තිය රජ කරන සමාජයක් ඇති කිරීමයි කාරනා දෙකක්. සැබෑ දේශප්‍රේමියෝ හොරකමට නම් නෙමෙයි, රට හදන්න එකතු වෙනවා. (බ)
මාළුවා නහින්නේ කට නිසාලු, (බ)
සිංහයෝ මීයෝ කරන්නට යන අයට ළගදීම ජනතාව පිළිතුරු දේවි. ඉන්ටවල් ඉවරයි ඔලුවෙන් හිටගන්න ලෑස්තිවෙලා ඉන්න. (බ)
කවුද කියන්නේ පළිගන්නවා කියලා. ඔයගොල්ලන්ට ඕනෑ දෙයක් කරගන්න මේ සැරේ. (නි)
දේවි සිංහයා ගැන ඔච්චර දන්නේ කොහොමද? ගැහැණු උදවියට මම මොකුත් කියන්න කැමති නැහැ. (නි)
විදේශීය බලවේග පරාජය කළයුතුයි. අද පොදු විපක්ෂය චීනයේ අතකොළුවක් වෙලා. (නි)
මේ කෑගහන අය දේශපාලකයෝද? කෝ ආයෝජන? කෝ වොක්ස්වැගන්? කෝ අයි ටී ගම්මාන? අඩුමගානේ එළවලු ගම්මානයක්වත් නැහැ (නි)
මහින්ද ඔයා සිංහයා වගේ කියන එකේ තේරුම දන්නෑ වගේ ... (බ)
අපි පෙර පාසලේදීත් මෛත්‍රී භාවනාව පාසල් ගිය දවසේ සිටම මෛත්‍රී භාවනාව කරනවා/ කෙනෙකුට අවුරුදු 70 වෙනකොට අවුරුදු හැටපහකට වැඩිය භාවනා කරලා. නමුත් බලන්න අවුරුදු 75,80 ගිය අයත් තණ්හාවෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් කතාකරන හැටි.මට හිතෙන්නේ අවුරුදු 100ක් මෛත්‍රී භාවනාව කළත් සමහරුන්ගේ මේ ගතිලක්ෂණ නැතිවන්නේ නැත. (බ)
ඔය කියන සිංහයා තමන්ගේ අය මිනිසුන්ගේ නාස්ති කරනකොට නිදාගත් ගමන් වෙන්ඩ ඇති නේද ? (බ)
නියම සිංහලයෝ රට පවා දෙන අය නෙමෙයි (ම)
අපරාදේ! ඒ කාලෙදිම යවන්න තිබුනේ හිරගෙට, නාවුක හමුදාවට නෙමෙයි. තව අවුරුදු 5 ක් විතර එහෙනම් ඉන්න දෙන්න තියෙන්නේ. මොකද තැන හොඳ නිසා. (නි)
යහපාලනය ඔය කියන විදියට ඔච්චර සත්‍යනම් අර ඉස්සර ජනාධිපති පුටුවේ හිටපු මැඩම්ව දාන්න හිර ගෙවල් කියක් හදන්න වෙයිද. අපේ රටේ බිහිවෙච්ච් කොන්ද පණ නැති නායකයන් අතරේ මහින්ද රාජපක්ෂ අපට නම් සිංහයෙක් තමයි (බ)
මේක දැනට බලයේ ඉන්න කට්ටියටත් හොඳ පාඩමක් ආයෙත් මහජන මුදල් හොරකම් නොකරන්න. (බ)
අපේ සමහර සිංහල බක පඬිතයින්ට සිංහයා ගැන හරි වැටහීමක් නැති අතර අධි තක්සේරුවක් තිබෙනවා.සත්ව විද්යඥානයින් පෙන්වාදෙන්නේ සිංහයා මහා අලස කම්මැලි සතෙක් බවත් ආහාර සඳහා සතුන් දඩයම් කරන්නේ සිංහ ධේනුවන් බවත් සිංහ ධේනුවන් සතෙක් දඩයම් කළ සැනින් සිංහයා පැනගෙන ඇවිත් මරපු සතාගේ හොඳම කොටස අනුභව කරන බවයි.සිංහ පැටව්ටවත් ලංවෙන්න ඉඩදෙන්නේ නැහැ.ගොරවා පන්නා දමනවා.සිංහයගේත් අපේ සමහර සිංහලයන් අතරත් තිබෙන සමානකම තමයි අලසකමත් බිරිඳ ගෙන් යැපීමත්. (බ)
වැරදි කරපු සියල්ලන්ටම උපරිම දඬුවම් දිය යුතුයි.එයාලා හිතාගෙන හිටියේ,තවම හිතාගෙන ඉන්නේ මේ රට එයාලගේ බූදලයක් කියල. (බ)
ශිරන්ති මැඩම් කැලේට ගියාද? (බ)
අපටත් කියන්න තියෙන්නේ සිංහලේ අවදි කරගන්න එපා කියලා (ම)
මේ රටට කරපු වෙනස අපි දන්නවා (බ)
දොන් ජුවන් ධර්මපාල සිහියට නැගෙනවා (ම)
හරීන් මම ඔබට එකක් කියන්නම්. රෝහිතගේ කථාව ඇත්ත. නිදාසිටින සිංහයන් ඇහැරවන්න එපා. මහින්ද වීරයෙක් (බ)
මම දුටුව විදියට නම් ලියල තිබුනේ වෙන දෙයක්. ලියල තිබුන දෙය වත් හරියකට කියවගන්න (තේරුම් ගන්න ) බැරි කෙනෙක්ද ඇමැතිකම් කරන්නේ? (බ)
වැරදි කළානම් තරා තිරම නොබලා දඩුවම් දෙන්න ඕන. (බ)
සිංහයා කියන්නේ අලස සතෙක්. ඌ කන්නේ තමන්ගේ ගැහැණු සතා දඩයම් කරන සත්තු. ඌ දන්නේ සංසර්ගයේ යෙදෙන්න. අපි සිංහයාගෙන් පැවතෙන කතාව ඇත්ත වෙන්නැති. මොකද හුඟක් ගැහැනු පිටරට යවල හම්බු කරන පිරිමි ඉන්න රටක් බවට අපි පත්වෙලා. (බ)
සිංහයකු කරන්න දෙයක‍් නෑ. එතුමා සිංහ රජෙක්. ඒක අපේ හිත් තුළ හැමදාම තියෙනවා.(ම)
අර නියම කතාවක් තියෙන්නේ කැවුම ගැන මතකද (බ)
දැන් චන්ඩි වගේ වැඩ කරන කෙරුම් කාරයෝ ගොඩක් මීයෝ වගේ තමා ඉස්සර හැංගිලා හිටියේ....එතුමා ප්‍රධාන ත්‍රිවිධ හමුදාව රට නිදහස් කර ගත්තේ නැත්නම් .....කුහක ප්‍රජාව තවමත් මුලුගැන්විලා...(බ)
සරත්ට අමතක වෙලා වගේ ඒ දවස්වල වුණ දේවල් සල්ලිවලට (බ)
රට බෙදන්න පොර කන අය එලවා දැමිය යුතුයි ...(බ)
මහින්ද හරියට හරි එ්ත් සිංහයා දඩයමේ යන්නෙත් නැ. සිංහ ධේනුව හරි වෙන කවුරු හරි මරපු එකක් තමයි සද්දේ දාල ගන්නේ අපේ අය වගේ (බ)
අර යවපු සැටලයිට් එක තවම උඩද ? (බ)
සිංහයකු නොව මීයෙකු උනත් මෙලොව වැරද්දක් කලානම් එයට දඬුවම් ලැබෙන්න ඕනේ. (ර)
මහින්ද කියන්නේ අපේ රටේ නියම වීරයෙක්. (ර)