(සුජිත් හේවාජුලිගේ )

පරිපාලන දිස්ත්‍රික්ක 25 ක තේරීම් භාර නිලධාරීන් සහ සහකාර තේරීම් භාර නිලධාරීන් නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් මැතිවරණ කොමිෂන්  සභාව විසින් නිකුත් කරනු ලැබීය.

කොමිසම මෙම නිවේදනය  නිකුත් කලේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ 4 (1 )වගන්තිය ප්‍රකාරව එම කොමිසමට  පැවරී ඇති බලතල අනුවය.

ඒ අනුව තේරීම්භාර නිලධාරියා ලෙස අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරයාත්, සහකාර තේරීම් භාර නිලධාරියා ලෙස අදාළ දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය හෝ සහකාර මැතිවරණ කොමසාරිස්වරයාත් කටයුතු කරනු ඇත.