තීරු බදු රහිත වාහන බලපත‍්‍රවලින් 2012 සිට මේ දක්වා ආනයනය කළ රථවාහන වලින් රුපියල් බිලියන 147.3ක බදු ආදායමක් අහිමි වී ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.
2012 සිට පසුගිය අගෝස්තු මාසය දක්වා මෙරටට ආනයනය කර ඇති වාහන සංඛ්‍යාව 32,287කි. එම වාහන වලින් රජයට හිමි වී ඇත්තේ රුපියල් බිලියන 63.08ක ආදායමක් පමණක් බව ද එම අමාත්‍යාංශය කියයි.
2012 දී රථ වාහන 7482ක්, 2013 දී 11,622ක්, 2014 දී 6329ක් සහ මෙම වසරේ අගෝස්තු දක්වා වාහන 6854ක් ආනයනය කර ඇත.
2016 අයවැය මගින් මෙම බලපත‍්‍ර ක‍්‍රමය අහෝසි කිරීමට යෝජනා කර ඇත.
2025 දෙසැම්බර් මස 18
498
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘තීරුබදු රහිත වාහනවලින් බිලියන 147 ක් පාඩුවෙලා‘
ඩිල්ෂාන් Saturday, 28 November 2015 01:33 AM
මොකටද කලබල වෙන්නේ? ජනතාවට මොනවා වුණත් අන්තිමේදී දේශපාලඥයෝ නම් ගොඩ! (නි)
බමුණු ආරච්චි Saturday, 28 November 2015 01:50 AM
ඇයි 2012 ඉඳලා ගණන් බලන්නේ? තීරුබදු රහිත වාහන දෙන්න පටන්ගත් දවසේ ඉඳලා ගණන් බලන්න.අනික තීරුබදු රහිත වාහන දෙන්න පටන් ගත්තේ කවුද? (නි)
බමුණු ආරච්චි Saturday, 28 November 2015 01:56 AM
බුද්ධික, ඉතින් ඕක තීරුබදු රහිත වාහන වලට තිබෙන සම්බන්ධය මොකක්ද? (නි)
මනුක Saturday, 28 November 2015 03:41 AM
ආණ්ඩුව පාඩුව ගණන් හදන්නේ ගෙන්නපු වාහන වලට අහිමිවුණ බදු වලින්. හැබයි පර්මිට් නොතිබුනා නම් ඔය වාහන ටැක්ස් ගෙවලා ගොඩක් අය ගන්නේ නැහැ. ඒ නිසා ඕක මනඃකල්පිත පාඩුවක් පමණයි. වාහන වැඩි වුණාම ඇතිවෙන එකම ප්‍රශ්නය වාහන තදබදය. (නි)
සමන්ත Saturday, 28 November 2015 08:27 AM
මේ තීරුබදු සහනය නැති කළ එක හොඳයි. සෑම පුරවැසියකුටම සම අවස්ථාවන් ලබාදිය යුතුයි. පහුගිය කාලේ අපි දැක්කා මේ පර්මිට් ලබාගත් අය ඒවා විකුණුවේ පත්තරවල දැන්වීම් දාලා ලක්ෂ ගණන් වලට. සමහරු කෙලින්ම විකිණුවා. ඒ වගේම සමහර වෘත්තිකයන් අතර පුදුම වාහන පිස්සුවක් හා තරඟයක් ඇතිවෙලා තිබුනේ. හැමෝම දන්නවා ඒ කවුරු අතරද කියලා. (නි)
නිවන්තක Saturday, 28 November 2015 08:47 AM
මේවා දැන්වත් හොයන එක හොඳයි (නි)
අජිත් Friday, 27 November 2015 03:09 PM
අහිංසක මහජනතාව එම වැරදි වලට පලිද?මහජන මුදල් ගසාකාපු එවුන් තවමත් නිදැල්ලේ.එවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කොන්ද පන මදිකම තමා ...යහපාලනය.(රේ)
බුද්ධික Friday, 27 November 2015 03:27 PM
කුඹුරැ අක්කර පහක් කරන ගොවියත් ගුරැවරැත් විදුහල්පතිවරැත් අවංකව වැඩ කරන කවුරැත් රටට විශාල සේවයක් තමයි කරන්නේ (රේ)
නිලන්ත Friday, 27 November 2015 04:40 PM
වාහන තීරුබදු සහන නැතිකිරීම මෙම පවතින සමාජ රටාවට නොගැළපෙන බව මෙම තීන්දු ගන්නා අයට පසක්වී පළමුව සමාජය සාදා, දෙවනුව වරප්‍රසාද නැති කිරීමට සිත් පහළ වේවා!!! (නි)