තීරු බදු රහිත වාහන බලපත‍්‍රවලින් 2012 සිට මේ දක්වා ආනයනය කළ රථවාහන වලින් රුපියල් බිලියන 147.3ක බදු ආදායමක් අහිමි වී ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.
2012 සිට පසුගිය අගෝස්තු මාසය දක්වා මෙරටට ආනයනය කර ඇති වාහන සංඛ්‍යාව 32,287කි. එම වාහන වලින් රජයට හිමි වී ඇත්තේ රුපියල් බිලියන 63.08ක ආදායමක් පමණක් බව ද එම අමාත්‍යාංශය කියයි.
2012 දී රථ වාහන 7482ක්, 2013 දී 11,622ක්, 2014 දී 6329ක් සහ මෙම වසරේ අගෝස්තු දක්වා වාහන 6854ක් ආනයනය කර ඇත.
2016 අයවැය මගින් මෙම බලපත‍්‍ර ක‍්‍රමය අහෝසි කිරීමට යෝජනා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකටද කලබල වෙන්නේ? ජනතාවට මොනවා වුණත් අන්තිමේදී දේශපාලඥයෝ නම් ගොඩ! (නි)
ඇයි 2012 ඉඳලා ගණන් බලන්නේ? තීරුබදු රහිත වාහන දෙන්න පටන්ගත් දවසේ ඉඳලා ගණන් බලන්න.අනික තීරුබදු රහිත වාහන දෙන්න පටන් ගත්තේ කවුද? (නි)
බුද්ධික, ඉතින් ඕක තීරුබදු රහිත වාහන වලට තිබෙන සම්බන්ධය මොකක්ද? (නි)
ආණ්ඩුව පාඩුව ගණන් හදන්නේ ගෙන්නපු වාහන වලට අහිමිවුණ බදු වලින්. හැබයි පර්මිට් නොතිබුනා නම් ඔය වාහන ටැක්ස් ගෙවලා ගොඩක් අය ගන්නේ නැහැ. ඒ නිසා ඕක මනඃකල්පිත පාඩුවක් පමණයි. වාහන වැඩි වුණාම ඇතිවෙන එකම ප්‍රශ්නය වාහන තදබදය. (නි)
මේ තීරුබදු සහනය නැති කළ එක හොඳයි. සෑම පුරවැසියකුටම සම අවස්ථාවන් ලබාදිය යුතුයි. පහුගිය කාලේ අපි දැක්කා මේ පර්මිට් ලබාගත් අය ඒවා විකුණුවේ පත්තරවල දැන්වීම් දාලා ලක්ෂ ගණන් වලට. සමහරු කෙලින්ම විකිණුවා. ඒ වගේම සමහර වෘත්තිකයන් අතර පුදුම වාහන පිස්සුවක් හා තරඟයක් ඇතිවෙලා තිබුනේ. හැමෝම දන්නවා ඒ කවුරු අතරද කියලා. (නි)
මේවා දැන්වත් හොයන එක හොඳයි (නි)
අහිංසක මහජනතාව එම වැරදි වලට පලිද?මහජන මුදල් ගසාකාපු එවුන් තවමත් නිදැල්ලේ.එවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කොන්ද පන මදිකම තමා ...යහපාලනය.(රේ)
කුඹුරැ අක්කර පහක් කරන ගොවියත් ගුරැවරැත් විදුහල්පතිවරැත් අවංකව වැඩ කරන කවුරැත් රටට විශාල සේවයක් තමයි කරන්නේ (රේ)
වාහන තීරුබදු සහන නැතිකිරීම මෙම පවතින සමාජ රටාවට නොගැළපෙන බව මෙම තීන්දු ගන්නා අයට පසක්වී පළමුව සමාජය සාදා, දෙවනුව වරප්‍රසාද නැති කිරීමට සිත් පහළ වේවා!!! (නි)