(නිමන්ති රණසිංහ)
මාලිගාවත්ත ජුම්මා මස්ජිඞ් පාරේ නිවසක් අසල මුදල් බෙදා දීමේ සිද්ධියකදී තෙරපීමෙන් මිය ගිය කාන්තාවන් තිදෙනා සම්බන්ධව මහේස්ත‍්‍රාත් පරීක්ෂණය සිදුකිරීම සදහා කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා මහත්මිය මේ වන විට එම ස්ථානය වෙත ගොස් ඇත.
සිද්ධියට අදාළ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය සිදුකර මරණයටන්ට අදාළ පශ්චාත් මරණ පරීක්ණය සිදුකිරීම සදහා මාලිගාවත්ත පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත‍්‍රාත්වරිය මේ වන විට එම ස්ථානය වෙත ගොස් තිබේ.
මාලිගාවත්ත ජුම්මා මස්ජිඞ් පල්ලිය අසල නිවසක පිරිසක් රැස්ව සිටින බවත් එය අසල්වාසීන්ට හිරිහැරයක් බවත් සදහන් කරමින් පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119 දුරකතනය වෙත ලද පණීවිඩයකට අනුව සෝදිසියක් සදහා පිටත්ව ගොස් තිබූ බවත්, එහිදී එම ස්ථානයේ රැදී සිටි පිරිස අධික වීම හේතුවෙන් තෙරපීමකට ලක්ව කාන්තාවන් තිදෙනකු මියගොස් ඇති බවත් මාලිගාවත්ත පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.
යම් පුද්ගලයකු, නෝම්බි උපවාසය හේතුවෙන් ඇදිරි නිතිය ක්‍රියාත්මක කාලසීමාවේදී නිසි අවසරයක් තොරව නිරෝධායන නිති උල්ලංඝණය වන අයුරින් මෙම ස්ථානයේ දී මුදල් බෙදා දී ඇති බව ද මාලිගාවත්ත පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ, ලක්සිත සෙවණ මාලිගාවත්ත කොළඹ 10 පදිංචිව සිටි උමා අකිලා (62), ජුම්මා මස්ජිඞ් පෙදෙස, මාලිගාවත්ත පදිංචිව සිටි මොහොමඞ් ෆවුසියා නීසා (59) සහ ලක්සිත සෙවණ මාලිගාවත්ත පදිංචිව සිටි මොහොමඞ් ෆරීනා මුසම්මිල් (68) නැමැති කාන්තාවන් බවද මාලිගාවත්ත පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
තෙරපීමෙන් මියයාම ගැන පරීක්ෂණයට මහෙස්ත්‍රාත්වරිය පැමිණෙයි
Gamini Thursday, 21 May 2020 12:17 PM
අරාබියෙන් ආපු සල්ලිද බෙදුවේ...? ඒ ගැන විමර්ශනයක් කරාවිද?
සංජීව Thursday, 21 May 2020 02:02 PM
තව හොඳට අවුස්සන්න. පස්සේ බැරියැ පන්සල් යන්න...
SahanFriday, 22 May 2020 06:06 AM
කුහකකම තමයි ඔලුවේ තියෙන්නේ... අරාබියෙන් නෙවෙයි මොන දීපංකරේකින් හරි සල්ලි ලැබිලා ඒවා මහජනතාවට ලැබෙනවා නම් ලොකුදෙයක්... එහෙම නැතුව සල්ලි ලැබිලා තියෙද්දී සල්ලි ලැබුනේ නැහැ කියලා මිනිස්සුන්ව රවටන ආණ්ඩුවලට වඩා හොඳයි. දුන්නු ක්‍රමය තමයි වැරදි...
gamlathFriday, 22 May 2020 06:08 AM
ඔව්, රටේ ප්‍රධාන ආදායම් මාර්ගය අරාබි සල්ලි තමයි... අපේ අම්මලාව රට පටවලා තමයි අපි හම්බ කරන්නේ... එතකොට අරාබි සල්ලි හොඳයි...
athula Thursday, 21 May 2020 12:32 PM
මෙන්න කදිම උදාහරණයක්... රටේ දුගී බව පෙන්වාදෙන පාලකයින් ඉතාම ධනවත්... ජනතාව හිඟන්නන්... ඉතින් රට සෞභාග්‍යයිලු...