ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ ඓතිහාසික තිරුමාලා කඳුවැටියේ පිහිටි තිරුපති කෝවිලේ පූජාවෙන් පසු ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔහුගේ රියදුරා එන තුරු මිනිත්තු 12ක් බලා සිටීමට සිදුවූ බව ඉන්දියාවේ හින්දු, ඉන්දියන් එක්ස්ප්‍රස් සහ ටයිම්ස් ඔෆ් ඉන්දියා පත්‍ර කියයි. ආන්ද්‍රා ප්‍රදේශ් පොලිස් බලධරයෝ මේ සිද්ධියෙන් දැඩි අසීරුවට පත්වූහ. මිනිත්තු කිහිපයකට පසුව ඔහු කෝවිල ඇතුළේ සිටිය දී සොයා ගත් බව පොලිසිය පවසයි.
ශ්‍රී ලංකා ජනපතිගේ ආරක්ෂාවේ හිඩස ගැන ආන්ද්‍රා ප්‍රදේශ පොලිසිය පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත.
ශ්‍රී ලංකා ජනපති සෙනසුරාදා රාත්‍රියේ තිරුමාලා වෙත ළඟා විය. තිරුපති කෝවිලට අයත් ශ්‍රී පද්මාවතී ගෙස්ට්හවුසියේ රාත්‍රිය ගත කළ සිරිසේන මහතා ඇතුළු පවුලේ සාමාජිකයෝ කිහිප දෙනෙක් ඉරිදා අලුයම තුනට විශේෂ පූජාවකට සහභාගී වූහ.
පූජාවෙන් පසුව තම කාරයට පැමිණි නමුත් රියදුරා කාරයේ නොසිටි බව ඉන්දියන් එක්ස්ප්‍රස් පත්‍රය කියයි. සිරිසේන මහතාත් ඔහුගේ බිරිය හා පුතාත් මිනිත්තු 12ක් කාරය ඇතුළට වී සිටි අතර ආන්ද්‍රා ප්‍රදේශ් ආරක්ෂක නිලධරයෝ කාරය වටා මුර සේවයේ යෙදී සිටියහ.
තිරුපති කෝවිලේ පාලක මණ්ඩලය ද කළබළ වී රියදුරා සොයන්නට වූහ. රියදුරාද දේවාලයේ පූජාවකට ගොස් හිමින් සීරුවේ කාරයට පැමිණියේය. රියදුරා ශ්‍රී ලංකා ජනපති ඇතුළු පිරිස රැගෙන කාරය වේගයෙන් නවාතැන දෙසට ධාවනය කළේය. ඉරිදා උදේ 6.30ට පමණ ශ්‍රී ලංකා ජනපති හා පවුලේ සාමාජිකයෝ යලි දේවාලයට පැමිණ පූජාවකට සහභාගී වූහ.
ශ්‍රී ලංකා ජනපතිගේ පරිවාර ඇමැති ලෙස ක්‍රියා කළේ ආන්ද්‍රා ප්‍රදේශ් වන සම්පත් ඇමැති බොජ්ජාල ගෝපාල ක්‍රිෂ්ණා රෙඩ්ඩිය. ඔහු දේවස්ථානයේ අනුරුවක් ජනපතිට පරිත්‍යාග කළේය.
ශ්‍රී ලංකා ජනපති වෙනුවෙන් සැලසුම් කළ ආරක්ෂාව හිඩැසකට ලක්වූයේ කෙසේදැයි සොයා බැලීමට ආන්ද්‍රා පොලිසිය මේ පරීක්ෂණය පවත්වයි. ශ්‍රී ලංකා ජනපති රැගෙන දේවාල භූමියට ගිය රියදුරා සහ ජනපති කණ්ඩායමේ වෙනත් අය කෝවිල ඇතුළට යෑමට අවසර ලබාගෙන සිටි බව දැනගන්නට ඇත. ප්‍රභූවරයකු දේවාලයේ සිටිය දී ඔවුන්ට ද එහි ඇතුළු වීමට ඉඩ ලැබුණු බව කියති. ප්‍රභූවරයකු දේවාලය ඇතුළේ සිටිය දී රියදුරා ඇතුළු වෙනත් පිරිසකට එහි ඇතුළුවීමට ඉඩ දුන්නේ ඇයිද යන්න ගැන තිරුපති නාගරික පොලිස් අධිකාරී ජයලක්ෂ්මී කෝවිල් බලධරයන්ගෙන් ප්‍රශ්න කර ඇතැයි දැනගන්නට තිබේ.
(ඡායාරූප පීටීඅයි සහ ඉන්දියන් එක්ස්ප්‍රස්)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකටද මෙහෙම බයෙන් ගෙවන ජීවිතයක් (අ)
අයියෝ දුප්පත් අපෙන් ගන්න බදු සල්ලි වලට යන කලදසාව! (නි)
අපිට නම් මේ ආණ්ඩුව එපාවෙලා ඉවරයි (නි)
ඉතුරු කාලේ හොඳින් රට කරවන්න බාරයක් වෙන්න ඇති (නි)
මේ දේවල් කවදාද අපේ රටවල මිනිසුන්ගේ හිත්වලින් තුරන් වෙන්නේ? (නි)
තාමත් වෙනසක් වෙලා නැහැ. ඇයි දළදා වහන්සේ වඳින්න බැරිද අපේ රටේ අයට? (නි)
අපි දවස් ගණන් රස්තියාදු වෙන්නේ (නි)
ඔය කෝවිලේ අානිසංසයෙන්වත් රටේ අපල දුරුවේවා!!! (නි)
රජකම් කළත් මොකටද මෙහෙම බයෙන් ගෙවන ජීවිතයක්? (නි)
ඔබ තුමා බොහොම බිය වෙලා තියෙන්නේ කර්මය පසු පස එලවනවා වගේ (රේ)
මහින්ද කරන, කරපු දේවල් කරන්න නොවෙයි මිනිස්සු මේ ආණ්ඩුව පත්කළේ. මහින්ද නරක වැඩත් කළා. හොඳ වැඩත් කළා. මේ අය කරපු හොඳ වැඩ මොනවද (නි)
රියදුරා එෆ්සීඅයිඩී ගෙන්වයිද දන්නෙ නැහැ (නි)
එතුමාට දේව ආරක්ෂාව ලැබේවා! (නි)
මහින්ද රාජපක්ෂ මහතා තිරුපති දෙවොලට ගියා කියලා බැන බැන මේගොල්ලොත් ඒ දෙයම කරනවා (නි)
මේවාට ගමන් වියදම් දරන්නේ කවුද? (නි)
රටම ගොඩයත්වා තිරුපති දෙවි පිහිටින්! (නි)
ඔහොම දේවල් වෙනවා තමයි. කවුරුත් මිනිස්සුනේ (නි)
බුදුසරණ මිස නැත කිසිවෙකුටත් අන් සරණක්! (නි)
කරන අකුසල් කරත්ත රෝදය වගේ පස්සෙන් එනවලු. කරන හොඳ දේවල්වල ප්‍රතිඵල හෙවණැල්ල වගේ තමන් ළඟින්ලු (නි)
රියදුරාට හොඳ දඬුවමක් දෙන්නයි තියෙන්නේ (නි)
මම නම් කියන්නේ පොඩි අතපසුවීමක් වෙන්න ඇති (නි)
මහින්ද තිරුපති යනකොට පොළොවේ පස්කාගෙන බෙරිහන් දුන් සමහර අය කෝ දැන්? (නි)
මිනිස්සු මේ ආණ්ඩුව පත්කළේ මේකටද? මේගොල්ලෝ අපිව රවට්ටනවා (නි)
ඉස්සර නම් මෙහෙම දේවල් වෙන්නේ නැහැ. වුණා නම් මේ වෙනකොට රියැදුරා සම්බන්ධයෙන් අපිට මොනවා කියන්න වෙයිද දන්නේ නැහැ (නි)
අපි හැමදාම ලංකාවේ බස්වලට වෙලා අපේ කාලේ කකා පැය බාගෙ ගමන පැයක් තිස්සේ යනවා. මෙතුමාට මේකෙන්වත් තේරුණානම් හොඳයි රස්තියාදුව සහ තමන්ගෙ කාගය නිකරුනේ නාස්තිවීමේදි දැනෙන අමාරුව (නි)
මෙතුමා පත්තරෙන් බලලාහරි අපිට මොනවාහරි කියනවානේ. කරදරයක් නැතුව ලංකාවට එන්න. ඔබතුමා නැති වුණොත් අපිට දෙවියන්ගේම පිහිටයි. (නි)
ඔව් සුනන්ද, ඕනෑම මනුෂ්‍යයෙකුට තමන් කැමති දෙය ඇදහීමේ නිදහස තියනවා. නමුත් සමහරු මිත්‍යාවන් පස්සේ යන්නේ ඇයි කියලා මට නම් තේරෙන්නේ නැහැ. (නි)
අපි බස්,කෝච්චි නැතුව මහපාරේ පැය කීයක් නම් රස්තියාදු වෙනවද? (නි)
මෙෙත්‍රී මහත්තයාට හොඳ ඉවසීමේ හැකියාවක් තිබෙන නිසාම හොඳයි (නි)
බෞද්ධ ඉගැන්වීම් අනුව තමා කළ කී දේ අනුව ප්‍රතිඵල ලැබෙනු ඇත. එය දෙවියන්ටවත් වෙනස් කළ නොහැක. (නි)
තිලක් නැවතත් පරණ පුරුද්දම අවදිකර තිබෙන බවයි පෙනෙන්නේ (නි)
අපේ ජනාධිපතිතුමාට දෙවි පිහිටයි! (නි)
මෙවැනි බලවේග ඇදහූ මහින්ද මහත්තයා විනාශ වුණා. දෙවියියන්ගේම පිහිට තමා ඉතින් කාට කාටත් (නි)
අනේද කියන්නේ? මහින්දට තමයි නරක. මේ ගමන් වලට සල්ලි කොහෙන්ද? (නි)
බුදු ගුණ අනන්තයි! (නි)
දැන් පක්ෂය බල බලා හිටියොත් රට ප්‍රපාතයට වැටෙනවා. හැමෝම එකතුවෙලා රට ගොඩනඟමු. රටට වැඩ කරමු. එහෙම හොඳයි නේද. (නි)
බයවෙලා තියන තරම කොහොමද කියල පේනවා (ම)
බලයට එන හැමකෙනාටම ටික දිනකින් පසු හැදෙන ලෙඩේ මේක තමා. එනිසා සුදුසු තැනක් බලා තිරුපති දෙවොලකුත් ඉදිකළොත් වැයවන මුදලත් කාලයත් දෙකම ඉතුරුයි නේද? (නි)
මෙහෙමත් නායකයෝ ඉන්නවනේ බුද්ධිමත් ඡන්ද දායකයෝ අපේ රටේ නැති බව පේනවා (බ)
තිලක්-ඩුබායි, මම ඔයාට කලිනුත් කිව්වා. වහාම දොස්තර කෙනෙක් හමුවුණොත් හොඳයි වගේ (නි)
මෛත්‍රිත් තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගේ ආශීර්වාද ලබන්න ගිහින්. (බ)
මේගොල්ලෝ අපිව රවට්ටනවද ඒගොල්ල රැවටෙනවද? (බ)
මේ කියන සිද්ධියෙන්ම පේනවා නේද හැමදෙයක්ම දෙවියන්ට බැරි හෝ පුළුවන් වුණත් සමහරවිට නොකරන බව. (නි)
බුදු දහම හැර අපට නම් වෙන පිළිසරණක් නැත (නි)
මේගොල්ලෝ නිසා අපි පාරේ කොච්චර රස්තියාදු වෙනවද? අනික මහින්ද මහත්තයා යනකොට ගිරිය පුප්පගෙන කෑගහපු රතු මල්ලිලා තාම මේක දන්නේ නැහැ වගේ. (නි)
ආසියාවේ බොහෝ දේශපාලඥයෝ යන්නේ මෙතනට තමා ආශිර්වාද ලබාගන්න. (නි)
එක එක අය දකින්නේ එක එක විදිහට. රියදුරුට වන්දනාමාන කරන්නත් ඉඩදුන්නද කියන්න බැහැනේ. එහෙමනම් එ්කත් හොඳ මානුෂිය සාධකයක්! (නි)
ඔය කොහේ ගියත් බුදුන් සිටින බිම රකින්නේ බුදුන්ට අනුගාමීවන්නන්. දහමින් රට පාලනය කරන්න. ඒ ඇති (නි)
රාජපක්ෂ මහත්තයාත් ඡන්දෙට පෙර මෙතනට ගිහිල්ල හැදුවා ඡන්දය දිනන්න. නමුත් ලංකාවේ ජනතාව ඔප්පුකළා ලංකාවේ ජනතාවගේ බලවත්කම. (නි)
රියදුරාත් යන්න ඇති වන්දනාමාන කරන්න (නි)
එක් එක් පුද්ගලයාගේ විශ්වාස විවිධයි. ඒක එයාලගේ කැමැත්ත (නි)
පාපයට හැර වෙන කිසිම දෙයකට අප බියවිය යුතු නොවේ (නි)
බුදුසරණ මිස නැත කිසිවෙකුටත් අන් සරණක්! මහින්ද තිරුපති යනකොට පොළොවේ පස්කාගෙන බෙරිහන් දුන් සමහර අය කෝ දැන්? මහින්ද රාජපක්ෂ මහතා තිරුපති දෙවොලට ගියා කියලා බැන බැන මේගොල්ලොත් ඒ දෙයම කරනවා. අනේද කියන්නේ? මහින්දට තමයි නරක. මේ ගමන් වලට සල්ලි කොහෙන්ද? (නි)
අපේ ලංකාවේ බොහෝ මැති ඇමතිවරුන්ට ලංකාවේ පන්සල් කෝවිල් හිතට මදි. ඉස්පිරිතාල හිතට මදි. සිංගප්පුරුවේ යනවා හෙම්බිරිස්සාවටත්. මේ රටේ දේවල් අගය කරන අය කවආ බිහිවේද. (නි)
මේවා කියවන අපිට අපි ගැනම කළකිරීමත් ඇතිවෙනවා (නි)
ඔබට දෙවිපිහිට ආරක්ෂාව නියතයි (අ)
බුදු ගුණ අනන්තයි. අපි විශ්වාස කරන්නේ එපමණයි (නි)
මේ රටට හොඳ අනාතගයක් එයි කියා අපි කෙසේ සිතමුද? (නි)
බොරු කිය කිය මහින්දට බැනල දැං බයවෙලා වගේ බලං ඉන්නව (බ)
විලිලජ්ජා නැති වැඩක්. රනිල් උපදෙස් දෙන්න ඇති. (බ)
බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩියෙන්ම වැඩසිටින රට අපේ රට. එසේනම් මෙහෙම ඉන්දියාවේ යන්නේ අැයි? (නි)
කුමටද කුසලට කම්මැලි වන්නේ (බ)
මට හිතෙන්නේ අපිකටත් අසුබ කාලයක් ළගදී උදා වෙනවකියල දැනිලදෝ . මොනවකරන්නද දෙවි පිහිට තමා. අපිටත් අාශිර්වාද කරන්න (බ)
රටටම ලොකු අපල කාලයක් ලබලා කියලා නම් අපිට දැනෙනවා (නි)
අනේ අපි කොහේ කියලා යන්නද? මොනවා කරන්නද? කාගේ පිහිටක්ද? (නි)
මේවා දැක්කහම අපිට හිනා. තමන්ට වෙන්න තියෙන දෙයක් මොන ජගතෙකුටවත් වෙනස් කරන්න බැහැ. (නි)
අද කතරගමට වෙලා තියෙන දේ හිතාගන්න පුළුවන් මේවා දැක්කහම. ඔය දේවාලේ ශාඛාවක් හදන්න නේද අර වටිනා ඖෂධ වනයක් විනාශ කරන්න යන්නේ? මේ දේවල් කරලා තියෙන්නේ කොහොමද කියලා මේවා දැක්කහම අපිට තේරෙනවා (නි)
අනේ කුහුබුවනෙ තොපටත් රජෙක් ඇත්තේ . නිදහස ලබා අවුරුදු 70 ගත උනත් අපිට තාමත් රජෙක් නැත්තේ.(රේ)
අපි අසරණ වෙලා වාගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනී (ම)
ඒ දවස් වල රැස්වීමක් ගානේ ගිහින් දොස් කිව්වා හිටපු අයට. දැන් මොනාද මේ වෙන්නේ.දෙවියෝ හැබැහින් දැක්කා වගේනේ මෙතුමා ඉන්නේ.(රේ)
තමන්ගේ වටිනා කාලේ දවස් ගානක් ගෙවාගෙන නොපෙනෙන දෙයියෝ පස්සෙන් යන්න පුළුවන්නම් මිනිත්තු 12 ත් කාලයක්ද. (බ)
බය වෙන්න දෙයක් නීනේ මෙයාගේ මහා ගෙදර නේ (රේ)
මෙහෙම වගකීමක් නැති විදිහට හැසිරිලා හරියනවද? රියදුරාට දඬුවම් දියයුතුයි (නි)
මේ අදහස් කියවන කොට අපේ කට්ටිය ගැන. ආඩම්බරයි ජනපතිට වැසිකිලි යන්නත් මේ කට්ටියගේ කැමැත්ත ගන්න. වෙයි. වගේ. මහින්ද බලය තියාගන්න මොනවද නොකෙරුවේ , කොහෙද නොගියේ , (රේ)
මිනිත්තු 12 මොකක්ද අපි පාරවල් වල රස්තියාදු වෙන හැටියට (නි)
" බුදුබණ කිව්වාත් නිරන්තරේ, බුදුබණ ඇසුවාත් නිරන්තරේ ගති ගුණ අතින් තවමාත් අපි වනන්තරේ." (අ)
බය වී ඇති තරමක්? වෙනස මෙයයි (නි)
උපතින් බෞද්ධයකු වුනත් යන්නේ හින්දු කෝවිල් වලට , බෞද්ධාගමේ කියනවා , දෙවියන් වුනත් පින් ලබන්නේ අපෙන් කියා , මෙහෙව් නායකයන් තමා අපේ රටේ ඉන්නේ (බ)
රියදුරාත් මොනවාහරි වැඩකට යන්න ඇති (නි)
ඔව්ව මොනවද අපි බස් එනකන් පැය ගණන් බලන් ඉන්නේ (බ)
බුදු ගුණ අනන්තයි කිව්වට බෞද්ධයෝ ඔක්කොම දෙවිවරු ගාවටනේ යන්නේ. (බ)
දර්ශන, ඒක නම් ඇත්ත. මුහුණෙනුත් ඒ බය පේනවා. දෙවියන්ටවත් කියනවා ඇති අලුතෙන් පක්ෂයක් හැදෙන එක නවතන්න කියලා (නි)
මට මතකයි1980 දශකයේදී මට හමුවුණා මිකී මොස්ට් කියල ලෝක බැංකුවේ වියපෘති වලට ආපු ඇමරිකන් මහත්තයෙක් අනුරාධපුර වන්දනාවට ගිය වෙලාවේ. එතුමා බුද්ධ ධර්මයත් ඉගෙන ගන්න කෙනෙක්. එතුමා කීවා නුඹලාට නිදහස ලැබිල ගොඩක් කල්. පක්ෂ හදාගෙන කුළල් කන ගමන් තවම සුද්දට බනිනවා. උඹලගේ රටේ උගතුන් 96%ක් ඉන්නවා. උගතුන් රට හැර යනවා.දේශපාලයට එන අය සොරකම් කරනවා. මෙම දෙය කීවේ මීට අවුරුදු 30 කට ඉස්සරලා. තවමත් ලංකිකයන්ට මේක තේරෙන්නේ නැත්තේ. රොෂාන් මල්ලියේ නුඹ කියන එකේ විශාල තේරුමක් තියනවා. ඔය අවබෝධය තියෙන්නේ මට දැනෙන විධිහට \nඅනුර දිසානායකට පමනයි. සමහර විට මම වැරදි වෙන්න පුළුවන්. (රේ)
රියදුරාගේ පමාව ගැන ජනාධිපති තුමාට නැති කැක්කුමක් සමහරුන්ට තියෙන බවක් පෙනෙනවා.(බ)
දේශපාලඥයෝ හරි ලොකු භක්තියක් විශ්වාසයක් තියෙනවා නේද දෙවිවරු, දේවාල, කෝවිල් වලට (නි)
මිනිත්තු 12 මොකක්ද අපි පාරවල් වල රස්තියාදු වෙන හැටියට ඕව මොනවද (බ)
බුදු දහමට අනුව ආත්ම භය තියෙන ආත්මාර්ථකාමී අය දෙවියන් යදිනවා. තුනුරුවන් කෙරෙහි සිත පහදවාගෙන දෙවියන්ට පින් අනුමෝදන් කළාම දෙවියන් සතුටුවෙනවා. (බ)
මහින්දද මෛත්‍රීද නෙමෙයි වැදගත්. කරන්නේ හරිදේද වැරදි දේද කියන එකයි. මහින්ද ජනතාවගේ සල්ලි කාබාසිනියා කර කර මේවගේ දෙවිවරු පස්සේ ගියා, නමුත් ජනතාවගේ හදවතින් නැගෙන සුසුමින් ඒ දෙවිවරුත් පරාජය වුනා. මෙයාටත් කියල වෙනසක් නැහැ.ඒ ටිකම තමයි. (බ)
ඉතින් මොනවා කරන්නද ? කතරගම යෑම අඩුවෙනවා තීරු පති යෑම වැඩිවෙනවා ,කාලය ගතවෙනවා, මිනිසුන්ට පරක්කු වෙනවා තවකෙනෙකුට බනිනවා ඒක තමයි සිද්ධ වෙන්නේ (ම).
අපි මේ ගැන කලබල වෙන්න ඕන නැහැ. අපි මොනවා කිව්වුවත් සියල්ල නිසි පරිදිම වෙනවා. ඊළගට අනෙත් කෙනත් ඔතෙන්ට යන්ට ඉඩ තියනව. සමහර විට ඔතෙන්ට යන්න ඇත්තේ ජන හදවත වෙනස් කරලා දෙන්න කියල ඉල්ලන්න වෙන්න ඇති. (බ)
මෙහෙම ගමන් යනකොට රස්තියාදු වෙන්න වෙනවා. (නි)
අපිට වැරදිලා.මෙතුමා අපේ ජනාධිපති නොවෙයිනේ, අපේ රටේ නායකයා, දින සියය තුල ජනාධිපති පදවිය අත්හල එතුමා බලේට කෑදරකමට ගිය ගමනක් වෙන්නේ කොහොමද මේක. (බ)
බුදුන් වහන්සේ ධර්මය පිළිපදිමු . එවිට දෙවියන් අපිව රකී. අන්ධ විස්වාස කරමත තබාගෙන විදින දුකක් (බ)
අනේ ඒ ගිහිල්ලත් මේ ඕස්ට්‍රේලියන් හුටපටේ ඇදුනනේ. (නි)
මහාදේව, ඔබ තමයි නියම ඇත්ත කියුවේ. (බ)
රස්තියාදු වෙද්දී දැනෙන අපහසුව එදා එතුමාට දැනෙන්න ඇති (නි)
තමන් පසුපස එන කර්ම විපාකයෙන් කිසිවෙකුට ගැළවීමක් නැත (නි)
බුද්ධං සරණන් ගච්චාමි, ධම්මං සරණන් ගච්චාමි, සංඝං සරණන් ගච්චාමි කියල හැමදාම කියන අපි මොකොද මේ දේවාල ගානේ යන්නේ. එතනින් මුසාවාද ශික්ෂා පදේ කැඩෙන්නේ නැද්ද? (බ)
ශ්‍රී ලංකා ජනපතිගේ පරිවාර ඇමැති ලෙස ක්‍රියා කළේ ආන්ද්‍රා ප්‍රදේශයේ වන සම්පත් ඇමැති බොජ්ජාල ගෝපාල ක්‍රිෂ්ණා රෙඩ්ඩිය. (අ)
එක අතකට මෙහෙම වෙන එක හොඳයි අපි රස්තියාදුවේදී විඳින දුක දැනගන්න (නි)
ඕනෙම උගත් බෞද්ධයෙකු නිතරම කියනා දෙයක් තමා , නත්තිමේ සරණන් අඥ්ඥං , බුද්ධෝ මේ සරණන් වරන් කියා ( මට බුදුන් වහන්සේගේ පිහිට මිස වෙන කිසිවකු නොමැත , ) එහෙත් මේ බෞධයකු කියා ඉපදුන රටක නායකයෙක් (රේ)
නිසැකවම තව තවත් සැප-බලය ඉල්ලීම මේ යන ගමනේ අරමුණ නොවේද? (නි)
රොමේෂ් .අනිවාර්යෙන්ම ඒ ටික සිද්ද වෙනවා.(රේ)
මගේ රටට දළඳා හිමි සරණයි..(ම)
දේශපාලඥයින් මෙතනට ගියත් පරදින එක නම් නවත්වන්න බැහැ (නි)
බුදු ගුණ අනන්තයි. ඒක තමයි සැබෑ සත්ත්‍ය. බෞද්ධයෝ ඔක්කොම දෙවිවරු ගාවට යාම සහ බුදු ගුණ අතර කිසිම සහසම්බන්ධතාවක් නැත. (ම)
සාදු සාදු සාදු ! ඔලිවර් . (අ)
සතරසිංහ ඔබ හරි. (ර)
මුහුණ නම් එච්චර හොඳ නෑ (අ)
බුදුන් සරණ යන්න බැරි නායකයෝ... (ර)
ඔය වගේ දුර ගමන් වලදි ඔහොම අතපසුවීම් වෙනවා තමයි (නි)
අම්මපා කොහොමද යහපාලනය? සැපයිද? (නි)
අපේ රට ගොඩයාමක් ගැන නම් හිතෙන්නේ නැහැ අපිට (නි)
බලනකොට කිසිම වෙනසක් වෙලා නැහැනේ (නි)