පාසල් රග්බි පාපන්දු සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2013) පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ හයවැනි සතියේ තරග අවසන් වන විටත් මහනුවර ත‍්‍රිත්ව විදුහල අපරාජිතව ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය රැකගැනීමට සමත්ව සිටියේය. මහනුවර ධර්මරාජ විදුහලද අපරාජිතව ප‍්‍රසාද ලකුණු 29 ක් හිමිකර ගනිමින් දෙවැනි ස්ථානයේ පසු වෙයි.
ත‍්‍රිත්ව විදුහල් ක‍්‍රීඩකයෝ හයවැනි සතියේ තරගයේදී ලකුණු 29-22 ක් ලෙස ගල්කිස්ස විද්‍යා විද්‍යාලය පරාජය කරමින් ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය රැකගැනීමට සමත් වූහ. ත‍්‍රිත්ව විදුහල මේ වන විට ප‍්‍රසාද ලකුණු 30 ක් ලබා සිටියි.
පස්වැනි සතියේ තරග අවසානයේ 10 වැනි ස්ථානයේ පසුවූ මහනුවර කිංග්ස්වුඞ් විදුහල හය වැනි සතියේ තරගයේදී ඉසිපතන විදුහල පරාජය කරමින් 8 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ සිටියි. කෙසේ වෙතත් පාසල් රග්බි පිටියේ වසර ගණනාවක් පුරා ආධිපත්‍යය පතුරා සිටි ඉසිපතන විදුහල තවමත් රැඳී සිටින්නේ අවසන් ස්ථානයේමය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි රංජන්.(නදී)
පතන, ගෙදර යන ගමන්ම සිංහයොයි, රාජකීයයොයි දඩයම් කරගෙනම යයි. සුබ පැතුම්! (නි)
පීටර්ස්ලට සුභ පතනවා.(නදී)
කලහකාරී රටාවෙන් අයින් වී රග්බි ගැන පමණක් සිතුවොත් ඉසිපතනට නැවත හොද කණ්ඩායමක් වෙන්න පුළුවන් (නි)
ගෝ රාජන්ස් ගෝ ...! (නි)