IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘තොරතුරු පනත ව්‍යවස්ථානුකූලයි‘

තොරතුරු දැනගැනීමේ පනත සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථානුකූල බවත් ඇතැම් පිරිස් පනත සම්බන්ධයෙන් වැරදි ප්‍රචාර ගෙන යන බවත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ශාන් විජේතුංග මහතා පැවසීය.

තොරතුරු දැනගැනීමේ පනතේ ඇති වටිනාකම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා කොළඹ පදනම් ආයතනයේ දී අද (7) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා එසේ සඳහන් කළේය.

‘තොරතුරු දැන ගැනීම සම්බන්ධයෙන් මහජනතාවට ඇති අයිතිය තහවුරු කිරීම සඳහා අවුරුදු 20ක් තිසේසේ මේ පනත ගෙන ඒමට බොහෝ මහන්සි වුණා. අවසානයේ 2015 වසරේදී මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ මැදිහත්වීමෙන් මේ පනත ඉදිරිපත් කළා. මහජනතාවගේ මතය ද මේ පනතට ලැබී තිබෙනවා. මේක නියත වශයෙන්ම මහජනතාවගේ පනතක්. පසුගිය මහ මැතිවරණයේදී ප්‍රධාන පක්ෂ සියල්ලක්ම තම ප්‍රතිපත්ති ප්‍රකාශනවල තොරතුරු දැනගැනීමේ පනතක අවශ්‍යතාවය සඳහන් කර තිබුණා. අනෙක් අණ පනත්වල නීති රෙගුලාසි පැනවෙන්නේ සාමාන්‍යයෙන් මහජනතාව මත. නමුත් තොරතුරු පනතේ වි‍ශේෂත්වය තමයි රජයට එම රෙගුලාසි පැනවීම. රජය කරවන බලධාරින් මත එහි වගකීම් පැවරෙනවා‘

තොරතුරු දැනගැනීමේ පනත මගින් රජයේ අමාත්‍යංශ හා ඒවාට අයත් ආයතන මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති සම්බන්ධ තොරතුරු ජනතාවට දැනගැනීමට ලැබෙන බවත් මෙම පනත මගින් මාධ්‍යයට නීති පැනවෙන බවට හා මේ හරහා තවදුරටත් තොරතුරු වසන් කිරීමට උත්සාහ කරනවා වැනි බොරු ප්‍රචාරවලට නොරැවටී මෙය ක්‍රියාත්මක කිරීමට සහාය දෙන ලෙසත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය ඉල්ලා සිටී.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ අශෝක ඔබේසේකර මහතා සහ එම ආයතනයේ නිලධාරිනී සංකීතා ගුණරත්න මහත්මිය ද එක්ව සිටියහ.

Transperancy-Pic-by-Kaushalye-Saminda



අදහස් (0)

‘තොරතුරු පනත ව්‍යවස්ථානුකූලයි‘

ප්‍රනාන්දු Thursday, 07 April 2016 07:34 PM

මේ කවුරු කවුරු ගැනත් අපි නම් හොඳින් දන්නවා (නි)

:       0       0

දොන් Thursday, 07 April 2016 09:57 PM

තොරතුරු දැනගැනීමේ පනත ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද යන බව ප්‍රකාශ කළහැක්කේ මහා අධිකරණයට පමණයි නේද? (නි)

:       0       0

රොහාන් Thursday, 07 April 2016 01:33 PM

දී කිරට බළල්ලුත් සාක්කිලුනේ (නි)

:       0       0

ආනන්ද Friday, 08 April 2016 02:49 AM

මෙය ව්‍යවස්ථානුකූල බව මොහු ප්‍රකාශ කරනුයේ කෙසේද? ඒ ඔහුගේ මතය පමණයි නේද? (නි)

:       0       0

මුණසිංහ Friday, 08 April 2016 02:19 PM

ඩොලර් කුක්කන්ට රජ මගුල් දැන්නම්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 697 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site