පාර්ලිමේන්තු අනුමැතියට ඉදිරිපත් කර ඇති තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ සිය තීන්දුව කථානායකවරයා වෙත කඩිනමින් දන්වා යවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද(06) පැවසීය.
එම පනත් කෙටුම්පතට පක්ෂව සහ විපක්ෂව ඉදිරිපත් කළ පෙත්සම් හතක් විභාගයට ගෙන අවසන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව ප‍්‍රකාශ කළේය.
පෙත්සම සම්බන්ධ ලිඛිත දේශන අද සවසම ගොනු කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නීතීඥවරුනට නියම කළේය.
අගවිනිසුරු කේ.ශ්‍රී පවන් ,අනිල් ගුණරත්න සහ නලීන් පෙරේරා යන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම් කැඳවිණි.
ජාතික ඒකාබද්ධතා කමිටුවේ සම සභාපති ලූතිනන් කර්නල් (විශ‍්‍රාමික) අනිල් සමරසිංහ , මෘදුකාංග ඉංජිනේරුවන් දෙදෙනකු වන ඉන්දික ගමගේ සහ ඉසුරු බුද්ධික සිරිනිමල්, නීතීඥ දර්ශන වේරදූවගේ, ග්ලෝබල් ශ්‍රී ලංකා ෆෝරම් ආයතනයේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක නීතීඥ නුවන් බෙල්ලන්තුඩාව යන මහත්වරු මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් ගොනු කළහ.
2025 දෙසැම්බර් මස 18
693
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තොරතුරු පනතේ මහ උසාවි තීන්දුව කථානායකට
ලසිත් Thursday, 07 April 2016 04:47 AM
ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු එච්චර කල් යන්නේ නෑ. විශේෂයෙන්ම අර්ථනිරුපණ (ම)
අමිරා Wednesday, 06 April 2016 08:56 PM
කඩිනමින් කිවුවේ මාස හයකින්වත් වෙන්න ඇති. දැන් නඩු කල්දාන විදිහට ජීවත්වෙලා ඉන්නකොටවත් තීන්දුවක් දුන්නොත් අපේ මුණුපුරු මිණිපිරියන්ටවත් හොඳ කලදසාවක් යයි. (නි)