පාර්ලිමේන්තු අනුමැතියට ඉදිරිපත් කර ඇති තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ සිය තීන්දුව කථානායකවරයා වෙත කඩිනමින් දන්වා යවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද(06) පැවසීය.
එම පනත් කෙටුම්පතට පක්ෂව සහ විපක්ෂව ඉදිරිපත් කළ පෙත්සම් හතක් විභාගයට ගෙන අවසන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව ප‍්‍රකාශ කළේය.
පෙත්සම සම්බන්ධ ලිඛිත දේශන අද සවසම ගොනු කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නීතීඥවරුනට නියම කළේය.
අගවිනිසුරු කේ.ශ්‍රී පවන් ,අනිල් ගුණරත්න සහ නලීන් පෙරේරා යන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම් කැඳවිණි.
ජාතික ඒකාබද්ධතා කමිටුවේ සම සභාපති ලූතිනන් කර්නල් (විශ‍්‍රාමික) අනිල් සමරසිංහ , මෘදුකාංග ඉංජිනේරුවන් දෙදෙනකු වන ඉන්දික ගමගේ සහ ඉසුරු බුද්ධික සිරිනිමල්, නීතීඥ දර්ශන වේරදූවගේ, ග්ලෝබල් ශ්‍රී ලංකා ෆෝරම් ආයතනයේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක නීතීඥ නුවන් බෙල්ලන්තුඩාව යන මහත්වරු මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් ගොනු කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු එච්චර කල් යන්නේ නෑ. විශේෂයෙන්ම අර්ථනිරුපණ (ම)
කඩිනමින් කිවුවේ මාස හයකින්වත් වෙන්න ඇති. දැන් නඩු කල්දාන විදිහට ජීවත්වෙලා ඉන්නකොටවත් තීන්දුවක් දුන්නොත් අපේ මුණුපුරු මිණිපිරියන්ටවත් හොඳ කලදසාවක් යයි. (නි)