තොරතුරු දැනගැනීමේ පනත සංශෝධන සහිතව අද (24) ඒකමතිකව සම්මත විය.
බ්‍රහස්පතින්දාත් සිකුරාදාත් පනත විවාද විය. කාරකසභා අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ හා දිනේෂ් ගුණවර්ධන මහතා සංශෝධනය ඉදිරිපත් කළහ.
රජය එම සංශෝධන පිළිගත්තේය. පනත ඒකමතිකව සම්මත විය.
තොරතුරු පනත සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා බන්ඩාරගම ජන හමුවක් අමතමින් මෙසේ කීවේය.
“අද දවසේ අපේ පාර්ලිමේන්තුව තොරතුරැ දැනගැනීමේ පනත්කෙටුම් පත සම්මත කර ගන්නේ ආන්ඩුවේ අරක්ෂාවට නෙමෙයි පුරවැසියගේ ආරක්ෂාවටයි එනිසා රටේ පුරවැසියෝ රකින පුරවැසියගේ අයිතිය රකින ප්‍රජාතන්ත්‍රවාදී මුල ධර්මය නිවැරදි තොරතුරැ දැඅනගැනීමට ඇති අයිතිය රකින නීතියක් මේක අපි ආඩම්බර වෙනවා”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් වටිනාකම වැඩිවෙන්නේ ජනතාවට අන්තර්ගතය දැනගන්න පුලුවන් නම් (නි)
සැබෑ යහපාලනය! (නි)
පාර්ලිමේතුවේ ඒකමතිකව පනත් සම්මත කරගන්න පුළුවන් වුණේ යහපාලන රජයෙන් විතරයි නේද? (නි)
ඔබතුමාගේ කතාව ඉතාමත් නිවැරදියි. මෙවැනි පනත් තුළින් ලැබෙන නිවැරදි තොරතුරු මඟින් නියම පාලකයෝ පත්කරගන්න ජනතාවට නුවණද ලැබේවා! (නි)
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත සම්මත වුණෙත් සියලු දෙනාම අත උස්සලා තමයි. හැබැයි ප්‍රායෝගිකව කොමිසම දුවන හැටිත්, සමහරු කොමිසමේ කකුලෙන් අදින හැටිත් දකිනකොට අපට හිතෙනවා ඒක පිහිටුවන්න හැබෑ උවමනාවක් කී දෙනෙකුට ඇත්තටම තියෙන්න ඇද්ද කියලා. තොරතුරු පනත ගැනත් මට නම් හිතෙන්නේ එහෙමයි. (නි)