IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


තාරුණ්‍යයට හොඳටම සැලකූ අයවැය මෙයයි

(අංජුල මහික වීරරත්න)

මෙරට තාරුණ්‍ය වෙනුවෙන් වැඩිම මුදල වෙන් කර ඇත්තේ මෙවර අයවැයෙන් බව සමාජවාදී තරුණ සංගමයේ අධ්‍යාපන ලේකම් මහේෂ් අඹේපිටිය මහතා පැවසීය.

මේ වන විට ගැසට් කර ඇති රජයේ රැකියා පුරප්පාඩු 68,000ක් සම්පූර්ණ කිරීම වෙනුවෙන් මේ වන විට අනුමැතිය හිමිව ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.

ජනතා විමුක්ති පෙරමුණ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේ දී පැවැති සමාජවාදී තරුණ සංගමයේ කැදවා  මාධ්‍ය හමුවේ දී අඹේපිටිය මහතා මේ බව කීය.

"ලංකාවේ අයවැය 80ක් ක්‍රියාත්මක වෙලා තිබුණා. ඒ අයවැයවලින් වෙන් වෙලා තිබුණේ ඇති හැකි අය වෙනුවෙන්. මේ රටේ දුප්පත්, පීඩිත ශ්‍රමය වැය කරන ජනතාව වෙනුවෙන් නිර්මාණය කරපු අයවැයක් තමයි මෙවර ඉදිරිපත් කරලා තියෙන්නේ.  ජාතික ජනබලවේගය මොන දිශානතියට ද යන්නේ කියන එක සම්බන්ධයෙන් මූලික ඉගියක් පසුගිය අයවැයේ තිබුණා යනුවෙන්ද අඹේපිටිය මහතා කීය.

සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර ලේකම් අංජන සම්පත් අමරසිංහ,සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජිකා ශානි රත්නායක මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (1)

තාරුණ්‍යයට හොඳටම සැලකූ අයවැය මෙයයි

ගුණරත්න Tuesday, 11 November 2025 09:13 PM

රාජ්‍ය අංශය වැඩි වෙනවා කියන්නේ ප්‍රයෝජනයක් නැති ආදායම් නොලබන කාර්යයන් වෙනුවෙන් වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවමින් නඩත්තු කරන්න වෙනවා කියන එක. ඒ වගේම එකෙන් වෙන්නෙත් පෞද්ගලික අංශයේ රැකියා සඳහා ඇති ආකර්ෂණය අඩු වෙන එක, එක රටට හොඳ නැහැ. ආණ්ඩුව එත් පෞද්ගලික අංශයේ සේවකයන්ගේත් වැටුප් ආණ්ඩුවේ ගිණුමෙන් ගෙවන්න යනවා කියල අහන්න ලැබුනා, ඇත්තටම මුන්ට පිස්සුද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 659 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2331 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1723 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site