(සුමතිපාල දීයගහගේ )
විසි දෙහැවිරිදි තරුණියකගේ නිරුවත් ඡායාරූප මුහුණු පොතට මුදා හරින බවට තර්ජනය කර එම තරුණියගෙන් රුපියල් දස දහසක කප්පමක් ගැනීම සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලිසිය පවසයි.
මෙම තරුණියගේ පෙම්වතාගේ ඥාතියකු ඇයට දුරකථනයෙන් කතා කර තරුණියගේ නිරුවත් ඡායාරූප තමා ළඟ ඇති බවත් එම ඡායාරූප මුහුණු පොතේ පල නොකිරීමට නම් රුපියල් 20,000/- ක් ලබාදෙන ලෙසත් පවසා ඇති සැකකරු මුදල් තැන්පත් කිරිම සඳහා බැංකු ගිණුමක් ද ලබාදී ඇත.
ඒ අනුව රුපියල් 10,000/- බැංකු ගිණුමේ තැන්පත් කළ තරුණිය පසුව මේ පිළිබඳ පොලිසියට පැමිණිලි කර ඇත. ඒ අනුව පරික්ෂණ පැවැත්වූ පොලිසිය මීටියාගොඩ ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනකු සහ අම්බලන්ගොඩ පදිංචි සැකකරුවෙක් ද අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අධිකරණය වෙත අද (14) ඉදිරිපත් කිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදරණිය සොයුරිය, ඔබත්,මමත්, අපත් ඇසුරු කරන, අපට ආසන්නතම සමාජ කවය තුළ උපරිම විශ්වාසය සහිත කි දෙනෙක් මතකයට නඟා ගත හැකිද? ඔබ " කලාතුරකින් එක් කෙනෙක් " කියා හෝ පිළිතුරු දීමට තිබු අවස්ථාව අහිමි කරගෙන ඇත. නැත. පිළිතුර කිසිවෙක් නැත යන්නයි. අප දන්නා අය අතුරින් බහුතරයක් දෙනා 'මුරුගසන් වරුසාවට ' තෙමුණ අයයි. ඔබේ පෞරුෂයේ යම් දුර්වලකම් ඇත. කියවීම, අසා සිටීම සහ වැඩිහිටි අයගේ නො සැලකීම ඊට හේතු විය හැකිය. ඔබ දකින සිහින සැබෑ කර ගැනීමට පෙර මුරුගසන් වැස්සට තෙමුණ මිනිසා හඳුනා ගෙන නැත. ඔබට මුහුණදීමට සිදුවිය හැකි අත්දැකීම් වඩාත් සැලකිල්ලෙන් හඳුනා ගන්න. අප ජීවත්වෙන්නේ කලියුගයේ නොව යුගාන්තයේ අග්ගිස්සේය.