(සමන් පාලිත නානායක්කාර)

හල්දුම්මුල්ල උඩවේරිය වත්තේ ලයිබන් කොටසේ කඳු පාමුල පිහිටි දිය ඇල්ලක් අසල දී  සෙල්ෆියක් ගැනීමට උත්සාහ කළ තරුණයකු එම දිය ඇල්ලෙන් පහළට ඇද වැටී ජීවිතක්ෂයට පත්වී ඇතැයි හල්දුම්මුල්ල පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ වැලිමඩ ගුරුතලාව පදිංචිව සිටි මධුසංඛ සාගර නමැති 24 හැවිරිදි තරුණයෙකි.

මිතුරන් තිදෙනකු සමඟ ඔහු මෙම දිය ඇල්ල නැරඹීමට පැමිණ සිටි අතර තුර මෙම අනතුරට මුහුණ පා තිබේ.

මොහු සෙල්පි රූපයක් ගන්නා අවස්ථාවේදී පය ලිස්සා ඇල්ල පහළට ඇද වැටී ඇති අතර එම ස්ථානයේ සිට මීටර් දෙසීයක් පමණ පහලින් තිබු දිය වළක තිබී සිරුර සොයා ගෙන තිබේ.