එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලය පිළිබඳ පවත්වන තීරණාත්මක සාකච්ඡාව සිකුරාදා පවත්වන බව සජිත් ප්‍රේමදාස මහතා එසැණට පැවසීය. තමාත් කරු ජයසූරිය මහතා හා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මේ සඳහා සහභාගී වන බවත්, සිකුරාදා සවස් වන විට සුබවාදී ප්‍රතිඵලයක් තමාට කිව හැකි බවත් සජිත් ප්‍රෙමදාස මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ නිකන් අපේ කාලේ නාස්ති කරන්න මේගැන නැවත නැවත පුවත් දාන්න එපා. තාම කෝඳුරු තෙල් හත් පට්ටේ එකතු වෙලා නැතිව ඇති.ගෙදර ප්‍රස්නේ විසඳා ගන්න බැරිව රටේ ප්‍රශ්න ගැන කවර කතාද? නිකන් ආණ්ඩුවට මාතෘකා සොයල දෙනවා. (ස)
බාලගිරි දෝෂය අද නොවේ හෙටය් කිව්වලු මොනවද ඔට්ටු රනිල් නායකත්වයෙන් යන්නේ නැහැ. (ස)
වනයේ ජීවත්වෙන අලි ,ඇතුන්ගේත් තියෙනවාලු ගුණධර්ම කියලා දෙයක්.නායකත්වය දරන ඇතා වනයේ ගසක තම දළ දෙකින් ඉතාමත් ඉහළින් ඇනලා තම දක්ෂතාවය අනෙක් ඇතුන්ට පෙන්නුම් කරනවාලු.වෙනත් අයෙකු ඊට ඉහළින් දළ තැබුවා නම් තම පිරිවර අතහැර වෙනත් කැළයක් බලා පා නගනවාලු (නි)
රනිල් දාල යන්නෙත් නැහැ නායකත්වය කොහොමත් . සජිත්ට නායකත්වය ලැබෙන්නෙත් නැහැ කොහොමත් . එජාපයට සේවය කරපු තව සාමාජිකයින් ඉන්නවා සජිත් ට පෙර . සජිත් ඔබ පෝලිමේ එන්න පනින්නේ නැතිව . වෙලාවට ලැබෙන ඒවා ලැබෙයි . ඉවසන්න . ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය කිව්වලු (නදී)
කවුරු ආවත් වැඩක් නැහැ .රටේ කෙරෙන සංවර්ධනය දැක දැක හෙලා දකින විට, මැරුණ කොටින්ට හුළං ගහන විට,රට පාවා දීමට විදේශ සංවිධාන සමග කරයුතු කරන විට, මහ ජනතාව ඉස්සර වගේ මුලා කරන්න අපහසුයි (නි)
ගරු ජනාදිපති මහින්ද රාජපක්ෂට සටනක් දිය හැකි ඒ .ජා.ප මෙකල ජනතා ප්‍රසාද නායකයෙකු වන්නේ රනිල්,කරු,සජීත්,දැනටත් 3දෙනාගෙන් එක්කෙනෙකු නුසුදුසු බව පසුගිය මැතිවරණ ප්‍රකාශ වලින් ජනතාව දැක්කා. එසේනම් අනිත් දෙදෙනාට සටන් බිමට එන්න ලොකු සටනක් ඔවුන් අතරේ තිබීම නිසැකය බස්නාහිර පළාත් සබාවට කරුගේ නායකත්වය ලැබීම ඒ ,ජා පයේ අලුත් බලාපොරොත්තු නංවා ගන්නට පුළුවන්. හැමදේටම සමගිය මුල්තැන වැදගත්ය (නදී)
අපිට ඕනෑ නව කෘත්‍යාධිකාරී මණ්ඩලයක් සමගින් දක්ෂ සංවිධායකයින් මෙන්ම හරිදෙයට සහයෝගය දිය යුතු, වැරදි දේට නිර්භයව විරුද්ධ විය යුතු, ඒ වගේම දුප්පතුන්ට ,තරුණයින්ට,රජයේ සේවකයින් ඇතුළු කම්කරුවන්ගේ දුක හඳුනන නායකයෙකුයි (නි)
අනේ අපේ පක්ෂයට ගිය කල! අපි කොච්චර ආඩම්බරෙන් හිටි මිනිස්සුද? (නි)
එකමුතුවෙන් වැඩ කරන්න (නි)
කොච්චර සාකච්ඡා කළත් ඉතින් වෙනසක් වෙන්නේ නැතිවෙයි. (නි)
මේ තුන්දෙනාම නායකකමට තමයි කැමති. (නි)
දළදා සමිඳු පිහිටෙන් සජිත්, ඔබට නායකත්වය ලැබේවා! (නි)
තණ්හාය ජායති සෝකෝ,..........තුන් දෙනාම සිහි කර ගත යුතුය. (ස)
තුන්දෙනාම නායකයෝ කියලා ඔහොම යමු.තීරණ ගැනීමට 2/3 අනිවාර්ය කරමු. එවිට පහුවදාම දෙන්නෙක් එක්වෙලා අනෙකා ගෙදර යවලා , එම දෙන්නා නායක සහ උප නායක වශයෙන් සමගිව සිටීවි (නි)
ඕකත් හබක්! (ස)