විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරණ භික්ෂූන් වහන්සේලාගේත් පොදු තරුණ භික්ෂූන්ගේත් ගැටළු රජයට ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (02දා) කමිටුවක් පත් කළේය.
ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ මහතාගේ ප්‍රධානත්වයේ මෙම කමිටුව පත්කර තිබේ.
එම කමිටුවට තරුණ භික්ෂූන් වහන්සේලාගේ සහ විශ්වවිද්‍යාල භික්ෂූන් වහන්සේලාගේ ගැටලු ඉදිරිපත් කර සාකච්ඡා කර පසුව රජයට ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භික්ෂුන් වහන්සේලාට ගැටළු තියෙනවද? මං හිතාගෙන හිටියේ, ගැටළු තිබෙන්නේ ගිහි අපිට පමණක් කියා. (බ)
චන්න, කිංස්ලි කාටවත් කඩේ යනවා නෙවෙයි. ඇත්ත කියලා තියෙන්නේ. තිසරණ සරණ යන බව පෙන්වන්න ගියාම වෙන දේවල් ගැන ඔහු කියන්නේ. (බ)
87-89 විසඳපු විදිහටද කරන්න යන්නේ. බුදු අම්මෝ මතක් වෙනකොටත් බයයි. (බ)
මේවට මට හිනා (කෞ)
මෙන්න නායකයෝ! හොඳින් අහන්නකො, ඒ පක්ෂයක් වෙනුවෙන් නොවේ, රට ආගම වෙනුවෙන්. දැන්වත් මේවා ජනතාව තේරුම් ගනිත්වා! (නි)
"තරුණ භික්ෂු" ගැටළු? බොහොම හොඳයි (නි)
ඒ වැඩ පිළිවෙල හොඳයි.(හේ)
සරත් හිනා පෙති කාලා වගේ. කොහොමත් ඔයාලා හැමදේටම හිනාවෙන්න බලාගෙනනේ ඉන්නේ. (ර)
අපේ රටේ මිනිසුන්ට ප්‍රජාතන්ත්‍රවාදය කුමක්ද කියා හරියට තේරෙන්නේ නැහැ. නැතිනම් දේශපාලන පක්ෂ බදාගෙන මෙහෙම දඟලනවාද? (ම)
හොඳ වැඩක්. (ර)
සරත්, ඈයි මොකද ඔයාට හිනා යන්නෙ..? පොඩ්ඩක් පොසිටිව් විදිහට හිතන්න. හෑම දේටම හිනා, අඩන්නෙ නෑතුව. ඔයගොල්ල සමාන අර ලිදේ ඉන්න ගෙම්බන්ට තමයි. (ර)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
අපේ ගැටළු ගැන කවදා බලයිද? (නි)
කියවනවාට වඩා ඔළුවෙන් වැඩකරන හැටි අපේ අගමැතිතුමා දන්නවා (නි)
ජනක එහෙනම් ඔයා ප්‍රතිචාර දාන්න එපා. දාන අයට දාගන්න දෙන්න. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අනිත් අයට භුක්ති විදින්න දෙන්න. ඔයාගේ අයිතීන් භුක්ති විදින්න එපා. (බ)
සමහර දේවල් දැක්කහම අපිට නම් හොඳටම හිනා (නි)
එදා පාර්ලිමේන්තුවේදී අත්පුඩි ගහ ගහ නේද පන්සිල් කිවුවේ අද මොකද වැඳගෙන. (බ)
ඇත්තටම හොඳ දෙයක් (නි)
බොහොම හොඳයි (නි)
මටත් හිනා (බ)
රනිල් පාර්ලිමේන්තුවේ කතාවකදී තුරුණුවන් සරණ යාම පිළිබඳව හා මහින්ද සරණ යාම පිළිබදව කතාවක් කළා. එහෙම නැතුව පාර්ලිමේන්තුවේ කතාවක් මැද තෙරුවන් සරණ ගියේ නැහැ. (ම)
හිනා යන්නේ සතුට නිසා වෙන්න ඇති. මොකද ඉස්සර කට්ටිය අඩල හිටියේ. (බ)
රනිල්ට තරුණ ගැටළු විසදලා හොද පල පුරුද්දක් තියනවා. (ම)
බලමු මේ කොමිටියාවත් සම්ප්‍රදාය වෙනස් කරාවිද කියල, අපේ ප්‍රාර්ථනය එයයි. (බ)
රටේ තියන අන්තිම ප්‍රශ්නයද? (බ)
අනේ සරත් ඕගොල්ලෝ ඔහොම හිනාවෙනවට බෙහෙත් තියෙන්නේ වෙන තැනක (බ)
සතුටුයි. තනි තීරණ එපා. සාකච්ඡාවෙන් ගැටළු විසදමු. (බ)
විමුක්ති මෙයා දෙනවයි කියපු බ්‍රේස්ලට් කවදද දන්නෙ නෑ දෙන්නෙ (බ)
ඔබතුමා බුදුදහම අදහන විදිය අප පසුගිය පාර්ලිමේන්තු සැසිවාරයේදී දැක ගන්නට හැකි වුණා.නමුත් අත්පුඩි ගසමින් තුනුරුවන් වන්දනා කරන්නේ සැබෑ බුදු දහම අදහන එවුන් නොවන බව කරුණාවෙන් සලකන්න.අත් පුඩි ගසමින් අදහන්නේ බිදුණු කතෝලික ආගමක් වන අතර එහි අත් පුඩි ගසමින් කැ ගසන්නේ ආලලුයියා යනුවෙනි .පුරුද්දට ඔබට එසේ වූවාද නොදනෙමි .කෙසේ වෙතත් සැබෑ බුදුදහම අදහන අය තුනුරුවන් වදින්නේ අත්පුඩි ගසමින් නොව දෙඅත් දෝත් මුදුන් තබා ගෙනය.එහෙව් එකේ ඔබ තුමා භික්ෂූ ගැටළු විසදන්නේ කෙස්ද කියා මම නොදනමි (බ)
මේවට ඉතින් අපි වෙන මොනවා කියන්නද? (නි)
අදත් අත්පුඩි ගහලද වැඳලා තියෙන්නේ? (බ)
අපේ රටේ මිනිසුන්ට වැඩ නැහැ. ඕනෑදේටයි එපාදේටයි ඔහේ අදහස් ප්‍රකාශ කරනවා. මේ නිසා තමයි මම කියන්නේ මේ රටට ප්‍රජාතන්ත්‍රවාදය ඕනෑ නැහැ, අඩුම ගණනේ රට සහ රටේ මිනිසුන්ගේ මානසිකත්වය දියුණු වෙනකම් කියලා. ශ්‍රී ලාංකිකයන් ප්‍රජාතන්ත්‍රවාදය විඳීමට මානසිකව සුදුසු නැහැ. (නි)
සමහර තරුණ භික්ෂුන් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙලක් යෙදුවොත් තව ගොඩක් හොඳයි. (බ)
ඇත්තටම සරත් අපේ හාමුදුරුවරු එදා උසාවි භුමියේ සිදුකළ ඒ වැඩමුළුව දැක්කම මටත් හිනාව නවත්ත ගන්න බැහැ. (බ)
කිංග්ස්ලි පෙරේරා මසුරන් කතාව මෙයා දන්න බුද්ධාගමක් නැතිබව අපි දන්නවා (බ)
කිංග්ස්ලී, අනුන්නට කඩේ යන්නේ නැතිව රනිල් ප්‍රශ්න විසදන අපුරුව බලාගෙන ඉන්න (බ)
බුදු දහම නගා සිටුවන්න ඕන. නැත්තම් අන්‍යාගමිකයන් ඉදිරියට එනවා (බ)
මේවා ඔක්කොම ලෝකෙට පේන්න කරන සංදර්ශන. (බ)