ප්‍රබල වේදනා නාශක ඇතුළුව මානසික රෝග සඳහා ලබාදෙන ඖෂධ යොදා සකස් කැර ගන්නා දියරමය ද්‍රව්‍ය පාසල් දරුවන්ට සහ තරුණයන්ට අලෙවි කර මඩි තර කැර ගන්නා ජාවාරම් කල්ලියක් සහ ඔවුන්ගේ නියෝජිතයින් රට පුරා සැරි සරන බව ජාතික විලවුන් උපකරණ හා ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා අනතුරු අඟවයි.
මොවුන් අත්අඩංගුවට ගැනීමේ දීප ව්‍යාප්ත වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කැර ඇති අතර ඒ යටතේ මේ වන විට සියයකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබෙන බවත් වෛද්‍ය බෙනරගම පවසයි.
මෙම ජාවාරම මෙහෙයවුවන් අතර සුදුසුකකම් රහිත වෛද්‍යවරුන් ,ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට සම්බන්ධ වු ඇතැමුන් ඇතැම් ෆාමසිකරුවන් ,ත්‍රිරෝද රථ රියදුරන් යනාදීන් සිටින බවටත් හෙළිදරව් කැරගෙන ඇත.
එම නිසා පාසල් දරුවන් ඇතුළු තරුණයන්ගේ හැසිරීම් සම්බන්ධව විමසිලිමත්ව ක්‍රියා කරමින් මෙම ජාවාරම්කරුවන් හා ඔවුන්ගේ නියෝජිතයින් අත්අඩංගුවට ගැනීමට සහාය වන ලෙස ද වෛද්‍ය බෙනරගම ඉල්ලීමක් කරයි.
බලගතු ඖෂධ වර්ග වලින් හදා ගන්නා මෙම දියර වරක් පානය කළහොත් ඒවා නැතිවම බැරි තත්ත්වයනට පත් විය හැකි බවද දරුවන්ගේ සහ තරුණයින්ගේ අනාගතය සහමුලින්ම කඩාකප්පල් කරවන තත්ත්වයක් මේ නිසා උද්ගත වෙයි.
මෙම දියර බීමෙන් දියවැඩියාව ,අධි රුධිර පීඩනය ඇති වී අස්ථි දිරාපත් වී තවත් භයානක රෝගී තත්ත්ව ඇතිවීමේ ප්‍රවනතාවයන් ද ඇති බව අධ්‍යක්ෂවරයා කියයි.
එම නිසා මෙවන් ජාවාරම්කරුවන් හෝ නියෝජිතයින් හෝ ස්ථාන ගැන දන්නේ නම් 071-7456832 ,2676498, 2698896,2698897 යන දුරකථන අංක වෙතට හෝ 2689704 ෆැක්ස් අංකයටත් එසේත් නොමැති නම් cdda @ health.gov.lk විද්‍යුත් ලිපිනයට ඊ මේල් කරන ලෙස ද වෛද්‍ය බෙනරගම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕව නෙමේ ඔයිට වඩා දේවල් ආවත් කට්ටිය මර නින්දේ නිසා අවුලක් නැහැ.(නදී)
සිංහල ජාතිය විනාශ කිරීමේ තවත් කුමන්ත්‍රණයක්. විකුණන අය වගේම මේවා හදන උනුත් අල්ලලා උල තියන්න ඕනේ.(නදී)
ශ්‍රී ලාංකිකයෝ ගොඩාක් ඉන්න වැලි කතරේ රටක ලංකාවේ කට්ටියක් මේ වගේ කෙමිකල් වර්ගයක් මිශ්‍ර මත්පැන් වගයක් හදලා රහසේ විකුනනවා, ඒගොල්ල වැඩිපුර විකුණන්නේ ලංකාවේ අයටයි . ඒවා තදින් ම බීමට ඇබ්බැහි උන අයත් ඉන්නවා. තදින්ම අධි රුධිර පීඩනය මේ නිසා ඇතිවෙනවා.දන්නා කීප දෙනෙකුටම මම කීවා. එත් නැති ප්‍රසන ඇති වෙන ලකුණු මට පෙනුන නිසා නිහඬව ඉන්නවා. හැබැයි එය ඉතා භයානක දෙයක්. (ස)
මේවා කරන උන් ආයුධ පෙන්වන්න අරන් යන්න ඕන. (ස)
සිංහල නෙමේ මොන ජාතියේ වුනත් ලංකාවේ ළමුන්ට මත් ද්‍රව්‍ය පුරුදු කරවන අය උල තියන්න ඕනේ. මේවා යට යනවා සිකුරුයි. මන්ත්‍රීවරු මේවට සහයෝගය දෙනවා. එයාලට මේකේ පංගුවක් තියෙනවා. එත් දවසක තමාගේ ළමයෙක් ඕවාට ඇබ්බැහි උනාම තේරෙයි කියා මා හිතනවා. (ස)
දැන් මේ මත්ද්‍රව්‍යයට දාන නම මොකද්ද? (නි)
රජින්ද,මෝඩ කතා කියන්න එපා. ඉස්සර තමයි මර නින්දේ හිටියේ. දැන් නැගිටලා නිසා තමයි ගොඩක් දේවල් අහුවෙන්නේ. (නි)