රාජ්‍ය නාට්‍ය උළෙලට කුඩම්මාගේ සැළකිලි දැක්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා කළ ආරාධනයක් ප්‍රතික්ෂේප කිරීමට තරුණ නාට්‍යකරුවන් පිරිසක් කටයුතු කර ඇත.
ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක් කළත් නිලධාරින් හා දේශපාලකයන් විසඳා ගත යුතු ප්‍රශ්නයකට නාට්‍යකරුවන් පටලවාගැනීමෙන් විසඳුමක් නොලැබෙන බැවින් එවැනි සාකච්ඡාවකට සහභාගීවීමෙන් වැළැකී සිටීමට තීරණය කළ බව නාට්‍ය ශිල්පී ජෙහාන් ශ්‍රීකාන්ත් අප්පුහාමි මහතා ‘‘ලංකාදීප“යට පැවැසීය.
පසුගිය වසරවලදී සංස්කෘතික අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ පැවැති රාජ්‍ය නාට්‍ය උළෙල මෙවර අධ්‍යාපනයට අමාත්‍යාංශයට පැවරී තිබිණි.
මේ සම්බන්ධයෙන් නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති කේ.බී.හේරත් මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවැසුවේ රාජ්‍ය නාට්‍ය උළෙල අවප්‍රමාණය කිරීම සම්බන්ධයෙන් නාට්‍යකරුවන් දක්වන විරෝධය සෑම අතින්ම සාධාරණ නමුත් ජනාධිපතිවරයා සිදුවීම සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු විමසීමක් තමාගෙන් නොකළ බවයි.
COMMENTS
නට නට ඉන්නේ නැතුව රටට වැඩක් කරන්න බලන්න (ම)
නියම කොන්ද පණ ඇති තීරණයක්. හැමදාම බොරු සාකච්ඡා විතරයි. වැට් කියයි දොස්තරලා කොන්දොස්තරලා ඔක්කොම එක්ක සාකච්ඡා. කිසිම තීරණයක් ගන්නේ නැහැ. (බ)
වඩේ කැත කරල ඉවරයි දැන් සාකච්ඡා කිරීම ලැජ්ජා සහගත වැඩක්දැ න් තියෙන්නෙ.. .ඔබට සතුටුයිද දැන්?.. කියල අහන්න විතරයි (බ)
බුද්ධිමත් නාට්‍ය කරුවන්ට බොරු සාකච්චා අල්ලන්නේ නැහැ . බොරු බයිලා අහන්න කට්ටිය කැමති නැහැ කියන එක තමයි ඔය කිව්වේ.(ම)
හොඳම හොඳ කොන්ද පණ තියන තීරණයක් මෙහෛම එක්කෙනෙක් දෙන්නෙක් හරි කළොත් තමා මේ රට පොඩ්ඩක්වත් මේ තියන විදියටවත් තියාගන්න පුළුවන්. එයා අමාත්‍යාංශ බෙදල තියන හැටි දැක්කම මේ ටික වෙන බව දැනගන්න ඕනනේ දැන් මොනවත් දන්නේ නෑ වගේ සාකච්ඡා කරන්නේ.(බ)
නියමයි හොඳ තීරණයක් රට නියම තැනට දැන් ඇවිත් තියෙන්නේ ඉස්සර ඔහොම වුනානම් සොරිම තමා ඔය තනතුරෙන් ඇති වැඩක් නැහැ ඉස්සරට වඩා දැන් හොදා. (බ)
අගය කල යුතු තීරණයක්! (ම)
මට නම් හරි සන්තෝෂයි මෙයාලට වුණදේට. පහුගිය කාලේ උඩ පැන්නේ මහා ලොකුවට. (නි)
බය වෙන්න එපා. මොකුත් හිරිහැරයක් වෙන්නේ නැහැ. නමුත් රජ කාලේ නම් හම ගහලා බඩගාගෙන තමයි එක්කගෙන එන්නේ. (නි)
නාට්‍ය උළෙලේදී විරෝධතා දැක්වුයේ මේගොල්ලෝ. එතකොට සාකච්ඡා සඳහා අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ එක පාර්ශවයක් නේද? නිලධාරීන් සහ දේශපාලකයින් විතරක් සාකච්ඡා කරලා පවත්වපු උළෙලක් නිසා නේද එ්ක අසාර්ථක වුණේ. ඉතින් ඇයි ජනාධිපතිතුමා එක්ක මේ ගැන කතා කරන්න බැරි. උද්දච්ච තීරණයක්! (නි)
නාට්‍ය උළෙලට පසුදින පත්තරෙන් කරුණු දැනගත් නිසානේ එන්න කියන්න ඇත්තේ. ඇයි ඉතින් නොයන්නේ? (නි)
එහෙනම් මේකටත් විසඳුම වෙන්නේ පෙළපාලි ගිහින් පාරවල් අවහිර කරමින් පොදුජනයාගේ ජන ජීවිතය අඩාල කිරීමද? (නි)
ඉස්සර කවුදෝ ඇහුවනේ සාහිත්‍ය කන්නද කියලා. දැන් අහන්න තියෙන්නේ මොකක්ද? (නි)
ඔව් ඔව් සාකච්ඡා ඕනෑ නැහැ, කෙළින්ම යන්න උද්ඝෝෂණ වලට. ඒක තමයි රටේ නවීනතම සම්ප්‍රදාය. එහෙම තමයි ප්‍රශ්න විසඳන නූතන ක්‍රමවේදය. (නි)
ඔබට සතුටුයිද දැන්? (නි)
නාට්‍යකරුවන් ජනපතිට සළකන විදිය මං අනුමත කරන්නේ නැහැ. රජය කලාකරුවන්ට සළකන විදියත් අනුමත කරන්න බැහැ. මුළු රටම මන්දගාමී වෙලා. රාජපක්ෂ හිටපු ජනපතිතුමා පාලනය කළෙත් මේ රටමද? (නි)