විශ්ව විද්‍යාල අධ්‍යාපන හා රාජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරූ මහතා අද (11) පෙරවරුවේ එම අමාත්‍යාංශයේ දී සියලු ආගමික පුජකයන්ගේ ආශිර්වාද හමුවේ වැඩ බාර ගත්තේය.
තරුණයන්ගේ ජිවිත ආලෝකවත් කිරිමටත් , ඔවුන්ගේ හැගිම් තේරුම් ගැනිමටත් ඔවුන් සමඟ එකට වැඩ කරන්නට පුළුවන් බව ඇමැති ප්‍රකාශ කළේය.
ලංකාව ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල 2000 අතරට රැගෙන ඒමට කටයුතු කරන බව ද විශ්ව විද්‍යාල අධ්‍යාපනය හා රැකියා වෙළඳ පොළට උචිත පරිසරයක් සාදන බව ග්‍රේරූ මහතා පැවසුවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු උගතෙකි.... "උගතමනා ශිල්පයමයි මතු රැකෙනා" කියන දෙය මෙතුමා ක්‍රියාවෙන් පෙන්වා ඇත.. මේ වන විටත් දුප්පත් ලමයි සෑහෙන පිරිසකගෙ ඇස් පාදා ඇත තම පුද්ගලික මුදලින්ම... "එහි රසය දන්නෝ රස අවංකවම බෙදා දෙත්" ග්‍රේරූ මහතා එවැනි ගුරුවරයෙකි! (අ)
ඔව් ඔව් හරි උගතා ජාත්‍යාන්තර ඉස්කෝල එහෙම අයිති කාරයෙක්. ඒවායේ නිකම් තමයි උගන්වන්නේ (අ)
එයාගේ උගත්කම මනින්න මෙතරම් ඉක්මනට අමාරුයි ටිකක් බලාගෙන ඉදිමු (අ)
ෆොන්සේකා මහත්තයො ඔබම කියනවා ග්‍රේරූ මහතා උගතා ජාත්‍යාන්තර ඉස්කෝල එහෙම අයිති කාරයෙක් කියලා. ඒක වෙන්න පුලුවනි. නමුත් එයින් වෙන සෙත බලන්න. ඒක කොතරම් ප්‍රචලිතද ලංකාවේ. ඒක ග්‍රේරූ මහතා ක්‍රියාවෙන්ම පෙන්වූ දෙයකි ඒව ජාත්‍යාන්තරයට යනතෙක්. මේ ලියන මගේ ලොකුම අයිය ඉගෙන ගත්තේ භෞතික විද්‍යාව ග්‍රේරූ මහතාගෙ වැල්ලවත්තෙ තිබුණු ලමයි 400 ක් විතර ඉන්න පුද්ගලික පංතියකට ගිහිල්ලා. මගේ අයියට ගෙවන්න සල්ලි නෑ කීවම ග්‍රේරූ තුමා නොමිලයේ උගන්වල තියෙනව තව ලමයි 100 කටත් එක්ක.. එතකොට ග්‍රේරූ තුමා කටුබැද්ද කැම්පස් තෙවැනි වසර උපාධිය කරනවා. මම මේ කියන්නේ වසර 35 ඉස්සර දෙයක්. එතුමාගෙන් එදා උගත් මගේ අයිය හා 30 කට වැඩි යාලුවො අද රැකියාව කරන්නෙ ඇමරිකාවේ. (නදී)
ග්‍රේරු භෞතික විද්‍යා ගුරුවරරයෙක්. දුප්පත් ළමයින්ට නොමිලේ ටියුෂන් දුන්නා. සල්ලි තිබුණත් ඔහු නීතිගරුක කෙනෙක් (නි)
මේ මොනවද කියන්නේ ? (නදී)
මෙතුමාට එ්ක කරන්න පුළුවන් වෙයි (නදී)
නාරද ඒ කියන්නේ මහින්ද සුළගින්ඇවිල්ලා තමා (අ)
අබියෝග රැසක් තිබෙන අමාත්‍යංශයක්. රාජතාන්ත්‍රික ලෙස ප්‍රසන විසදා ගත්තොත් වැඩ කර පෙන්විය හැකිය.(අ)
ආචාරවරු පාරට දමන වැඩ වෙන්න ඉඩ තියන්න එපා. (අ)
ඔබට එය කලහැකියි. ඒ වෙනුවෙන් අපගේ සතුට! (අ)
දරුවෙකු බාර දිය යුත්තේ,ඒ දරුවා සුරැකිව රැක බලාගත හැකි සුධීමතෙකුටයි,වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම,ඒ ඔබතුමායි! (අ)