තරුණ කණ්ඩායම් හිටපු ජනපති මහින්ද රාජක්ෂ මහතා පරාජය කිරීමට ඡන්දය ලබාදුන්නේ 88, 89 කාලයේ මෙරට සිදුවූ භීෂණ පිළිබඳ තිබූ නොදැනුවත්කම නිසා යැයි සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහ මහතා කොළඹ ජාතික පුස්තකාලයේ අද (3) පැවති කලාකරුවන්ගේ හමුවකදී පැවසීය.
එම ඉතිහාසය හොඳින් විමසීමෙන් පසුව මෙවර මැතිවරණයේදී නිවැරදි තීන්දු ගැනීමට කටයුතු කරන්නැයි මෙරට තරුණ කණ්ඩායම් වලින් මෙන්ම සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින බවද වීරසිංහ මහතා කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරුණ අපි දන්නේ නැහැ. වැඩිහිටි අය තමයි දන්නේ (නි)
අද කාලේ තරුණ පරපුර වැඩිහිටියන්ට කන්දෙන්නේ බොහොම අඩුවෙන් (නි)
කතාව ඇත්ත.... (නි)
තරුණ අයඡන්දය දුන්නේ හොඳින් දැනුවත්ව. මොකද වෙන්න යන්නේ කියලා. අධිකරණයට, එතකොට අනෙක් අදහස් වලට තියෙන තැන, චණ්ඩිකමින් කරන පාලනය ගැන අසතුටු නිසා. අනෙක් අයටත් වෙන්නේ ඒකම තමයි. මේකයි ප්‍රජාතන්ත්‍රවාදයේ හරය. තරුණ අයට වැඩිහිටියන්ට උපදෙස් දෙන්න වෙලා! (නි)
සත්‍යයේ හඬ කුඩු ගැන හඬ නොනගන්නේ ඇයි? (ම)
තරුණ පරපුරේ ඡන්ද නිසයි ගියවර ඡන්ද ප්‍රතිඵල බොහෝ වෙනසක් ගත්තේ (නි)
වර්තමානයේ විධායක ජනාධිපති වුණත් විවේචනය කරන්න පුළුවන්.සුදු වෑන් එන්නේ නැහැ.තරුණ තරුණියන් අගය කරන්නේ නිදහසයි (නි)
ඔබතුමා සමඟ මමත් එකඟයි (නි)
ඔබ මේ රටේ වස්තුවකි. ඔබට මේ රට වස්තුවකි. එය රැකගනිමු. මහින්ද අගමැති කරමු. (නි)
දැන් නම් බය නැතුව නිදාගන්න පුලවන් මහතයෝ මොකද සුදු වැන් එන්න නැනේ (ම)
අද කාලේ තරුණයෝ රැවටෙන්නේ නැහැ. මේ රටේ පසුගිය වසර 9 තිස්සේ තිබුන විනාශකාරී දේවල් , මිනීමැරුම්, ස්ත්‍රී දුෂණ, මත් උවදුර , රටේ නීතියක් නැතිකම වගේ දේවල් නිසා තමයි අපි මහරජුට විරුද්ධව ඡන්දය දුන්නේ. අපිට පක්ෂ පාට වැඩක් නැහැ.අපිට ඕනෑ මේ රටේ නිදහසේ ජීවත්වෙන්න. (නි)
දැන් කාලේ තරුණ තරුණියෝ ගොඩක් උගත් බුද්දිමත් , එහෙම ලෙහෙසියෙන් රවටන්න කොහොමද ,(ම)
තරුණ කොටස් මැරිලා ඉපදුනේ නැහැ. අපිට හොඳට මතකයි පහුගිය අවරුදු 10 සරසවි කොල්ලො කෙල්ලන්ට සළකපු හැටි. වතුර ඉල්ලපු මිනිසුන්ට වතුර දීපු හැටි. (නි)
නමුත් මහින්ද යුගයේත් අතුරුදහන්වීම් නොතිබුණා කියන්න බැහැනේ (නි)
88- 89 වගේ මහා භීෂණයක් නොතිබුණාට මේ සමාජයෙ ජීවත්වුණ අහිංසකයින් කොපමණ අතුරුදහන් වුණාද? ඒ මිනිස් ජීවිත වලට කවුද වගකියන්නෙ? අපි සාමාන්‍ය මිනිස්සු පැත්තක තියන්න. මන්ත්‍රීවරු ඇමතිවරුනුත් බයේ ජීවත්වුණ යුගයක් ආයේ මොනවට ගේන්නද? (නි)
ඔබට ජයවේවා! කතාව ඇත්ත (නි)
ඒක ඇත්ත. තරුණ ළමයි දේශපාලනයේ රස දන්නේ නැහැ. (නි)
පසුගිය අවරුදු 10 යට වැය ශීර්ෂය පමණක් රුපියල් කෝටි 10,497 ක් දක්වා වැඩි කර ගත්තා. එහෙව් පාලකයෙක් තව අවරුදු 2 කක් හිටියා නම් අපේ රට ඉතියෝපියාවක්,සෝමාලියාවක් , උගන්ඩාවක්, ස්වාසි ලන්තයක් කරලා තමයි පස්ස බලන්නේ. (නදී)
88 89 හොඳ නැති නිසා ඒ ආණ්ඩුව 94 දී ගෙදර යැව්වා. 2005 ආණ්ඩුව හොඳ නැති නිසා එකත් අපි ගෙදර යැව්වා. රට එකට කියල සාක්කුව එකට ආව එක තමයි උන හෙනේ. (නදී)
මහත්තයෝ, අපි ඔබතුමාට ආදරෙයි. නමුත් මෙහෙම කතා කියන්න එපා. (නි)
මමත් හිතනවා මෙතුමා කියන දේ හරි කියලා (නි)
තරුණ අය මහින්ද රාජපක්ෂව ගෙදර ඇරියේ ප්‍රජාත්‍රන්තවාදය ගැන අවබෝධයක් තිබෙන නිසා (නදී)
අපි නම් හිතන්නේ තරුණ අය මහින්ද රාජපක්ෂව ගෙදර ඇරියේ ප්‍රජාත්‍රන්තවාදය ගැන අවබෝධයක් තිබෙන නිසා කියලයි. බලය අනිලෙස භාවිතා කරනකොට කාටත් ඉදිරියේදී ඔයටිකම වෙයි. (නි)
මේවා ලියන තරුණයි කියන දු පුතුන්ටයි. අපේ දෙමව්පියන් කළ වැරදි වැඩ වලට දුක් වින්දේ අපි. අද ඔබ බඩ කට ගැන සිතා වැඩ කළොත් එය මෝඩ ක්‍රියාවක් (නදී)
නමුත් අපේ තරුණ පරපුර පරාර්ථකාමී බවයි අපේ හැඟීම (නි)
ඒත් මම නම් හිතන විදිහට තරුණයන් දැනගෙනමයි දුෂිත මැර පාලනය පරාජය කළේ. (නි)
බලමු මේ සැරේ තරුණයෝ කොහොමද ඡන්දය දෙන්නේ කියලා (නි)
මම නම් කියන්නේ අද තරුණ පරපුර හොඳින් දැනුවත් කියලයි (නි)
එහෙමනම් ජේ.වී. පී එකට මේ මැතිවරණයේදී ඡන්දය අඩුවෙයි. 2005 ජේ.වී. පී. එක මහින්ද සමඟ නොවේද හිටියේ. (නි)
තරුණයින්ට හොඳ දැනුමක් තිබුණ නිසා තමයි එහෙම කළේ. තරුණයින්ට නොදැක්ක අතීතයට වඩා, දන්නා වර්තමානය දිහා බලලා තීරණයක් ගන්න වුණා (නි)
අද කාලේ තරුණයෝ රැවටෙන්නේ නැහැ. (නි)
ඔබගේ කතාව මට නම් ඉතාම කණගාටුදායකයි. (නි)
රෝහණ මහත්තයෝ, ඔබතුමාලවත් තවම අපේ රටට වෙලා තිබෙන දේ දන්නේ නැති වග මට තේරෙනවා. කඩේ නම් යන්න එපා. මේ රට මතු පරපුරට බාරදෙන්නම වෙනවා (නි)
මහත්තයෝ, මුළු රටම දන්නා එහෙත් ඔයාලා විතරක් නොදන්නා පසුගිය කාලේ සිදුවූ දුෂණ සහ මහා පරිමාණයේ වංචා ආයෙත් කරන්න මේ රටේ තරුණ පරපුර ඉඩදෙන්නේ නැහැ. (නි)
තරුණයින් ඒ තීරණය ගත්තේ හොඳට හිතලා බලලා (නි)
රෝහණ වීරසිංහ, ඔබ අසහාය කලාකරුවෙකි. කලාවට දේශපාලනයක් නොමැත. (නි)
ඔබගේ කතාව මට නම් ඉතාම අගය කරනවා. බොහොම ස්තුතියි! (නි)
රෝහණ වීරසිංහ කියන්නේ මහින්දගේ හිටිය උපදේශක කෙනෙක් එයා මොන උපදේශකද කියල අපි දන්නේ නැහැ මොකද හිටියනේ උපදේශකළා 200 විතර. (නදී)
මෙයාගේ හොඳම යාළුවා ලක්ෂ්මන් විජේසේකර. එයාට ගහපු අයට කඩේ යනවා (නදී)
තරුණයන්ට ආදරේ නිසා වෙන්න ඇති මතට තිත ගෙනත් ඇතුළෙම අය ගෙන්වීම බෙදා හැරීම කළේ. මෙතුමා කඩේ යන්න ඕනා කෙනෙක් නෙමෙයි නන්දා මාලනිය වගේ ගෞරවාන්විතව ඉන්න ඕනා කෙනෙක්. මට පේන්නේ මෙතුමා තමයි රැවටිලා තියෙන්නේ.(නදී)
88-89 කාලේදී විරුද්ධ පාක්ෂි කයින්ව දඩයම් කරපු රජයේ උදවිය ගොඩක් දැන් මහින්ද මහත්තයත් එක්කනේ ඉන්නේ.(නදී)
ඔවුහු නොදන්නා අතීතයේ සිදුවූ දෙයට වැඩිය දන්නා වර්තමානයේ සිදුවු අකටයුතුකමට එරෙහි වුහ. මහින්ද විදායක ජනාදිපති අගමැති වී සිට 87 89, බටලන්ද සිදුවීම් වලට වග කිව යුතුය. සොයා දඩුවම් නොකළේ මන්ද යැයි ඔබ මහින්දගෙන් විමසිය යුතුය. එසේ නොකළේ මන්ද? (නදී)
මෝඩ කතා කියන්න එපා මහත්තයෝ. ජනාධිපති ඡන්දේ තිබ්බෙ මහින්ද සහ මෛත්‍රීපාල අතර. ඒකට 88-89 කෝලාහල සම්බන්ද වෙන්නෙ කොහොමද? මෛත්‍රීපාල කියන්නෙ මහින්දට වඩා සිය දහස් ගුනයකින් හොඳ මනුස්සයෙක්. මහින්ද වගෙ තමන්ගෙ පවුලේ අයට රටම ලියලා දිලා නැහැ. ඒකයි මිනිස්සු මෛත්‍රීපාල මැතිතුමාට ඡන්දෙ දුන්නෙ. දැන්වත් මිනිස්සු අන්දවන එක නතර කරන්න.(නදී)
ජේවීපී එක 88-89 කළ දේවල් වැරදි බව පිළිඅරගෙන විතරක් නෙමෙයි, දැන් තනිකරම වෙන මාර්ගයක යන්නෙ. නමුත් මහින්ද සහ ඔහුගේ ගොලයින් කළ හොරකම් මැරකම් කිසිම තැනක පිළිගෙන නැහැ. ඒ කියන්නෙ ආයෙත් ආවත් ඒවාම තමයි කරන්නෙ. ඒකයි මිනිස්සු 88-89 දේවල් අමතක කරන්නයි මහින්ද කළ හොර වැඩ මැර වැඩ අමතක නොකරන්නයි හේතුව. (නි)
ඔන්න කලාකරුවන් ආයෙත් මහින්දගේ පැත්ත අරගෙන. අතීතයේ සිදුවීම් මත්තේ නැහිලා වැඩක් නැහැ, අනාගතයට වැඩදායක වෙන දෙයක් බලනවා මිසක්. එහෙම නැත්නම් අපි හැමදාම එකතැන. (නි)
දන්නා සංගීතය කරගෙන හිටියා නම් හොඳයි නේද? එක එක අයට කඩේ යන්නේ නැතුව. අපිව අන්දන්න එපා (නදී)
තරුණ අයගේ නොදැනුවත්කම කෙසේ වෙතත් ඔබතුමාගේ නොදැනුවත්කම ගැන මිට වැඩ වගකීමෙන් බැලුවනම් තමයි හොද මහත්තයෝ (ම)
ත්‍රස්තවාදය නැතිකළ එක අපේ තරුණයින්ට හොඳට මතකයි. එ්ත් ඒ ගෞවරවය හොරකම් කරන්න දුන් ලයිසන් එකක් නෙමෙයි (නි)
දැන් ඕවා කිවුවා කියලා වැඩක් නැහැ (නි)
ප්‍රතිචාර දාල තියෙන හෑටියට වෑඩි හරියක් මහින්ද විරොදියෝ. බලමුකො මෙයාල කියන හටියට මේ රජය රට කරයිද කියලා. (නදී)
කවුරුත් ආදරය කරන සංගීතඥයෙක්. මොනවට දේශපාලනය කරලා තමන්ගේ ගරුත්වය නැති කර ගන්නවද මන්ද. (නදී)
මට මේ ප්‍රකාශය ගැන ලැජ්ජයි (නි)
දැන් එහෙනම් මේ මැතිවරණයේදී බලමුකෝ (නි)
අපි මේ ගමනත් බලමුකෝ (නි)
දැන් අපේ රටේ ඉන්න තරුණ පරපුර රවටන්න ඔය වගේ කතා වලින් පුළුවන් කියආ හිතනවා නම් ඒක තමුන්නාස්සේලාගේ නොදැනුවත්කම. තරුණ පරපුර නොදැනුවත්කමට මහින්ද පැරැද්දුවා කියලා තරුණ පරපුරට නින්දා කරන්න එපා. දැන් ඉන්න තරුණ පරපුර ඉතා බුද්ධිමත්. ඒ වගේම නිවහල්ව ජීවත්වෙන්න කැමතියි. ජනවාරි 08 වෙනිදා මහින්ද පැරැද්දුවේ එයාගේ ක්‍රියාකලාපය වැඩිහිටි පරපුර වගේම තරුණ පරපුරත් ප්‍රතික්ෂේප කළ නිසයි. අගෝස්තු 17 වෙනිදට වෙන්නෙත් ඒකමයි. (නි)
ඔබලාට ජයවේවො! සත්‍ය ජය ගන්නවා (නදී)
සහතික ඇත්ත. (නි)
රටේ වැඩිහිටි ජනගහණය වැඩිවෙනවිට වැඩිහිටියන් ඔවුන්ගේ කාලයට තරුණයින් රැගෙන යාමට උත්සාහ කිරීම සාධාරණයි. ඒ වුණත් තරුණයින් මහින්දව පරාජය කළේ අතීතයේ එක පැතිකඩක් පමණක් අමතක කරලා කියලා හිතුවොත් ඒක තරුණයන්ට කරන අසාධාරණයක්. තහංචි මැද යථාර්ථය හෙළිකිරීමට අපොහොසත්වූ කලාකරුවන්ට වඩා තහංචි මැද යම් පමණකට හෝ තොරතුරු හෙලිකළ මාධ්‍ය කෙරෙහි තරුණ පරපුර විශ්වාසය තැබූ බව තමයි මට නම් හැඟෙන්නේ. (නි)
නොදන්නා දේශපාලනය ගැන කතා නොකර දන්නා සංගීතය ගැන කතාකරන්න (නදී)
ඔයාලා සද්දේ වහලා හිටියොත් අපිට මේ රට හදාගන්න පුළුවන් (ම)
කකුල් දෙක වතුර බාල්දියේ දාගෙන පාඩම් කරලා විශ්වවිද්‍යාලයට සමත් වුන අපේ දරුවන්ට හමුදා පුහුණුව දීල, දුවන්න කියල කියද්දී දුවන්නත්, වැදපිය කියද්දී වදින්නත්, දේශපලකයෝ ඉදිරියේ කානු පල්ලේ වැටිලා සලියුට් ගහන්න උගන්වපු කාලේදී ඔහේ කොහෙද හිටියේ ? (නදී)
සත්‍යගේ හඬ අසත්‍ය නාදය පතුරවයි (නදී)
ඔබ කියන කතාව හරි. දැන් මේ අය කතා කරන නිදහස, සාමය පටන් ගත්තේ යුද්දේ ඉවර කරපු දවසේ ඉඳල කියල දැන් අමතක වෙලා (නදී)
තරුණයින්ගේ උගත් කම නුඹ වගේ අයෙක් කොහොමද තීරණය කරන්නේ. (නදී)
මෙයා මහින්ද දිනවන්න උත්සහ කරන්නේ රටේ සිදු උන හොරකම් ගැන දන්නේ නැතුව (නදී)
ඒ කතාව නම් සම්පූර්ණ ඇත්ත. එතුමා වටේ සිටි අය කළ වැඩ ගැන හරියටම දැනගෙන හිටියා නම් ඡන්ද ලක්ෂ 20ක්වත් ලැබෙන්නේ නැහැ (නි)
හිතුවද ඒවා ගැන අපි අහලා තිබුණේම නැහැ කියලා.අවස්ථාවට අනුව මහින්දව පැරැද්දුවා ඇරෙන්න වෙන දෙයක් ඔතන නැහැ (නි)
මහත්තයෝ, එච්චර ඈතට යන්න කලින් තජුඩීන් ඝාතනය මතක් කරගනී අලුත් පරපුර. (නි)
මහින්දව හොඳට දැනගෙන තමයි පරාද කළේ. ආයෙත් එන්න හිත්නන එපා. මොකද මහින්දට එන්න බැහැ (නි)
අපි තරුණයන් විදිහට කැමති ඉස්සරහට යන්න මිසක් පස්සට යන්න නෙවයි.. අපි ඉතිහාසය දන්නවා.. ඔබතුමාට මටක් කරලා දෙන්නම් 71 දීත් කෝලාහලයක් තිබුණු බව.. ඔබතුමාලගේ ළමයි වෙන රටවල් වල ඉදන් ඉගෙන ගන්නවා ඇති එත් අපි තවම ලංකාවේ ඉන්න මහත්තයෝ..(ම)
71 උන දේවල් එයාල දන්නෙත් නැහැ. අතීතය හොයා හොයා අවුස්සලා මිනිස්සුන්ගේ මනස අවුල් කරන්න එපා. සංගීතය ඔබට කැපයි. දේශාලනය ඔබ වැනි කලාකරුවන්ට ගැලපෙන්නේන නැහැ. භීෂණය දකුණේ වගේම උතුරේත් තිබුනා. උතුරේ වගේම දකුණේත් තිබුනේ ත්‍රස්තවාදයක්. (නදී)
අවුරුදු 20 ක් හිටියහම හොඳටම ඇති. වෙනත් නායකයෙකුට රට බාරදෙන්න ඕනෑ. (නි)
අසරණ දරුවන්ට කන්න අඳින්න දෙන්න මුදල් නැතිව ගඟට මුහුදට දරුවන් සමගම පැනල ජීවිතය විනාශ කර ගන්න රටේ සමහරුන්ගේ වියදම පමණක් අවරුද්දකට රුපියල් කෝටි 10,497 ක් දක්වා වැඩි කර ගත්තා. මෛත්‍රී යුගයෙන් නැවත රුපියල් කෝටි 256 දක්වා අඩු කරලයි තියෙන්නේ. (නදී)
88 89 මතක් වෙන අයට 71 2014/13/12 10 අමතක ඇයි ? (නදී)
මම අලුත් ජන්දයක්. මම ගිය පාර මහින්දට ජන්දය දුන්නේ නොදැනුවත්කමට. දැන් දැන්නේ තොරතුරු එළිවෙන්නේ. (ම)
ඔබගේ විචාරය නිවරදියි (නදී)
බැරක් ඔබාමා තනතුරින් ගියා ගෞරවාන්විතව. ඇයි මේ ඔයාලා මහින්දවම ඉල්ලන්නේ. රටේ අළුත් නායකයින් බිහි විය යුතුයි. (නදී)
ඒකාධිපතියාගේ කකුල් ලෙව කනවට වඩා හොදයි මහත්තයෝ කන්න අදින්න නැතිනම් පත්තර කොලයක් එලාගෙන හිඟා කන්න. ඒක නම්බුවක්. (නදී)
මාස්ටර්ගේ සර්පිනාව මියෝ කාලද කොහෙද ? දැන් ඉන්න කොල්ලන්ට ඔය පරණ තැටි හරියන්නේ නැහැ , අපේ කලේ තමා කැපුවත් කොළ , කැපුවත් නිල කියකිය පිල් බෙදිලා ඡන්දෙ දුන්නේ , දැන් ඉන්න කොල්ලෝ එක්ක ඕව හරියන්නේ නැහැ , මහින්දගේ මැතිවරණ පොරොන්දු ඉටුනොකිරිම , ඒකාධිපතිවාදී පවුල් පාලනය හරි ගියේ නැති නිසා ඔහුව ගෙදර ඇරියා , වැඩිම වුනොත් තව අවරුදු 5 යහපලානේ කට්ටියටත් දේවි ඒගොල්ලොත් හරියට නොකළොත් ගෙදර යවාවි,ලෝකයේ දියුණු රටවල වගේ ඉදිරියට ලංකාවේ දේශපාලනය අන්තර්ජාලය හරහා සිදුවේවි , ජනතාවට බොරු පොරොන්දු දෙන මැර දේශපාලකයෝ ප්‍රතික්ෂේප වේවි , හරියට අර මාස්ටර්ලගේ පරණ තැටි වගේ (බ)
තරුණ පරපුර බුද්ධිමත්, දුෂණයට, හොරකමට, මැරකම්වලට, පවුල් වාසයට විරුද්ධ. සුදුසුකම් නැතිව ආරක්ෂක අංශය ඉහල නිලයක් ලබා දීමට විරුද්ධවයි තරුණයා ජන්දෙ දුන්නේ.(ම)
කතාව ඇත්ත මහත්තයෝ, තරුණ ළමයින්ව ෆේස් බුක් වැනි සමාජ මාද්‍ය හරහා නොමග යැව්වා, මේ ළමයින්ට මීට වඩා විචාර බුද්ධිය තිබිය යුතුයි (නදී)
තරුණයන් මහින්ද පරාජය කලේ එවැනි භීෂනයක් නැවත ඇති නොවන්න තමයි (නදී)
රෝහණ මහත්තයෝ, මමත් 2015 ජනවාරි 8 මහින්ද මහතාට කුළුඳුලේ ඡන්දය දුන් අලුත් ඡන්දදායකයෙක්. ජනවාරි 8 වෙනිදායින් පස්සේ තමයි අපි අපේ නොදැනුවත්කමත් අපි ඡන්දේ දීපු කෙනාගේ නොම්මරේත් හරියට තේරුම් ගත්තේ. දැන් අපිට පිස්සු නැහැ. (නි)
තරුණ අය කියන්නේ රටේ ඉදිරි අනාගතය (නි)
කීයක් හම්බ උනාද මේකට ? (නදී)
තමුන්නාන්සේ දේශපාලනේට යන්නේ නැතිව තාම්පුරාව අරගෙන රාගයක් දෙකක් හරියට ගායනා කලොත් නරකද? හොරුන්ට කහින්න අය ඕන තරං ඉන්නවා. (නදී)
ඔබගේ පුතා පසුගිය වසර 10 තුල සිටියේ ලංකාවේද නැත්නම් ඔස්ට්‍රලියාවේද ? (නදී)
අනේ බුදු සර්, ඔය වගේ කතා කියල මහජනතාව ගොනාට අන්දන්න එපා. භීෂනය, ත්‍රස්තවාදය නැති කරපු එක අපේ තරුණයින්ට හොඳට මතකයි. එ්ත් ඒ ගෞවරවය හොරකම් කරන්න දුන්න ලයිසන් එකක් නෙමෙයි නේ. (නදී)
ඇයි ඔහොම කියන්නේ ? (නදී)
ජනතාවට හිතන්න පුලුවන් ඵකම පකෂය ජවිපේ විතරයි. බුද්ධිමත් ජනතාවට ඵය අමුතුවෙන් කිවයුතු නැත (නදී)
මේ පාර තරුණ අය කාගේ පැත්ත ගනීද බලමුකෝ (නි)
ජනතාව ගැන හිතන්න පුලුවන් ඵකම පක්ෂය ජවිපේ විතරයි. බුද්ධිමත් ජනතාවට ඵය අමුතුවෙන් කිවයුතු නැත (නි)
සහතික ඇත්ත මහත්තයෝ ඔබ කිව්වේ. මේ පාර තරුණ අය ඒ වැරැද්ද හදාගනීවි (නි)
මහින්ද ගැන විවේචන අපිටත් තිබෙනවා. නමුත්, මේ වෙලාවේ රටට ඔහුව අවශ්‍යයි. අපිට මතකයි 88/89 භීෂණය. අවුරුදු 30 යුද්ධය. සාපේක්ෂව රට ගැන හිතන නායකයා මහින්ද. ගසාකන්න හරි අපිට කියලා රටක් ඉතුරු වෙන්න ඕනෑ. (නි)
88, 89 ගැන නොදන්නවා උනාට පහු ගිය අවුරුදු 10 ගැන දන්නවනේ මහත්තයෝ (නදී)
සංගීතඥයෙකු හැටියට මගේ තරමක කැමත්තක් රෝහණ වීරසිංහ මහත්තයාට තිබුනත් මහින්ද රාජපක්ෂලාගේ දේශපාලනය ගැන තරුණ අපිට කියලා දෙන්න යාම ගැන ඇතිවන්නේ ලොකු අප්‍රසාදයකුයි. (නි)
දැන් ඉන්න තරුණ අය හිතන්නේ අලුත් විදිහට (නි)
මම නම් හිතන්නේ සමහරු මහින්දට ඡන්දෙ දැම්මේ මෝඩකමට කියලයි (නි)
ආදරණීය රෝහණ, තරුණ අපි මහින්ද පරාජය කළේ නොදැනුවත්කමට නෙමෙයි. පුද්ගලයා හා ඔහු නායකත්වය දුන් රෙජීමයේ ස්වභාවය ගැන හොඳට දැනුවත්ව උන් නිසයි. අගෝස්තු 18 කළයුතු දේ ගැනත් අපි හොඳින් දැනුවත්ව තමයි ඉන්නේ. (නි)
කඩේ යනවා කියල ඔහොම යන්න එපා. යුද්දේ ඉවරකළ ා එකට ගරු කරනවා. 2010 එතුමා ගෙදර ගියානම් අදත් මිනිස්සු වදින කෙනෙක්. (නදී)
මහින්ද පැරදුනේ එයාගේ වරදින්. මේ පාරත් පරදින්න පුළුවන්. ඒකත් එයාගේ වරදින්. මොකද අද වටේට ඉන්න අය ගැන අපේ පැහැදීමක් නැහැ (නි)
ඔබතුමා ඔයකතා කරන්නේ හදවතට එකඟවමද? (නි)
අනේ අපි නම් නැහැ ඕවට (නි)
ඉස්සර හොඳ පුද්ගලයෙක්. එ්ත් දැන් ජැක්සන් වගේ කඩේ යන්න පටන් අරන් (නදී)
88-89 කාලේ ගැන කතාකරනවා නම් මහින්ද පාර්ලිමේන්තුවේ හිටපු 70-77 "අඳුරු යුගය" ගැනත් කතාකරන්න. අපි තරුණ වුණාට 88-89, 70-77 නොහිටියාට පොත්පත් කියවලා ලංකාවේ ඉතිහාසේ ගැන බොහෝ දේවල් දන්නවා රෝහණ මහත්තයෝ. (නි)
රටට හිතැති,නිවහල් භූමියකට හිතැති, සුරක්ෂිත අනාගතයකට හිතැති මිනිසුන් මහින්ද සමඟයි (නි)
හරියට හරි ..... (නි)
මෙරට තරුණයන් මෑතක සිට පුරුදුවී ඇත්තේ ගොසිප් වල තිබෙන අවලාද කියවීමටයි. ඒවා සංවිධානාත්මක ලෙස කෙරෙන බවක් පෙනෙන්නට තිබේ. එමෙන්ම ඔවුනට කිසිම මතවාදී පසුබිමක් හෝ ඓතිහාසික පසුබිමක් දෙන්නට සන්ධාන හිතවාදී විද්වතුන් හෝ පළපුරුදු දේශපාලකයන් මෙතෙක් ක්‍රියානොකිරීම බලවත් පාඩුවකි. (නි)
මොනවද මේ කියන්නේ? ජනවාරි 8 වෙනතුරු ලංකාවේ පාතාලයක් තිබුනේම නැද්ද? (නි)
මහත්තයෝ, අපි අපේ ඡන්දය ගාණට දෙන්නම්. (නි)
මෙහෙම කියන්නේ හොඳින් දැනුවත්වද? (නි)
නොදැනුවත්කම නිසා නෙමෙයි. අපි රැවටුනා. අපි හිතුවේ එෆ්බී එකේ තිබුණේ ඇත්ත කියලා. මේ පාර අපි රට ගැන හිතලා මහින්ද මහත්තයට ඡන්දය දෙනවා. (නි)
ඔය ප්‍රධාන පක්ෂ දෙකම ගැන හොඳ අවබෝධයක් අපිට තිබෙනවා. (නි)
බලමු 18 උදේට තරුණ අපේ වැඩ (නි)
ඔබතුමා වගේ උගතෙක් මෙහෙම කතා කියන එක ගැන කණගාටු වෙනවා. තරුණ පරපුට මොළේ තියෙනවා. මහින්ද නැත්නම් වෙන කවුරුත් නැද්ද රටට ආදරේ මිනිස්සු? (නි)
අපි හැමෝම කැමතියි නිදහස් රටක නිදහසේ ජීවත්වෙන්න (නි)
රටක මහත්ම අවාසනාව නරක මිනිසුන් විසින් දුෂණ, මිනීමැරුම්, අපරාධ සිදුකිරීම සහ ජාතිවාදය වැපිරීම නොව සංවේදී යයි කියාගන්නා කලාකරුවන් බඩගෝස්තරවාදය උදෙසා ඒ දුෂ්ට අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටීමයි. ලංකාවට සිදුවී ඇති අවාසනාව ඇතැම් කලාකරුවන් ජනතාව ආනන්දයෙන් ප්‍රඥාවට ගෙනයනු වෙනුවට ජනතාවට කලාකරුවන් යයි කියා ගන්නා ඇතැම් නලාකරුවන්ට ප්‍රඥාව ලබා දීමට සිදුව තිබීමයි.(නදී)
තරුණයින්ව නැවත 88-89 කාලෙට යවන්න අපිට අවශ්‍ය නැහැ. ඒ දෙය වෙලා ඉවරයි. (නි)
රෝහණ මහත්තයෝ, අපි ඔබතුමාට ගොඩක් ආදරෙයි සංගීතඥයෙක් හැටියට. කරුණාකර දේශපාලනය වෙනුවෙන් කතාකරන එක නවත්වන්න. (නි)
අපිට නම් 88-89 වගේම 71 කාලෙත් හොඳට මතකයි (නි)
මහින්ද යුගයක් නැවත ඇතිවීම සිහිනයක් පමණි (නි)
රෝහණ මහත්තයගේ කතාව හරි (නි)
1971න් පස්සේ ඉපදුනු අය නම් මෙහෙම කියන එක සාධාරණයි (නි)
අද කාලේ තරුණ පරපුර හොඳින් හිතලා බලලා තමයි තීරණ ගන්නේ (නි)
රෝහණ මහත්තයෝ, සත්‍ය කතාකළ ඔබතුමාට ගොඩක් ස්තුතියි. (නි)
කතාව සම්පුර්ණ ඇත්ත (නි)
තරුණයෝ හුඟක් බුද්ධිමත්. මුළු රටම වෙලාගෙන හිටපු රාජපක්ෂ පවුල නමැති බුවල්ලාගෙන් රට බේරාගත්ත එක හොඳ දෙයක් නොවේද? (නි)