(ඩයනා උදයංගනී)
මෙම අවස්ථාවේදී තිරිඟු පිටි මිල ඉහළ යාමට කිසිඳු හේතුවක් නැතැයි වෙළඳ හා පාරිභෝගික සුරක්‍ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
එබැවින් තිරිඟු පිටි පැවති මිලටම අලෙවි විය යුතු බව කී ඇමතිවරයා එසේ නොකරන්නන් සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය මගින් පියවර ගන්නා බව අදාළ පාර්ශව වෙත ලිඛිතව දැනුම් දී ඇති බවත් කීවේය.
ඇමතිවරයා මේ බව පැවසුවේ ජා ඇල පිහිටි සිය කාර්යාලයේ දී අද (4) පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.
පිටි නිෂ්පාදන සමාගම් දෙක සමඟ තමන් ඉකුත් සිකුරාදා පැවැත්වූ සාකච්ඡාවකදී මාසයකට අවශ්‍ය පිටි නිෂ්පාදනය කිරීම සඳහා ප්‍රමාණවත් තිරිඟු තමන් සතුව ඇති බව ඔවුන් ප්‍රකාශ කළ බවත්, තුර්කිය සහ ඩුබායි වෙතින් ඇනවුම් කර ඇතිතිරිඟු තොගයක් මෙම මස 15 වැනිදා වන විට මෙරටට ලැබෙන බව ආනයනකරුවන් පැවසූ බවත් ඇමතිවරයා සඳහන් කළේය.
එබැවින් ඉදිරියේදී පිටි හිඟයක් ඇති නොවන බව කී ඇමති නලීන් ප්‍රනාන්දු මහතා ආනයනය කළ තිරිඟුවලින් පිටි නිෂ්පාදනයේ දී වියදම වැඩිවීමක් හෝ අතිරේක වියදම් එක් වීමක් සිදුව නොමැති බැවින් පිටි හිඟයක් ඇතිවූ පමණින් මිල වැඩිවිය නොහැකි බව ද කීවේය.
බේකරි හිමියන්ගේ සංගමය සමඟ තමන් හෙට (5) සාකච්ඡාවක් පවත්වන බව කී ඇමතිවරයා පාන් මිල සම්බන්ධයෙන් මේ අවස්ථාවේ තීරණයක් නොගන්නා ලෙස ඔවුන්ගෙන් ඉල්ලීමක් කරන බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා නැතත් ඇමැතියා නම් පුපුරන්න ඔන්න මෙන්න...!
මේ බබාලා ටිකනම් මොකුත් නොදන්න හැඩයි. ප්‍රසිද්ධ පුවතක් තිබුණා නේද බුද්ධි අංශ කියනවා කියලා .... හයසිය ගණනක් ඉන්නවලු රාජ්‍ය ආදායම් එකතු කරන... ස්ථානවල යටිමඩි ගහන. ජීවන වියදම වැඩියි කියලා ඒ ගොල්ලෝ ගාණ ඉස්සුවොත් ආයතන කරනුයේ මහජනතාවගෙන් එම මුදල අයකරගන්න එක තමයි.
මිල විශල වශයෙන් වැඩිවෙන්න, පිටි හිඟ වෙන්න හෙතු තිබෙනවද? නැද්ද? අපි දන්නෙ නැහැ. නමුත් යතර්තය එකයි. පිටි කිලොවක් රුපියල් 500 ට අසන්නයි, එත් ගන්න නැහැ. විකාර සහ කයිවාරු දොඩවන්නෙ නැතුව මෙ ගැන තව සොයා බැලුවනම් හොද, නමුත් එකෙනුත් වැඩක් වෙන එකක් නැහැ.
අනේ නිකන් වැඩ බැරි ටාසන්ලා පත්කරගෙන අපි විඳින දුක. රට තවත් කන්නේ නැතිව තොලොංචි වෙලා යන්න.