ශ්‍රී ලංකා එංගලන්ත පස්දින ටෙස්ට් තරගයේ ටිකට් පතක මිල රුපියල් 5000 ක් දක්වා ඉහළ දැමීමෙන් ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීහු වික්ෂිප්ත වී සිටිති. බිම වාඩිවී නොමිලේ බැලීමට තිබූ ස්ථානයේද විදේශිකයන් වාඩිවී සිටිතියි ඔවුහු කියති. ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි ඩේවිඩ් විල්සන් කීවේ හැමදාමත් ක්‍රිකට් බලන්නට ගාලු එන බවයි. වෙනදා රුපියල් 500 ට 1000 ට තරගය නැරඹූ ඔහු රුපියල් 5000 තමන්ට ගෙවන්නට හැකි වුවද එය අසාධාරණ බව කීවේය. මින් මතු ලංකාවේ ක්‍රිකට් බලන්නට නොඑන බව ද කීවේය. ක්‍රීඩාංගණයේ දැලෙහි එංගලන්ත කොඩි ගැටගසා ඇති බැවින් එලියේ සිට තරගය බලන්නට ද හැකියාවක් නැත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ රුපියල් 5000 සහ 7500 බැගින් ටිකට් ඇති බවයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද තීරණයක්. අපේ රටට ආවනම් වියදම් කරන්න ඉගෙන ගන්න ඒනේ. ගාන වැඩි වුණු තරමට තමයි අගය වැඩි.
අපේ රටේ ටිකට් ගාස්තු තමයි ඉහළ නමුත් පහසුකම් අන්තිම පහළයි. මේක ක්‍රිකට් වල විතරක් නෙමෙයි. සංස්කෘතික ත්‍රිකෝණයෙත් එහෙමයි. සංචාරකයෝ මරාගෙන කන්න තමයි බලාගෙන ඉන්නේ.
කට්ටියට පොඩ්ඩක් වැරදිලා.. 5000 ක් නං ඔය සුද්දොන්ට වැඩි ගානක් නෙමේ තමා... මෙතන ප්‍රශ්නේ ඔය 5000 දවස් 5 ටම නෙමේ එක දවසට... දවස් 5 ම බලන්න 25000 ක් යනවා. ඒක නං ගොඩක් සැර වැඩ්යි.. " වෙනදා රුපියල් 500 ට 1000 ට තරගය නැරඹූ ඔහු රුපියල් 5000 තමන්ට ගෙවන්නට හැකි වුවද එය අසාධාරණ බව කීවේය. " මේකට මාත් එකයි 25000 ක් දීල මට්ච් බලන්න බෑ නේ :( :(
ක්‍රිකට් බලන්න ගාන වැඩි උනාට කමක් නැහැ. එතකොට මිනිස්සුන්ට කාලේ නාස්ති කර කර ඉන්නේ නැතිව වැඩ කරන්න පුළුවන්. සල්ලි ගලන අය බිබී පච කෙල කෙල දවස ගණන් ඕක බලාපුදෙන්. "රට පෙරට".
කරුණාකර පාසල් ළමුන් පාසල් කාලයේ පැමිණ ක්‍රිකට් තරග නැරඹීම නවත්වන්න. මෙය වැඩිය හොද පණිවිටයක් නොවේ.
ඔව් ප්‍රසන්න ඒක තමයි ඔතන තිනේනේ ඇත්ත. අපේ අය රියට ගන්නේ නැති නිසා ද මන්දා ?
ලංකාවේ අයට අඩුකරලා දුන්නොත් හොදයි.
පසුගිය වසරේ අපි ස්ටර්ලින් පවුම් 75 ක් සාමාන්‍යයෙන් රුපියල් 15000 ක් ගෙව්වා ශ්‍රී ලංකා එංගලන්ත තරගය බලන්න ලොඩ්ස් පිටියට
ඔය සල්ලි ක්‍රිකට් බෝඩ් එකට යනවනම් තව කමක් නෑ ඒත් මේ මුදල හරිම අසාධාරණයි.
දුප්පත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ දුර්වල ශ්‍රී ලංකා කණ්ඩායම.
20යි 20 ගාන අහපුවම සිහිනැතිවෙයි ද දන්නෑ.
මුන්ට පිස්සු ක්‍රිකට් ගහන අය කරන්නේ ජොබ් එකක්. ක්‍රීඩාවක් නෙවෙයි. ව්‍යාපාරයක්. හොද වැඩේ ඕව බලන මෝඩයන්ට
එක දිනකට රුපියල් 5000 ක් කියන්නේ දවස් පහට 25,000 ක් ගණනනම් අසාධාරණයි. මේ සුද්දා ලංකාවට ආවම අපේ රටට විදේශ විනිමය එනවා. මීට වඩා සාධාරණ මුදලක් අය කරන්නන තිබුණා. මේ මිල තීරනය කරන්න කලින් තව ගොඩක් හිතන්න තිබුණා.
මේක ලංකාව ඕස්ට්‍රේලියාව නෙවෙයි. අසාධාරණව හම්බකරන්න යන්නේ හැමදෙයක්ම රටේ බලධාරීන් නිදිද ? මේක අසාධාරණයක්. ලංකාවේ නම ජාත්‍යන්තරයේ කැත වෙනවා.
ඩුබායි, අබුඩාබි, සාජා දියෙන ඕනම තරගයක් අවම මිල ලංකාවේ රුපියල් 6000 ක්. පළමු පන්තිය රුපියල් 15000 ත් 30000 ත් අතරේ. නමුත් ලංකාවෙත් මෙහෙත් පහසුකම් එකයි. එකම කණ්ඩායම් තරග කරන්නේ. තියෙන එකම ප්‍රශ්නේ මේ මිල ලාංකිකයන්ට දරා ගන්න බැරි වීම. එච්චරයි.
තෙල් ගණන් වැඩිවෙලානි ඒකයි ටිකටි ගණන් ගිහිත් තියෙන්නේ
ඩේවිඩ් විල්සන් මොනාද මේ කියන කතා. ඔස්ට්‍රලියාවේ ඉඳල එන්න පුළුවන්. හැබැයි තරගේ බල්ලන්න රුපියල් 5000( AUD 35 - 40 ) දෙන්න බැ...
මේකෙනුත් කොටසක් අර පුතාට ද දන්නෙ නැහැ.
තව වහන්නේ බෝඩ් එකේ අයට සල්ලි මදි ඇති.
එහෙම කියන්න එපා විල්සන් අයියා. අපේ ක්‍රීඩකයන්ට පඩි ගෙවාගන්නවත් සල්ලි නැතිලු. උදව්වක් විදියටවත් බන්නකෝ අනේ.
යකෝ. සෙල්ලම් කරන්නේ අපේ රටේනම්. කණ්ඩායමේ ඉන්නේ අපේ අයනම් අපිට රුපියල් 1000 ට ටික්ට් එකක් එන්න බැරිද ? ශ්‍රී ලාංකිකයන්ටවත්. මොකද අනික් කණ්ඩායම එංගලන්තය නිසා ද මේ තරම් මිල ඉහළ.
ඕස්ට්‍රේලියාවේ ටිකට් එකක් ඕස්ට්‍රේලියා ඩොලර් 35 යි
සමීර...... ඕස්ට්‍රේලියාවේ ගෙවන්නේ ලංකාවේ පඩියමද ? දන්නේ නැත්නම් ලෝකය ගැන ටිකක් සොයා බලන්න.
මොකද කාටවත් තවම අදහසක් ආවේ නැත්තේ ඉංගලන්තත් එක්ක ගහන ක්‍රිකට් මැච් වර්ජනය කරමු කියලා.
අපේ ක්‍රිකට් ඕස්ට්‍රේලියාවේ එංගලන්තේ මට්ටමට ගන්නේ පස්සේ. ඉස්සරවෙලා ටිකට් එකේ මිල ඒ රටවල මට්ටමට ගන්න ඕන. ටිකක් ඉන්නකෝ ඉවසලා, අනෙක් ඒවාට වගේ ක්‍රිකට් වලටත් කරලා පෙන්නනකල්..