කටාර් රෙනෝල්ට් වාහන බෙදා හැරීමේ එකම අළෙවි නියෝජිතයා වන සලේහ් අල් හමාඞ් අල් මානා සමාගම මෙවර රාමදාන් සමය වෙනුවෙන් තෝරාගත් රෙනෝල්ට් මාදිලි කිහිපයක් වෙනුවෙන් ආකර්ශනීය දීමනා රැසක් හඳුන්වා දී තිබේ.
මෙම ප්‍රවර්ධන වැඩසටහස යටතේ තෝරාගත් රෙනෝල්ට් මාදිලි සඳහා වසර පහක් දක්වා හෝ කිලෝ මීටර් මිලියනයක් දක්වා වගකීමක්, වසර දෙකක කාලයක් සඳහා හෝ කිලෝ මීටර් 40,000 ක් දක්වා නොමිලේ සේවා දෙකක්, නොමිලේ රක්ෂණාවරනයක් සහ කටාර් රියාල් 2,000 ක් වටිනා අමතර උපාංග වැනි දීමනාවන් රැසක් ලබාගැනීමට ගනුදෙනුකරුවන්ට හැකියාව ලැබෙයි. මෙම රාමදාන් දීමනාව තෝරාගත් මාදිලි සඳහා සීමාසහිත කාලයක් සඳහා පමණක් බල පැවැත්වෙන අතර නීති රීති සහ කොන්දේසි අදාළ වෙයි. මෙම ප්‍රවර්ධන දීමනාවට ඇතුළ වන මාදිලි වනුයේ රෙනෝල්ට් ඩස්ටර්, කැප්ටර්, සිම්බල්, මෙගාන්, ෆ්ලුවන්ස්, සෆ්රාන් සහ කෝලියෝස් යන 2016 මාදිලිය.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.