ත්‍රිකුණාමලය වරාය ඉන්දියාවට දීමට සාකච්ඡා කරමින් යන බවත්, එම තීරණය ඉක්මණින් ගනු ඇති බවත් ප්‍රාදේශීය සංවර්ධන ඇමැති සරත් ෆොන්සේකා මහතා ‘ද හින්දු‘ පුවත්පතට පැවසීය.
ඔහු එලෙස කීවේ ඉන්දියාවේ පැවැත්වෙන රයිසිනා සමුළුවට සහභාගී වී සිටින අතුරතුරදීය.
‘ලෝකයේ ගැඹුරුතම මුහුදක් සහිත වරායවල් අතරින් එකක් වන ත්‍රිකුණාමලය වරාය ඉන්දියාවට පිරි නැමීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ ගැන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සාකච්ඡා පැවැත්වෙනවා.‘ යැයි ෆොන්සේකා මහතා කීවේය.
මෙය ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ ප්‍රතිපත්තිය අනුව ලංකාවේ වරායන්ට පිවිසීමේ සමාන අවස්ථා චීනයට සහ ඉන්දියාවට අත් කර දීමකි.
ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ ඇති හම්බන්තොට වරායට යටිතල පහසුකම් සැපයීමට චීනය සම්බන්ධ කර ගැනීම තුළ ලංකාවට විශාල බරක් පැටවුණු බව ද ෆොන්සේකා මහතා කීවේය.
‘‘හම්බන්තොට වරායේ ඵලදායි නොවන වැඩ කටයුතු නිසා ලොකු ණය බරක් ඇති වෙලා තිබෙනවා. ව්‍යාපෘතියේ ප්‍රශ්න සහ දූෂණ නිසා යටිතල පහසුකම් සංවර්ධනය ගැන යළි සොයා බැලීමට සිදුවුණා. වරාය පෞද්ගලික ආයතනයකට දෙන්නේ ප්‍රශ්න කිහිපයකට විසඳුම් ලෙසයි. චීනයේ සබ්මැරීනයක් ලංකාවට පැමිණීමෙන් පසු ඉන්දියාවේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වුණා. ‘
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ ආරම්භ කැරුණු හම්බන්තොට වරාය ශ්‍රී ලංකා - චීන ප්‍රධාන ව්‍යාපෘතියකි. නමුත් ණය බර ගැන විවාධය නිසා ව්‍යාපෘතියේ වැඩ මන්දගාමී විය.
2009 වසරේ දී දෙමළ ඊලාම් කැරලිකරුවන්ට එරෙහිව කළ යුද්ධයේ දී ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවලට නායකත්වය දුන් සරත් ෆොන්සේකා මහතා රයිසිනා සමුළුව අමතමින් ප්‍රකාශ කළේ ඉන්දියන් සාගර කලාපය ගැන හා නාවික කටයුතු නිදහසේ කර ගැනීම සම්බන්ධයෙන් ලංකාව කැපවීමෙන් හා වගකීමෙන් කටයුතු කරන බවයි.
ත්රස්තවාදයට සහ ආගමික අන්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාව කැපවීමෙන් කටයුතු කරන බවත් ෆොන්සේකා මහතා කීවේය.
‘ පටු දේශපාලන අභිමතාර්ත නිසා ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ දේශපාලන පක්ෂ සහ නායකයන් යුද සමයේ දෙමළ සටන්කාමීන්ට උදව් කළා.‘ යැයි ද ෆොන්සේකා මහතා සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මේ හිටපු හමුදාපතිතුමාද? මට නම් හිතාගන්න අමාරුයි මේ වෙනස! (නි)
ඔය අදහස් දාලා තියෙන දේශප්‍රේමියෝ එක එක ආණ්ඩුවලට ඡන්දෙ දුන්නා පඩි වැඩි කරගන්න නිකන් කන්න. පිනට පඩි ගන්න. ආණ්ඩුත් ණය අරන් ඒවා දුන්නා. ණය ගැනීමේ අවසානය තමා මේ වගේ දේවල්. දැන් මොන ආණ්ඩුව ආවත් විකුණනවා හැර වෙන විකල්පයක් නැත. (නි)
මෙයාලා නම් ඉන්නේ තව ටික කාලයයි. එ්ත් අපේ දරුවෝ මේ රටේ ඉන්න ඕනෑ. (නි)
සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා! ඔබට සතුටුයිද දැන්. (නි)
ඇත්තටම මමත් ඡන්දෙ දුන්නේ මේ ආණ්ඩුවට. එ්ත් ඒ ගැන දැන් දුක්වෙනවා. එක පැත්තකින් විල්පත්තුව විනාශ වෙනවා. අනිත් පැත්තෙන් රටේ සම්පත් විකුණගෙන කනවා. බලාගෙන යනකොට ඔක්කොම එකයි. (නි)
දැන් හරි නේද ?දැන් ත්‍රිකුණාමලය වරායත් හදන්න ණය අරගෙනද තියෙන්නේ ?මේ බව ජනතා විමුක්ති පෙරමුණෙන් කිව්වම කොරහේ කිඹුල්ලු දකිනවා කිව්වා. දැන් කොහොමද සනීපෙ? (නි)
මෙහෙම යනකොට අනාගතයේදී ශී‍්‍ර ලංකාව ලෝක බලවතුන්ගේ යුධ පිටියක් වීම වැළැක්විය නොහැකිය. රටේ සම්පත් රැකගෙන රට පාලනය කරන්න බැරි නම්, මුළු ශී‍්‍ර ලංකාවම ජපානය වගේ රටකට අවුරුදු 99 කට විතර බදු දුන්නා නම් මීට හොඳයි. (නි)
ඕක විතරක් නෙමෙයි එකපාරම රටම දෙන්න (නි)
විකුණලාම දාන්න ඔක්කොම (නි)
අදහස් පළකරන බොහෝ අයට පවතින සැබෑ තත්වය ගැන වැටහීමක් නැහැ. බොරු, යථාර්ථවත් නොවන, දේශාභිමානී සටන් පාඨවලට හුරුවීමෙන් ලැබී තිබෙන ප්‍රතිපලයයි මේ. කොහොමහරි කන්න දීම සහ වැටුප් දීම මිස නොබියව ජනතාවට සැබෑ තත්වය පහදා නොදී තීරණ ගන්නේ නැති එක තමයි අපේ දේශපාලකයන්ගේ වරද. (නි)
මොකක්ද මේ කරන්නේ? හෙට අපේ රටේ නම මොකක් වේවිද? චීන නමක්ද? ඉන්දියන් නමක්ද? ඔයාලා යුද්ධ කළේ එ්කටද? (නි)
අනේ දෙවියනේ මගේ රටේ හෙට දවස කුමක් වේද? (නි)
දියවන්නාව විකුණන්නේ කාටද? මේ කරන දේවල් දැක්කම දියවන්නාව සහ ඒ අවට තිබෙන ප්‍රධාන බිල්ඩිමක් විකිණීම ඉතා ඉක්මනින් කරන්න ඕනෑ දෙයක්. (නි)
තිලක් -ඩුබායි, මම දේශපාලකයන් ගැන විශ්වාසය නැතිකරගත්තේ කන්න දීපු අත හපාකන්න උත්සාහ ගත් දවසේ සිටයි (නි)
මේ ජනවරම දුන්නේ රට විකුණන්න නොවෙයි. තමන්ගේ බඩ ගැන පමණක් හිතන බඩගෝස්තරවාදී දේශපාලනය පරාජය කිරීමට කාලය පැමිණ ඇත. මේ ආණ්ඩුවට අඩුම තරමින් ලංකාවේ මාලු ටිකවත් ඉන්දියාවෙන් බේරාගන්න බැහැ (නි)
පානදුර කමල්, ඔබේ කතාව හරි. නමුත් ත්‍රිකුණාමලය දෙස බලන්නා සේම සිංහල බෞද්ධයාගේ නගරය වූ පානදුරය තමිල්නාඩුවක්, අරාබියක් වෙන හැටි බලන්න. සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා සිහිපත් කරන කමල්, මේ කතාව කියූ එදාට වඩා අද කැවුම් කන සිංහලයන්ට වඩා සිංහල රට ජාතිය කන ද්‍රෝහී දේශපාලු සිංහලයන් වැඩිය. (නි)
දෙන්න දෙන්න, අම්මාගේ අප්පාගේ බූදලයනේ. (නි)
මොළගෙඩි වලට මොන වෙලාද දන්නේ නැහැ (ම)
චන්ද 10000ක් ගන්න බැරි බූරුවන්ට ඇමැතිකම් දුන්නම ඔහොම වෙනවා. ලක්ෂ 62ක් මීහරක්ට දැන් සතුටු ඇති නේද.(ම)
රාජපක්ෂ අතිවිශාල ණය කන්දක් ගෙන ත්‍රිකුණාමලයේ නැව් එන්නේ නැති වරායක් හැදුවහම විකුණන්නේ නැතුව මොනවා කරන්නද? (නි)
හොද වැඩක් කරන්න යන්නේ ඔබට ජය වේවා (ම)
දැන් මේ රට ඉන්දියන් ශ්‍රී චීන ලෙස වෙනස්ස් විය යුතුයි (ම)
ඉන්දියාවට ලෝක තියෙන ස්වභාවික වරායවල් අතර තියන හොඳම වරායවලට එකතු වන ත්‍රිකුණාමල වරාය දිම නවත්වන්න එක්වෙමු ලාංකිකයනි (ම)
ලක්ෂ 62කට සතුටුයිද දැන්? (නි)
තව පොඩි පොඩි මීගමුව, හලාවත වගෙ තියෙන වරායවල් එහෙමත් මාල දිවයින වගේ රටවලට විකුනලා දාන්න.. (ම)
මේ වගේ වැඩ කරන මේ රටේ දේශපාලකයන්ට මේ කරන පව කවදා හරි පලදෙයි.(ම)
මේ වගේ වැඩකට අතදාලා අනාගන්න බය අයත් එමටයි එම නිසා මෙයාට වැඩේ බාරදීල මේකට තේරෙන්නෑ මෙයාව කට්ටිය පාවිච්චි කරනවා කියල. (බ)
රට මේ තැනට ආ එකට නිදහසින් පස්සෙ රට පාලනය කරපු හැමෝම වගකියන්න ඕනෑ. දැන්වත් පක්ෂ පාට වලට බෙදිලා ඉන්න එක නවත්තමු. රටට ඇත්තටම ආදරය කරන නායකයෙක් ගෙනෙන්න බලමු. අපේ නිල්, කොළ, රතු ඔළුගෙඩි ටික සුද්ද කරගන්නෙ නැතුව ඒක කවදාවත් කරන්න බැහැ. (නි)
සොබා දහම වැරදිකරුවන්ට දඬුවම් දෙද්දී වෙන්න ඕනෑ දේ වෙලා ඉවරයි. එහෙම හිතන ඒක බියගුළුකමක්. ධර්මපාලතුමාත්, මහත්මා ගාන්ධිතුමත් එහෙම හිතුවා නම් අපි තාමත් යටත්විජිතවාදීන්. නිදහසෙන් පස්සෙ අපි හොරුන්ගේ යටත් විජිතයක් වුණා. දැන් එ්කෙන් මිදෙන්න කාලයයි. (නි)
දැනට අවුරුදු දෙකකට කලින් ලොව හොඳම කොටස් වෙළඳපොළ තිබුණේ ලංකාවේ..ආර්ථික වර්ධන වේගය 7.5. අද 3.4..මේ රට විනාස කරන්න එපා (ම)
මම ඉතාම කරුණාවෙන් මතක් කරන්න කැමතියි අපේ හිටපු යුධ හමුදාපතිතුමාට, අර කහටගහ මිනිරන් පතලයි, බුත්තල යකඩ නිධියයි (යකඩ අඩංගු කන්ද) දෙකම ඉන්දියාවට විකුණුවොත් ත්‍රිකුණාමලය වරාය විකුණන්න ඕනෑ වෙන්නේ නැහැ (නි)
තිලක් ඩුබායිලා තමයි යහපාලනය ප්‍රමෝට් කළේත්. ඔයා ඉන්නේ ඩුබායි නිසා ඔබට රට ගැන හැඟීමක් නැහැ. එහෙත් අපි ඉන්නේ ලංකාවේ. අපිට හිත රිදෙනවා. මේ මහපොළව වගේම හුළං පොදත් අපිට වටිනවා (නි)
මහත්තතයො තමුන්නාන්සේට කට තිබුණා කියලා දොඩවන්න එපා.මතකනෙ කලින් පාර කළවැද්දා, සුදු කොඩි කථා කියලා වැඩ වරද්ද ගත්තා.ජනතා නියොජිතයො කියලා රට පාවාදෙන, රටේ සම්පත් විකුණන් කණ අය පත් කරන මිනිසුන්ට මේවා හොද පාඩම්. (බ)
වසර දෙකකට කලින් වෙළෙඳපොළ බුබුළක් නිසා ලංකාවේ කොටස් වෙළෙඳපොල ඉහළ ගියා, ඒත් ඒක ස්ථාවර වුනේ නෑ. ඒක අල්ලගෙන ආර්ථික මිථ්‍යාවන් පතුරනවා. අනික ලංකාවේ ආර්ථිකය 7% වර්ධනයට හේතුව උතුරු නැගෙනහිර දත්ත අලුත් ඒවා විදිහට රටේ දළ දේශීය නිෂ්පාදිතයට එක් වීම. (බ)
මේවගේ කිසි අනාගත දැක්මක් නැති දේශපාලන අම්බරුවන් රටට වැඩක් නෑ (ම)
චීන්නු එනවා කියන්නේ ගැරඬි,ගෙම්බො,පුසෝ,මුගටියෝ,කලවැද්දෝ සහ කී නොකී හැම සතෙකුගේම අවසානය උදා කර දෙනවා කියනෙක. ඉන්දියානුවා ගෙන්නා ගැනීම, රටේ විශේෂයෙන්ම රෙදි වෙළෙන්දා ඉඳන් කුළුබඩු වෙළෙන්දා දක්වා ඔවුන්ට සොහොන් වල කපා දෙනවා හා සමානයි. අපි හිතුවේ නැහැ යහපාලනය, මේ වගේ රටටම වින කරන දේවල් කරයි කියලා. හම්බන්තොට වරාය විකුනන්නේ, දරාගන්න බැරි වියදම සහ ණයබර නිසා කිව්වා. එතකොට ට්‍රින්කෝ වරාය දෙන්නෙ මොන මගුලකටද..? ඒ වරාය දියුණු කරලා ඒකෙන් ලාභ උපයන්න තරම්වත්, මේ ආණ්ඩුවේ මොලගෙඩි නැද්ද..?(බ)
දැන් උතුර කොටියට දීල ඉවරයි. රටේ ඉතුරු ටික අහල පහල රටවල් වලට විකුණනවාය. ඊට පස්සේ කීයයි අපි දන්නේ නැහැ පත්තරෙන් තමා දැක්කේ කියල... මෙහෙමත් දේශපාලුවෝ ටිකක්... විපක්ෂයක් නැති නිසා ඕනෑම දෙයක් පාර්ලිමේන්තුවේ අනුමත වෙනවා. ජරා දේශපාලනයක හැටි. (බ)
ඔබ තුමා ඔහොම හරි ඔය කතාව එලියට දාපු එක ලොකු දෙයක්. නැත්තම් අපි හීනෙකින් වත් හිතපු වැඩ ද? කෝ අර තොරතුරු දැනගැනීමේ පනත? රටේ මිනිස්සුන්ට කියලද මේවා මෙහෙම දෙන්නේ? කවුද මේවා දන්නේ? අර චීනෙන් මත්තල ගත්තහම මොනර මස් චීනෙට යවලද ගුවන් යානා ගෙන්නන්නේ? (බ)
කොළඹ කාටද දෙන්නේ යන්නේ දන්නේ නැහැ. තමන්ගේ අම්මා අප්පා දීපු බූදලේ වගේනේ දෙන්නේ. (නි)
උපාලි මෙහෙම යනකොට අනාගතයේදී ශී‍්‍ර ලංකාව ලෝක බලවතුන්ගේ යුද පිටියක් වීම වැළැක්විය නොහැකිය. රටේ සම්පත් රැකගෙන රට පාලනය කරන්න බැරි නම්, මුළු ශී‍්‍ර ලංකාවම ජපානය වගේ රටකට අවුරුදු 99 කට විතර බදු දුන්නා නම් මීට හොඳයි සත්තකින්ම අපේ රට ලෝක බලවතුන්ගේ යුධ පිටියක් වෙන එක ඉර හද වගේ විශ්වාසයි.(බ)
ජාතික වීරයෙක් වන මාර්ෂල් සරත් ෆොන්සේකාට මම ගොඩාක් ගෞරව කරපු කෙනෙක්. එ්ත් අසරණ මිනිසුන්ගේ පාන් ගෙඩියෙන්, පරිප්පු ටිකෙන්, හාල් ටිකෙන්, කිරිපිටි ටිකෙන් ගහන බදු මුදලින් රුපියල් කෝටි 8 ක් වටිනා අධි සුඛෝපබෝගී කාර් දෙකක් තමන්ගේ භාර්යාවටත් එක්ක ගෙන්වා ගත්තු දවසේ ඉදල මගේ කිසිම විශ්වාසයක් නැහැ. (බ)
අංජන ඡන්ද 10000ක් ගන්න බැරි බූරුවන්ට ඇමැතිකම් දුන්නම ඔහොම වෙනවා. ලක්ෂ 62ක් මීහරක්ට දැන් සතුටු ඇති නේද?.....අංජන එදා හිටපු අය එකතු වෙලා රටේම ධනස්කන්දය ගසා කාල ලෝකයේ බැංකු පුරවද්දී අසරණ මිනිසුන්ට කරන්න වෙන දෙයක් ඉතිරි වෙලා තිබුනේ නැහැ. හොරුන්ට දැඩි දඩුවම් දෙවි කියන විශ්වාසය නිසයි යහපාලනයට දුන්නේ. (බ)
අනේ අපිට පිලිපීනයේ අලුතින් පත් වුන ජනාධිපති වගේ කෙනෙක් ලැබුණානම් අපි මොන තරම් වාසනාවන්තද? (බ)
අර ඡන්දෙ දීපු ලක්ෂ 62 ට කොස් කොළයි,ක්‍රෝටන් කොළයි හොද වැඩිද මන්ද ? සතුටුද දැන් ? (බ)
මේක හොඳ අදහසක්. ලංකාවේ මිනිස්සු කවදාවත් මේ විකිණීම් වලට විරුද්ධවෙලා නැහැ. එහෙම වුණා නම් මේ ප්‍රධාන පක්ෂ දෙක බලයට එන්න විදිහක් නැහැ. රටේ මිනිස්සු කොහොමත් දන්නවා මේ පක්ෂ දෙකම රටේ තියෙන සම්පත් විකුණන බව. එහෙම තිබෙද්දීත් ඡන්ද දීලා තියෙන්නේ, ඒ ප්‍රතිපත්ති වලට කැමති නිසයි. ජනතාව අනුමත කළ ප්‍රතිපත්ති ක්‍රියාවට නැඟීම රජයේ වගකීමක්. (නි)
නැවත වරක් මහින්ද බලයට ගෙන කොළඹ වරාය අැතුළුව විදේශිකයන්ට විකිණූ සියලු දේ ආපසු ගමු. (නි)
අපේ එකම බලාපොරොත්තුව ජනතා විමුක්ති පෙරමුණ විතරයි. ඉන්දියාව අපිව ගිලගන්න බලා ඉන්නවා. මේ ටික මේ රටේ ඉන්න පාලකයන්ට තේරෙන්නේ නැහැ. ත්‍රිකුණාමලය වරාය දුන්නොත් අපි ඔක්කොම ඉවරයි. (නි)
නයි පොලොන්ඟු දෙගොල්ලම දාගෙන රට පිස්සන් කොටුවක් කරන්නද හදන්නේ. (නි)
යහ පාලනය නමට ඡන්දයෙන් පැරදුණු අය බලයට තේරුවම, ජනතාවගේ ව්ශ්වාසය පළුදු වුන රජයක් හොරු සමග හෙළුවෙන් වගේ .දේශීය සැලසුම් නොමැතිව රටක් ගොඩගන්න යන රටක් ලෝකේ ඇත්නම් දැන් ඒ ශ්‍රී ලංකාව අනාගතයේ යටත් විජිතයක් අපේ දරුවන්ට රටක් නැ මුන් ඉතුරු කරන්නේ (බ)
මොකක්දෝ වාසනාවකට මෙතුමා මේ රටේ ජනාධිපති නොවී කැලණියේ එජාප සංවිධායක වුණේ. (බ)
ඔබ තුමා යුද්දය කරනවෙලේ අලිමංකඩ , පාමංකඩ ගැන කතා කරපු මිනිස්සු එක්ක එකතු වෙලා .දැන් ගලේ පහරපු බළලා වගේ කෑ ගහනවා. ඇත්තටම ඔබ තුමාට ඔය කට්ටිය එක්ක එකට එන්න පුලුවන්ද ?ප්‍රතිපත්ති ගරුකව. (බ)
අංජන මෙතුමා මක් කරන්නද එතුමා කිව්වේ රජය ගත්ත තීරණය (බ)
පවරා සිංහරාජය ලී මෝලකට.. සීගිරි කුරුටු ගී හරවමු බයිලාවකට... (නි)
තොපිලද අම්මාගේ බූදලේද විකුණන්නේ (බ)
මේ වරායෙ සිට ලොව ඕනෙම රටකට පහරදෙන්න පුළුවන් සරත් ෆොන්සේකා දන්නේ නැත්ද (බ)
ආණ්ඩුව ඉල්ලන් කෑමට නියමිතයි (බ)
තිලක් ඩුබායි. ඔබ මොකද මේ කටුස්සෙක් වගේ පාට මාරු කරන්නේ. ඔබ පුදුම ආඩම්බරයකින් යහපාලනයට කඩේ ගියේ මේ පුවත්පත හරහා. ඇයි අර එදා වගේම ඔප්පු කරන්න බැරිවුනාට ඇහින් දැක්කා වගේ මොනවහරි දෙයක් අල්ලන් කෑගහන්නේ නැත්තේ. එතකොට ඔය හිතේ අමාරු හරියයි. ඊළඟට ඩුබායි වල පුරවැසි කම ගන්න, මොකද ඔබේ යහපාලන ආණ්ඩුව නිසා අපිට ලංකාවක් ළඟදීම නැතිවන නිසා. දැන් ඔබට සතුටුද? (බ)
සියලු රටවැසියන් වහා තේරුම් ගතයුතු කරුණක් ඇත.බලයේ සිටින දේශපාලකයින් බරපතල උගුලකට අසුවී ඇත. ඔවුන් දුන් පොරොන්දු නිසා හෝ මොනයම් වෙනත් හේතුවක් නිසා ඔවුනට මේ රට කෑලි කඩා රටවල් කිහිපයකට දෙන්නට සිදුව ඇත. සමහරවිට එය ඔවුන් අකමැති වුවද කරන්නට සිදුව ඇත. මෙය තේරුම්ගෙන රටේ ජනතාව එකාවන්ව මේවාට එරෙහිව එළියට බැස මේ විනාශයෙන් රට ගළවාගත යුතුය. රජය පෙරළීමට නොව රට නොවිකුණන ලෙස රජයට බලකළ යුතුය. (නි)
මෙහම මහජන සම්පත් පිට රටවලට විකුනනවනං, විෂය බාර ඇමතිවරයක් හෝ රජයක් රටට අවශ්‍යද? හම්බන්තොට වරයාට සාධාරණ හේතු තුයනවා. විශාල ණයවෙලා ඉන්නේ. නමුත් ත්‍රිකුණාමල වරයට මොනවාද වෙලා තියන්නේ? (ම)
සමස්ත ජනතාවගේම ඇස් අරවලා,පුළුල් බලවේගයක් හදාගෙන ජවිපෙ බලයට ගන්නවා හැර වෙන විකල්පයක් නැහැ.(ම)
මේක තමයි ඔබලා ඉල්ලපු වෙනස. දැන් වෙනසේ රස දැනෙන නිසා රට වෙනුවෙන් පෙළ ගැසෙමු. (නි)
පුල්මුඩේ ඛනිජ වැලි නිධිය හා එප්පාවල පොස්පේට් නිධියත් හොඳ ගානකට ඈවර කරන්න පුළුවන්. අපෙන් අහන්න සල්ලි හොයන ක්‍රම. (නි)
හිරිකිතයක් නැතුව රටේ සම්පත් අනිත් රටවල් වලට දෙනවා කියන හැටි? (නි)
දැන්නම් රටම විකුණන්නයි යන්නේ. ජනතාව නැගිටින්න ඕනෑ (නි)
ලංකා පොලොව, සිංහල ජාතිය, බුද්ධාගම රකින සියලු දෙවින්යන් මෙම අව නඩුව අසත්වා, මෙම පොළොව හුරගෙන කන දේශපාලුවන් තුරන් කරත්වා, (ම)
අපරාදෙ ඔබතුමා යුද්ධ කළේ, මේ විධියට පූජා කරනවනම් මොකටද දහස් ගානක් රණ විරුවන් මැරෙන්න ඇරියේ....(බ)
මෙහෙම ආණ්ඩුවක් මේ ලෝකේ කිසිම රටක නැතුව ඇති. (නි)
අතීතයේ දී පෘතුගීසීන් අපේ එවකට සිටි රජතුමා හමුවී ගෙරිහමක ( සම්පූර්ණ හරක් හමක්= වර්ග මීටර දෙකක් පමණ) ප්‍රමාණයක භූමියක් වෙළඳාමට අවසර ඉල්ලුවා. රජතුමා එය සාධාරණ ඉල්ලීමක් ලෙස සළකා ඉඩ දුන්නා. නමුත් පෘතුගීසීන් එවැනි හමක් සිහින් තීරුවලට කපා ඉතා විශාල භූමි ප්‍රමාණයක් ආවරණය කර එය අත්පත් කරගත්තා. (බ)
සියල්ල ඔවුන්ට අවශ්‍ය පරිදි සිදුවෙමින් පවතී. මේවට විරුද්ධවන අය කුමක් හෝ හේතුවක් මත සිරගත කරමින් ඩොලර් වෙනුවෙන් තම රට ජාතිය පමණක් නොව ආත්මය පවා පාවාදීමට සමහරු සැදීපැහැදී සිටිති. අප ලක් මෑණියන් ඉතිහාසයේ අඳුරුතම යුගය පසු කරමින් සිටී. සියලු දෙවියන්ගේ පිහිටයි ශ්‍රී ලංකාවට..! (නි)
රට බේරාගත් සටනේදි ඔබතුමා අපේ ලොකුම වීරයෙක්. එ්ත් දේශපාලනයේදී අනික් අය වගේමයි (නි)
මේ රටට වින කරන්නවුන්ට හොඳක් නම් වෙන්න එපා (නි)
තිලක්-ඩුබායි යහපාලනය ගෙනෙන්න කඩේගියා පමණක් නොවෙයි සරත් ෆොන්සේකා ජනාධිපති කරන්නත් ඕනෑ කියපු කෙනෙක්. දැන් ජවිපෙ බලයට ගේන්න ඕනෑ කියන්නේ කාගෙන් පළිගන්නද. මතක තියාගන්න ජවිපෙ කියන්නේ බුද්ධියෙන්, අවබෝධයෙන් හා අධ්‍යයනයෙන් තේරුම්ගත යුතු සංවිධානයක් බව. (නි)
එහෙම කළොත් ඉතින් මෝඩ සිංහලයාගේ අවසානය තමයි. තමන්ගේ වාසියට අම්මා අප්පාත් විකුණාගෙන කන අය ඉන්න රටක් කියලා අපි කියන්නේ කට කහනවට නෙමෙයිනේ. (නි)
කිසිදු ජනවරමක් නැති සමහරු ඇමතිකම් අරගෙන ජාතික වස්තූන් එහෙම දෙන්න හදන්නේ තමුන්ගේ බූදලය කියලා හිතාගෙනද? (නි)
උතුරේ අනිවාර්යෙන්ම ඇමරිකානු යුධ හමුදා කඳවුරක් හදන්නටත් අවසර දිය යුතුයි. එයින් රටට විශාල ආදායමක් ලැබෙනවා වගේම ඉදිරියේදී ඇතිවිය හැකි ආගමික අන්තවාද වලටත් වැටබැඳීමක් වෙනවා. (නි)
අහෝ දුකකි! කුමක් කරමුද අපි? (නි)
ඉහත කරුණු සලකන විට පෙනී යන්නේ ආණ්ඩුව පාන්ඩුව වී ඇති බවකි වසර දෙකක් තුල මෙපමණ අනා ගත්තා නම් වසර පහකදී කොපමණ හානියක් කරාවිද ? (ම)
ලක්ශ 6ටම දැන් හොඳටම සනීප ඇති නේද? තව තියනවා තව තියනවා (නි)
හරිම දුකයි කියන්න වචන නැහැ,වෙනස හොඳද??? (නි)
මොනවාද මේ මෙතුමා කියවන්නේ? (නි)
මිනිසුනේ, දැන්වත් පක්ෂ අමතකකර සමගි වෙයවු! (නි)
ලංකාවට මේ කරන අපරාධයට විපාක විඳින්න සිදුවෙනවාමයි (නි)
අපේ හොඳ වෙලාවට මෙතුමා ජනාධිපති නොවුණේ (නි)
අනේ මගේ රටට වෙන්න යන දේ... (නි)
තාමත් ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ දේශපාලන පක්ෂ සහ නායකයන් දෙමළ සටන්කාමීන්ට උදව් කරනවා. ඕක අද ඊයේ පටන්ගත් දෙයක් නොවෙයි. ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට දුන්නම එයාලා තොගපිටින් එයි. (නි)
මේ වගේ වැඩකට අතදාලා අනාගන්න බය අයත් එමටයි (නි)
අපේ රටේ තරම් දේශපාලන නූගතුන් මේ රටේ කොහෙවත් නැතුව ඇති (නි)
තව ටික දවසකින් කියාවි ඉන්දියාවට මුළු රටම විකුණුවා කියලා. එට්කා මඟින් අපේ රැකියා ටික, කොළඹ වරායෙන් කොටසක්, අපේ පෙට්රෝල් ෂෙඩ් ටික, මේ ඔක්කොම ඉන්දියානුවන්ට දීලා දැන් ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට දෙන්න සාකච්ඡා කරනවා. (නි)
ත්‍රිකුණාමල වරාය මෙතුමන්ලාගේ පවුලේ බූදලයක් වගෙයිනේ කතාකරන්නේ. (නි)
අපිට වැරදුනේ හැමදේටම සොබා දහම දඩුවම් දෙයි කියලා බලාහිටිය හින්දා. ලෝකේ දියුණුවුණ හැම රටක්ම ජනතාවිරෝධී ආණ්ඩු පෙරළලා ජනතාව පාලනය අතට අරන්. (නි)
මේ වෙනස කරන්න උවමනාව තදින්ම තිබුණු තිලක් ඩුබායිලාත් දැන් වෙනස් වෙලා. පරණ ආදරය නැද්ද දැන්. ඇත්ත තේරුම් ගියා නම් හොඳයි. (නි)
යහපාලන ප්‍රෝඩාව අනුමත කරමින් වැඩි ජන බහුතරය ඡන්දය දී ආණ්ඩු වෙනස් කරගත්තා නම්, එහි රඟ දශක දෙක තුනක්වත් ඇඟට දැනෙන්නම විඳවන්න ඕනෑ (නි)
මේ වසරේ මේ ඇමතිතුමා බොහෝ වැඩ කර ඇත. මෙතුමා යටතේ රට ප්රාදේශීයව සංවර්ධනය වීම සිදුවේ. දැන් ඉදිරියේදී කරන්න සිටින වැඩ ගැන කතා කරයි. (නි)
හැබෑටම අම්මා අප්පාගේ බූදලයද මෙහෙම එක එක්කෙනාට දෙන්න. විකුණලාම දාන්න ඔක්කොම. ජනතාවනි නැගිටින්න, මාධ්‍ය සහෝදරයිනි නැගිටින්න, ඉන්දියාව යා කරන්න කරන කුමන්ත්‍රණයක් මේ (නි)
මම නම් කියන්නේ ඔය වරාය ඔහොම තියෙන්න ඇරලා එතනින් යන එන නැවු දිහා බලාගෙන ඉමු (නි)
වරායට යන්නත් වීසා ඉල්ලයි දැන්. ඔය දේවල් වලට කලින් අර එරාවුර් වල ඉන්න සිංහල පවුල් වලට විදුලියවත් ලබාදෙන්න. (නි)