(මනෝප්රිය ගුණසේකර)
විදුලි සෝපානයේ සිරවී දහඩියෙන් තෙත් වී මහත් කම්පනයට හා ලැජ්ජාවට පත්ව සිටි තමන් ඉන් එළියට එන විට නැකත් වේලාව පසු වී තිබු නිසා කලින් සුදානම් කරගෙන තිබු පරිදි නැට්ටුවන් පෙරටු කරගත් පෙරහරකින් යෑම පසෙක දමා කෙළින්ම ගොස් විවාහ රෙජිසට්රාර්වරිය ඉදිරියේ අත්සන් කළේ ප්‍රතිඥා දීමවත් නොකොට යැයි කොළඹ තරු පංතියේ සුපිරි හෝටලයකින් රුපියල් ලක්ෂ 50ක වන්දි ඉල්ලා පවරා ඇති නඩුවේ සාක්කි දෙමින් නීතීඥ වරුණ නානායක්කාර මහතා පැවසීය.
සිය විවාහ උත්සවය අවස්ථාවේදී අදාළ හෝටලයේ විදුලි සෝපානයේ සිරවීමෙන් තමන් අසරණ තත්වයට පත්වීමෙන් තමන්ට සිදුවු පීඩාව සඳහා රුපියල් ලක්ෂ 50ක වන්දියක් අයකර දෙන දෙන ලෙස ඉල්ලමින් එම හෝටලයට එරෙහිව පවරා ඇති නඩුව කොළඹ දිසා විනිසුරු ජයකි අල්විස් මහත්මිය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී එම සිද්ධියට මුහුණ පෑ නීතීඥ වරුණ නානායක්කාර මහතා එසේ පැවසීය.
නුගේගොඩ උඩහමුල්ලේ පදිංචි නීතීඥවරයෙකු වන වරුණ නානායක්කාර මහතා 2015 ඔක්තෝම්බර් මස 22 වැනිදා සිය විවාහ උත්සවය අදාළ හෝටලයේ දී ගත් බවත් එහි විදුලි සෝපාන හෝටලය විසින් නිසි පරිදි නඩත්තු නොකිරීම නිසා එහි විදුලි සෝපානයේ සිරවී තමන් අසරණ තත්වයට පත්වීමෙන් තමන්ට සිදුවු පීඩාව සඳහා රුපියල් ලක්ෂ 50ක වන්දියක් අයකර දෙන දෙන ලෙසත් ඉල්ලමින් නානායක්කාර මහතා මෙම නඩුව පවරා ඇත.
‘‘විදුලි සෝපානය බිම් මහළේ සිට 10 වැනි මහළ දක්වා යන අතරතුර 01 සහ 05 වැනි මහල් අතර එකවරම විදුලි සෝපානයෙන් විශාල ශබ්දයක් ඇති වී විදුලි සෝපානය නතර වුණා. ඒත් එක්කම විදුලි සෝපානය තුළ හොඳට තිබු විදුලි ආලෝකය ගොඩාක් අඩු වුණා. ඒ වන විට 68 වැනි වියේ පසුවු මගේ මව කළබල වී කෑ ගසන්න පටන් ගත්තා. අපි අපේ ළඟ තිබු ජංගම දුරකතනවල විදුලි බල්බ දල්වාගෙන විදුලි සෝපානයේ ‘මයික්’ එකෙන් හයියෙන් කෑගසමින් ආධාර ඉල්ලූවත් කිසිවෙකු ඊට පිළිතුරු දුන්නේ නැහැ. විදුලි සෝපානය තුළ අපි හිරවු පසු මහත් කම්පනයට පත් වුණා. මේ නිසා මංගල උත්සවය සඳහා ඇඳගෙන සිටි අපේ ඇඳුම් දහදියෙන් තෙත් වුණා. විනාඩි 10ක් පමණ අපි සියලුදෙනා මෙලෙස විදුලි සෝපානය තුළ හිර වී සිටියා. එසේ සිටියදී විදුලි සෝපානය එකවරම ක්‍රියාත්මක වී ඉහළට ගියා. 10
වැනි මහලේ විදුලි සෝපානය නතර විය යුතු තැනට අඩියක් පමණ උඩට ගොස් විදුලි සෝපානය නතර වුණා. නියමිත තැන විදුලි සෝපානය නතර නොවීම නිසා ඒ තුළ සිට අපිට අඩියක් පමණ උසකින් බිමට පනින්න සිදුවුණා. අසනීප තත්වයන්ගෙන් සිටි මගේ වමට හා පියාටද විදුලි සෝපානයෙන් බිමට පනින්න සිදුවුණා. එසේ පැණීමෙන් වමගේ කකුල ආබාධයට ලක් වුණා. මංගල උත්සවය අවසානයේදී මගේ සහෝදරයා, රියදුරුද සමඟ මට ලැබුණු තෑගී ආදිය ගෙන යද්දී රාත්‍රී 11.30ට පමණ යළත් වරක් එම විදුලි සෝපානයේම සිරවුණා.‘‘ යැයි ද ඔහු සාක්කි දෙමින් කීය.
මෙම නඩුව ලබන දෙසැම්බර් 05 වැනිදා කැඳවීමට නියම කළ විනිසුරුවරිය මේ නඩුව සම්බන්ධයෙන් සමථයක් ඇත්දැයි එදින දැනුම් දෙන ලෙස ද නියම කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගුල් ගෙදර වියදම කවර් කර ගන්න හදන්නේ ලොයර් මහත්තයා
විනාඩි දහයට ලක්ෂ 50 නම්, පැයක් විතර හිටියනම් හෝටලෙත් විකුණලා තමා වන්දි ගෙවන්න වෙන්නේ.
අපේ රටේ මෙවැනි නඩු පවරන්නේ බොහොම අඩුවෙන්. ඉල්ලන පරිදි වන්දි ලැබුනත් නැතත් මෙවැනි නඩුවක් පැරීම ඉතාම හොද දෙයක් සහ ආදර්ශවත් ක්‍රියාවක්. නීතිය ඉදිරියට ගොස් තමන්ට සිදු වු අසාධාරණය , පාඩුව, උවදුර කීමට ශ්‍රි ලංකාවේ සාමාන්‍ය ජනයා බියක් දක්වනවා සහ පාඩුව ඉවසා ගෙන සිටිනවා. නීතීඥ ප්‍රජාව විසින් මහජනතාවට මෙවැනි නඩු කීමට උදවු කල යුතු අතර මහජනතාවට ඒ සදහා දැණුවත්වීම් කල යුකුය.
තරු පහේ හෝටල් විශාල මුදල් අයකරන බැවින් ඔවුන් මනා සේවාවක් පාරිභෝගිකයන්ට සැපයිය යුතු අතර එසේ නොවන්නේනම් සහ අතපසු වුනේනම් ඔවුන්ද පාරිභෝගිකයාට ඒ හා සමාන වන්දියක් ගෙවිය යුතුය. ඉඩකඩම් උකස්කරගෙන අනුන්ට සෝබනේට මෙවාගේම මගුල් කන්න එන අයට මේවා හොඳ පාඩම්.
ලංකාවේ භාණ්ඩ සහ සේවා සපයන සමාගම් සහ පුද්ගලයන් කල්පනා කරනවා තත්වයෙන් බාල බඩු හෝ සේවා සපයා මුදල් අයකරගන්න එමනිසා පාරිභෝගිකයන් අසරණ වෙනවා යුරෝපා රටවල මෙහෙම නැහැ.
මටත් ඔය වැඩේ වෙලා තියෙනවා. ජාතික රෝහලේ විදුලි සෝපානයකදී.. එපා කියමින් කෑ ගසද්දී විශාල පිරිසක් සෝපානයට ගොඩවීම නිසා දොර වැසී සෝපානය හිර වුණා.. විනාඩි 10කට වැඩි කාලයක් ඉන්න වුණා.. හුස්ම ගන්න බැරිව දාඩියෙන් නෑවිලා කලන්තෙත් හැදුණා..
දැන් මේ විවාහයේ නැකත් හදපු කෙනා බලන් ඇති ඊළඟ නඩුව මට තමයි කියලා. මොකද ඉතින් දකුණු කකුල පෙරට තියලා යන්න කියලා දීලා තියෙන්නේ මාරක නැකතක් නේ. මේකේ නැකත් කාරයා අර දේශපාලු නැකත් හදන කෙනෙක්ද දන්නේ නැහැ .
මෙහි අදහස් දක්වා ඇති අය ගැන පේන විට ඉතාමත් කණගාටුවක් ඇති වෙනවා. පුද්ගලයා කවර වෘතියක වුවත් පාරිභෝගික අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරිපත් වීම තමා අයිතිය කියල නොදන්න ළිං මැඩි මානසිකත්වයෙන් සිතන අනුවණ පිරිසක් මේ රටේ සිටීම ගැන නම් පුදුම විය යුතු දේකුත් නෙමෙයි. ඒ අය හිතනවා ඇත්තේ දෙන දෙයක් කාල වෙන දෙයක් ඔහේ උනාවේ, කියල බලාන ඉන්න එක තමා ලොකුම හපන්කම කියලා වෙන්න ඇති.
සංජීව ජාතික රෝහල ආණ්ඩුවේ නේ , එතන දොස්තරලා ඉන්නවනේ නිතරම , කලන්තේ කියන්නේ සාමාන්‍ය දෙයක්නේ , ඒ වගේද තමන්ගේ ජීවිතේ වැදගත් දවසේ ඔහොම වෙන එක, කව්රු කලත් හොද වැඩක් කරලා තියෙන්නේ.
මේක නම් නියම වැඩක්
පාරිභෝගික අයිතින් සුරැකීමට අපි පෙළ ගැසිය යුතුය. මෙම පෙරකදෝරු මහතාට මම සුභ පතනවා
මේ වගේ සිද්ධියක් නිසා එක්තරා රටක උපන් මව සහ බිලිද එදිනම රෝහලේ විදුලි සෝපානයේ හිරවී මිය ගියා. මේ වගේ දේවල් වලට පියවර ගන්න ඕන. විශේෂයෙන්ම රජයේ රෝහල් වල
මීටවසර ගණනාවකට ඉහත තරු පහේ හෝටලයක ග්‍රීන් පීස් කරියට සැල්මොනෙල්ල මිශ්‍රවී එහි තිබුන මංගල උත්සව තුනක අමුත්තන් ඇතුළු මනාල මනාලියන්ටද අහල පහල ගොඩනැගිලි වල වැසිකිලිත් සොයා ගෙන දුවන්න වුනා. අන්තිමේ හෝටලයෙන් විවාහ උත්සව පැවැත්වූ පාර්ශවයට වන්දි ගෙව්වා.
නඩු කල් යෑමට බලපාන ප්‍රධාන හේතු තමයි 1. නීතිපති උපදෙස් ප්‍රමාදය 2. නඩුවට අවශ්‍ය සාක්ෂි දීමට පොලිසිය කල් ඉල්ලීම 3. විනිශ්චකාරතුමා හෝ තුමිය නිවාඩු යෑම 4. සාක්ෂිකරුවන් අසනීප වීම හෝ නොපැමිනීම (විශේෂයෙන්ම උසස් යැයි සිතන ප්‍රභූන්) 5. නීතිඥවරු නිවාඩු යෑම. නීතිඥයෙකුට හිතුමතේට නඩු කල් දාමන්නට නොහැකිය. එය වෘත්තීය ආචාර ධර්ම වලට පටහැනි නිසා ඔප්පු වුනොතින් කලු කෝට් එක ගැලවෙන්නට ද පුලුවනිය.