මාතර නාවිමන සංස්කෘතික මධ්‍යස්ථාන වැඩබිමේ සේවය කරන යුද හමුදා 4 වැනි ඉංජිනේරු බළකායේ සෙබළුන් රැගත් ත්‍රි රෝද රියක් කන්දකින් අඩි සියයක පමණ පල්ලමකට වැටී දෙදෙනෙක් මරුමුවට පත්වූහ. තිදෙනෙක් තුවාද ලදහ.
අසනීපවූ සෙබළුන් මාතර රෝහලට රැගෙන යද්දී මේ අනතුර සිදුවිය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහනේ පෙනුමෙන් හිතාගන්න පුළුවන් අනතුරේ තරම. (නි)
පව් අසරණ ජීවිත ටිකක් අහිමිවුණා නොසැළකිල්ලෙන් (නි)
ඔබ දෙපලට නිවන් සුව.(හේ)
පව් අසරණ ජීවිතටිකක් අහිමි උනා නොසැලකිල්ලෙන්..?(හේ)
පව් අසරණ ජීවිතටිකක් අහිමි වුනා නොසැලකිල්ලෙන්..? මේවගේ පාරවල් වල යද්දී මිනිසුන් කොපමණ සැලකිල්ලෙන් ගමන් කළ යුතුද ..? (හේ)
මෙතන මට පෙනෙන ආකාරයට වෙනත් දෙයක් තිබෙනවා. (නි)
අසනීප සෙබළුන් රෝහලට ගෙනියන්නේ ත්‍රි රෝද රථ වලින්ද? අපුරුයි රණවිරුවන්ට දීලා තියෙන තැන. රෝද හතරේ වාහන කැප නැද්ද?(හේ)
අසනීපවූ සෙබළුන් මාතර රෝහලට රැගෙන යන්නේ ත්‍රී රෝද රියෙන්ද? (බ)
හැමදාම අනතුරු නිසා ජිවිත නැතිවෙනවා.මේවා දකිනකොට ගොඩක් දුක හිතෙනවා. නොසැලකිලිමත් කම තමයි අනතුරු බොහොමයකට මුල. තමන්ගේ ජීවිතය රැකගෙන අනෙක් අයගෙත් ජිවිතයත් රැකගෙන වාහනය පදවනවානම් මෙවන් අකල් මරණ බොහෝ දුරට සිදු නොවේවි (දිල්)
මහජනතාවට හිතැති ආණ්ඩුවක් නම් මේ තැම් අනතුරු වන මේ වාහනය තහනම් කළ යුතුයි (දිල්)
මේ වාහනයේ පස් දෙනෙක් ගිහින්. අසනීපයකට බෙහෙත් ගන්න යන්න සෙබළුන්ට වාහනයක් නැතිව මෙහෙම යද්දී සමහර ඉහල නිලධාරීන් ගෙ බිරිදල කඩේ යන්නෙත් ඩිෆෙන්ඩර් වල (අ)
පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමණි රට තුළ අන්තර් ජාල වේගයෙන් මෙන් වැඩිවන රිය අනතුරු අවම කරන්න, ක්‍රම වේදයක් සකස් කරලා ඒ ගැන ඔබතුමාගේ ආකර්ශනීය සුමිහිරි කට හඩින් ජනතාව දැනුවත් කරන්න පුළුවන් නම් හරි අගෙයි. (දිල්)
ත්‍රිවීල් එක තහනම් කරන්න ඉස්සෙල්ල තහනම් කලයුතු ගොඩක් වාහන ලංකාවේ. ත්‍රීවිල් එක අපේ ජනතාවට ගොඩක් අවශ්‍ය වාහනයක්. මෝටර් රථයකින් කරගන්න වැඩ අඩු වියදමකින් කරගන්න පුළුවන් වගේම ගොඩක් මිනිස්සු හම්බකරගෙන කන වාහනේ. (ර)
අනතුරු බහුල කාලයක් නිසා ප්‍රවේසමෙන් රිය ධාවනය කරන්න ඕන. ඔබලා සියලු දෙනාටම නිවන් සුව පතමු.!(දිල්)
මොන කෙහෙල් මල නිබුනත් මොකටද අපරාදේ ජිවිත නැති වෙනවනම් (අ)
මේ නැතිවෙලා ඉන්නේ අපේම කොල්ලෝ දෙන්නෙක්..නොසැකිලිමත් කම නිසා තමයි අනතුරු වැඩි (අ)
අපරාදේ තරුණ ජිවිත නිස්කාරනේ නැතිවෙනවා. එතකොට ත්‍රී වීල් එකේ කීයක් ගිහිල්ලද ? මැරුණු විරුවන්ට නිවන්සුව පතනවා.! (ර)
මොකද මේ හමුදාවේ අයට වෙලා තියෙන්නේ? (ර)
අනතුරු නිසා වාහන තහනම් කරන්න නම් මුළු රටේම වාහන තහනම් කරන්න වේවි. පුළුවන්නේ අපිටත් එතකොට හැටට හැටේ පයින් යන්න. ඒක නෙමෙයි මේකට පිළියම. නිසි ක්‍රමවේදයකට සහ ප්‍රමිතියකට රියදුරු බලපත්‍ර නිකුත් කරලා රියදුරන් සහ මහ ජනයාව මාර්ග නීති පිළිබඳව සහ මහ මඟ යනවිට තමන්ගේ ආරක්ෂාව ගැන හරියටම ක්‍රියාත්මක වෙන දැඩි නීතිරීති පද්ධතියක් යටතේ දැනුවත් කිරීම. (නි)
මේ වගේ තැන්වලට අනිවාර්යෙන්ම ආරක්ෂක වැටක් සවිකරන්න ඕනේ. (හේ)
රැයක් දවාලක් නැතුව වැඩකරලා ලෙඩක් වුණාම පයින් යන්න බැහැනේ (නි)
රටේ හුඟක් අයට සැප වාහන තිබුනට මේ අයට නැහැ (නි)
රටෙි හුගක් අයට සැප වාහන තිබුනට මෙි අයට නෑ රැයක් දවාලක් නැතිව වැඩකරලා ලෙඩක් උනාම පයින් යන්න බැහැනේ. (ස)
හමුදා වාහන කොහොමත් යන්නේ අනික් වාහන වගේ නෙමෙයි, හරිම වේගයෙන්. (නි)