IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


තාර මිලත් පහළට

තාර ලීටරයක මිල අද (31) මධ්‍යම රාත්‍රියේ  සිට රුපියල් 6.00කින් අඩුකිරීමට ලංකා කණිජතෙල් නීතීගත සංස්ථාව තීරණය කැර ඇත.

ඒ අනුව රුපියල් 92ක් වු 60/70 වර්ගයේ තාර ලීටරයක් රුපියල් 86 දක්වාද රුපියල් 91ක්වු 80/100 වර්ගයේ තාර ලීටරයක මිල රුපියල් 85 දක්වා අඩු කැර ඇතැයි ලංකා ඛණිජ තෙල් නීතීගත සංස්ථා කළමනාකරණ අධ්‍යක්ෂ සුසන්ත සිල්වා මහතා පැවසීය.

 



අදහස් (0)

තාර මිලත් පහළට

චානුක Saturday, 01 November 2014 11:18 AM

නියම වෙලාව තාර ටිකක් අරන් තියාගන්න. දැන් ඉස්සරහට ඕන වෙනවනේ .(‍හේ)

:       0       0

රවිදු Saturday, 01 November 2014 01:38 PM

ඒකත් ලාබ කලේ එයාලගේ වාසියට. ඡන්දෙ ලඟ නිසා අඩුවට අරන් කට්ටිය මදි නොකියන්න ගාගනී.(හේ)

:       0       0

සීල ද සිල්වා Friday, 31 October 2014 03:58 PM

යන්තම් ඇති තාර බරත් අඩුවෙලා! කෝ අර බන්දුල පෙරේරා? (නි)

:       0       0

රොහාන් Saturday, 01 November 2014 05:58 AM

තාර අඩු කලේ රටේ ජනතාවට ආහාරයට ගන්න. හරිම හොද ගුණාත්මක් කෑමක් හැමෝම කමු.(හේ)

:       0       0

රිකී Saturday, 01 November 2014 06:51 AM

කීයකින්ද දන්නේ නෑ.(හේ)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Friday, 31 October 2014 06:27 PM

මේකේ ලාබෙත් ඉතින් අධිවේගී මාර්ග වගේ ඒවායේ කොන්ත්‍රාත් ගන්න අයටම තමයි. කිරි මිලවත් අඩු කළා නම් දුප්පත් ළමයි ඒක හරි බොයි. දැන් ඉති තාර ලාබයි කියලා බොන්නද? (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 01 November 2014 07:23 AM

තව ටික දවසකින් කියයිද දන්නේ නැහැ පුන්නක්කු මිලත් පහල දැම්මයි කියලා.(හේ)

:       0       0

සෑම් Friday, 31 October 2014 07:05 PM

ඉතාම කාලෝචිත ක්‍රියාවක්. මේ නිසා පොදු ජනතාවගේ ජීවන වියදම පහළ යන බව ස්ථිරයි. (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Friday, 31 October 2014 07:17 PM

මහ ජනතාවට මොනතරම් සෙතක්ද? අවතාර, නන්නත්තාර එක්ක දැන් ගල්තාරත් ඇති වෙන්න තියෙනවා. (නි)

:       0       0

රෝයි Saturday, 01 November 2014 09:19 PM

බොරතෙල් බැරලයක මිල ලෝක වෙළඳපොළේ පහත යමින් තිබෙන නිසා තාරත් අඩුවෙලා ඇති (නි)

:       0       0

ඉසුරු Saturday, 01 November 2014 07:51 AM

තව ටිකක් අඩු කරන්න මොකද ජනතාවට තාර රැස්කර තියාගන්න පුළුවන් වෙයි නරක නොවන හින්ද පිළිකන්නේ හරි රැස්කරල තියාගෙන,(හේ)

:       0       0

විරාජ් Friday, 31 October 2014 09:00 PM

ජයවේවා! (නි)

:       0       0

චානක Friday, 31 October 2014 09:08 PM

ඉස්සරහට තවත් දේවල් අඩුවේවි. රැවටීමට වගේම රැවටීමට අසුවීමේ අඩුවකුත් නැහැ වගෙයි (නි)

:       0       0

රුමේෂ් Saturday, 01 November 2014 09:55 PM

නුවන්,අපේ රටේ බහුතරයක් බුද්ධිමත් ජනතාව මේ වතාවේ විතරක් නෙමෙයි තව සෑහෙන වතාවක් ඔය ගුලිය කනවා. රට ආශ්චර්යටනේ යන්නේ! (නි)

:       0       0

අශේන් Friday, 31 October 2014 09:37 PM

නියමයි.ඔහොම යමු. ඔහොම යමු........ (නි)

:       0       0

නුවන් Saturday, 01 November 2014 08:23 AM

අනේ මිනිස්සුනේ මේ පාරත් ඔය ගුලියම කන්න එපා.(හේ)

:       0       0

ඉන්දික Saturday, 01 November 2014 08:29 AM

නියම වෙලාව තාර ටිකක් අරන් තියාගන්න. (හේ)

:       0       0

මනමේන්ද්‍ර Friday, 31 October 2014 11:31 PM

ඒක හොඳයි. දැන් ඉතින් ඒකවත් කාලා අපිට ඉන්න පුළුවන්. (නි)

:       0       0

චමින්ද Friday, 31 October 2014 11:59 PM

පාරවල් හදන්න කොන්ත්‍රාත් දෙන්නෙ සාමාන්‍ය ජනතාවට නෙමෙයිනේ. ඉතින් සාමාන්‍ය ජනතාවට ඕක අඩුකළා කියලා ඇතිවෙන සෙත මොකද්ද? (නි)

:       0       0

සෙනාලි Saturday, 01 November 2014 09:36 AM

බඩු මිල බැස්සුවානම් මොකද වෙන්නේ.(හේ)

:       0       0

පිටිගල Saturday, 01 November 2014 09:53 AM

බඩු මිල අහස උසට නැගලා රට විනාශ වෙලා තිබෙන වේලාවක තාර මිල අඩු කිරීම ගැන මගේ ප්‍රණාමය.(හේ)

:       0       0

ධම්මික Saturday, 01 November 2014 01:18 AM

අම්මෝ ඇති යන්තම්! හිතට දැනෙන සැහැල්ලුව... ඕක අඩුවෙනතුරු තමයි අපි මේ මඟ බලාගෙන හිටියේ. ඕක එදිනෙදා ජිවිතයට අවශ්‍යම දෙයක් නිසා මහජනතාවට සතුටු වෙන්න පුළුවන්. (නි)

:       0       0

රොකී Saturday, 01 November 2014 01:47 AM

යාන්තම් ඇති! මන්දපෝෂණය, විටමින් ඌණතාව වළක්වාගැනීම සඳහා කෑමෙන් පසු මේස හැන්දෙන් තුනක් බැගින් දවසට තුන්වේලක් බොනු! පණු අමාරු සහ අර්ශස් රෝග නිවාරණයටත් ගුණදායකයි. (නි)

:       0       0

අජන්ත Saturday, 01 November 2014 01:58 AM

තාර අපිට ගන්න පුලුවන්ද? කොහෙද ගන්න තියෙන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site