තාර ලීටරයක මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 6.00කින් අඩුකිරීමට ලංකා කණිජතෙල් නීතීගත සංස්ථාව තීරණය කැර ඇත.
ඒ අනුව රුපියල් 92ක් වු 60/70 වර්ගයේ තාර ලීටරයක් රුපියල් 86 දක්වාද රුපියල් 91ක්වු 80/100 වර්ගයේ තාර ලීටරයක මිල රුපියල් 85 දක්වා අඩු කැර ඇතැයි ලංකා ඛණිජ තෙල් නීතීගත සංස්ථා කළමනාකරණ අධ්‍යක්ෂ සුසන්ත සිල්වා මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම වෙලාව තාර ටිකක් අරන් තියාගන්න. දැන් ඉස්සරහට ඕන වෙනවනේ .(හේ)
ඒකත් ලාබ කලේ එයාලගේ වාසියට. ඡන්දෙ ලඟ නිසා අඩුවට අරන් කට්ටිය මදි නොකියන්න ගාගනී.(හේ)
යන්තම් ඇති තාර බරත් අඩුවෙලා! කෝ අර බන්දුල පෙරේරා? (නි)
තාර අඩු කලේ රටේ ජනතාවට ආහාරයට ගන්න. හරිම හොද ගුණාත්මක් කෑමක් හැමෝම කමු.(හේ)
කීයකින්ද දන්නේ නෑ.(හේ)
මේකේ ලාබෙත් ඉතින් අධිවේගී මාර්ග වගේ ඒවායේ කොන්ත්‍රාත් ගන්න අයටම තමයි. කිරි මිලවත් අඩු කළා නම් දුප්පත් ළමයි ඒක හරි බොයි. දැන් ඉති තාර ලාබයි කියලා බොන්නද? (නි)
තව ටික දවසකින් කියයිද දන්නේ නැහැ පුන්නක්කු මිලත් පහල දැම්මයි කියලා.(හේ)
ඉතාම කාලෝචිත ක්‍රියාවක්. මේ නිසා පොදු ජනතාවගේ ජීවන වියදම පහළ යන බව ස්ථිරයි. (නි)
මහ ජනතාවට මොනතරම් සෙතක්ද? අවතාර, නන්නත්තාර එක්ක දැන් ගල්තාරත් ඇති වෙන්න තියෙනවා. (නි)
බොරතෙල් බැරලයක මිල ලෝක වෙළඳපොළේ පහත යමින් තිබෙන නිසා තාරත් අඩුවෙලා ඇති (නි)
තව ටිකක් අඩු කරන්න මොකද ජනතාවට තාර රැස්කර තියාගන්න පුළුවන් වෙයි නරක නොවන හින්ද පිළිකන්නේ හරි රැස්කරල තියාගෙන,(හේ)
ජයවේවා! (නි)
ඉස්සරහට තවත් දේවල් අඩුවේවි. රැවටීමට වගේම රැවටීමට අසුවීමේ අඩුවකුත් නැහැ වගෙයි (නි)
නුවන්,අපේ රටේ බහුතරයක් බුද්ධිමත් ජනතාව මේ වතාවේ විතරක් නෙමෙයි තව සෑහෙන වතාවක් ඔය ගුලිය කනවා. රට ආශ්චර්යටනේ යන්නේ! (නි)
නියමයි.ඔහොම යමු. ඔහොම යමු........ (නි)
අනේ මිනිස්සුනේ මේ පාරත් ඔය ගුලියම කන්න එපා.(හේ)
නියම වෙලාව තාර ටිකක් අරන් තියාගන්න. (හේ)
ඒක හොඳයි. දැන් ඉතින් ඒකවත් කාලා අපිට ඉන්න පුළුවන්. (නි)
පාරවල් හදන්න කොන්ත්‍රාත් දෙන්නෙ සාමාන්‍ය ජනතාවට නෙමෙයිනේ. ඉතින් සාමාන්‍ය ජනතාවට ඕක අඩුකළා කියලා ඇතිවෙන සෙත මොකද්ද? (නි)
බඩු මිල බැස්සුවානම් මොකද වෙන්නේ.(හේ)
බඩු මිල අහස උසට නැගලා රට විනාශ වෙලා තිබෙන වේලාවක තාර මිල අඩු කිරීම ගැන මගේ ප්‍රණාමය.(හේ)
අම්මෝ ඇති යන්තම්! හිතට දැනෙන සැහැල්ලුව... ඕක අඩුවෙනතුරු තමයි අපි මේ මඟ බලාගෙන හිටියේ. ඕක එදිනෙදා ජිවිතයට අවශ්‍යම දෙයක් නිසා මහජනතාවට සතුටු වෙන්න පුළුවන්. (නි)
යාන්තම් ඇති! මන්දපෝෂණය, විටමින් ඌණතාව වළක්වාගැනීම සඳහා කෑමෙන් පසු මේස හැන්දෙන් තුනක් බැගින් දවසට තුන්වේලක් බොනු! පණු අමාරු සහ අර්ශස් රෝග නිවාරණයටත් ගුණදායකයි. (නි)
තාර අපිට ගන්න පුලුවන්ද? කොහෙද ගන්න තියෙන්නේ? (නි)