අතුරුදන් වූ හා සිවිල් සංවිධාන හතරක් ඒකාබද්ධ වෙමින් අද (03) උද්ඝෝෂණයක් පැවැත්විය.
යුද සමයේ පැහැරගත් හා අතුරුදන් වූ තම ඥාතීන් සොයා දෙන ලෙසත් ඔවුන් නව රජයට බල කළහ.
අතුරුදන් වු හා පැහැරගත් ඥාතීන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් පැවැති මෙම උද්ඝෝෂණයේ 2008 වසරේ අවස්ථා තුනකදී අතුරුදන් වූ හා පැහැරගත් පුතුන් තිදෙනෙකුගේ මවක් පුතුන් තිදෙනා එකට ගත් ඡායාරූපයක් ප්‍රදර්ශනය කරමින් සහභාගී වී සිටීම විශේෂත්වයකි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය පැහැරගෙන ගියේ කොටි කියල මේ අම්මල දන්නෙ නැතිව නෙමෙයි. මේ අය දැනට මැරිල කියල දන්නෙ නැතිවත් නෙමෙයි. සමහර විට ඇත්තටම යුද්දෙන් දුක් වින්දෙ මේ අය නෙමෙයි වෙන්නත් පුළුවන්. මොකද මේ අය හැමවිටම ඇගිල්ල දික් කරන්නේ රජයේ හමුදාවට විතරයි. එතකොට දකුනේ අතුරුදන් වූ හමුදා සෙබලුන්ගේ අම්මලා මෙහෙම පාරට බහින්නෙ නැත්තේ ඒ අයට දරු කැක්කුම නැති නිසාද? එහෙම නෑ. ඒ අයව ඒ තැනට පත්කරන්න පොළඹවන්න සංවිධානයක් නෑ. උතුරේ ඇවිලෙන ගින්නට පිදුරු දාන්න ඕන තරම් සංවිධාන තියෙනවා. හැබැයි දැකල තියෙනවාද කවුරුවත් අන්තර්ජාතික ඒල්ටීටීඊ ඩයස්පෝරාවට විරැද්ධව පාරට බැහැල ඉන්නවා. හරියට බැලුවොතින් මේ පේන දේවල් සත්‍යද කියල හිතන්න අමාරු තරමට අවුල් සහගතයි නේද? (නදී)
ප්‍රභා උන්නා නම් අහන්න තිබ්බා .....දැන් මොකෝ කරන්නේ .(හේ)
දැන් කොහොම කියලා හොයන්නද?(හේ)
දැන් අවුරුදු පහක් ගිහින් කොහේ හොයන්නද?ඉන්නවානම් දැන් මේ වෙනකොටත් ඇවිත්.(හේ)
මෙවන් විපත් මතු ලොව කිසිවෙකුටවත් සිදු නොවේවා. සියලු දෙනා සුවපත් වේවා.(හේ)
පුත්තු තුන්දෙනෙක්ම නැති වෙලා. අම්මේ අම්මව දකිනකොට අපිටත් හරිම දුකයි .යුද්ධයෙන් අපිට නොලැබිච්ච දේවල් විතරයි තියෙන්නේ. ලැබුන දෙයක් නෑ .යුද්ධය අවසන් කරපු හැම සොල්දාදුවෙකුටම, ෆොන්සේකා මහතාට, මහින්ද හිටපු ජනපතිට අපි සදා ණය ගැතියි. (ර)
වැඩිදෙනෙක් නැතිවෙලා තියෙන්නේ කොටි පාලනය කළ අඩවි වලින්, ඉතින් මේ අයගැන කොටිගෙන්ම තමා ඉස්සෙලාම අසා දැනගන්න ඕනා. (හේ)
ප්‍රභාකරන් ගෙන් ඇහුව නම් කියයි ඉන්න තැන.(හේ)
මේවා අහන්න ඕනේ අපේ රජයෙන් නෙවෙයි කියලා මෙයාලා දන්නේ නැද්ද (දිල්)
මුන්ට අල බහිනකන් ඉන්න පුළුවන්. තැම්බෙනකල් ඉන්න බැරිද? (දිල්)
ආණ්ඩුව මේවටත් උත්තර දෙන්නකෝ (දිල්)
ප්‍රබාකරන් නස්පැත්තිය කවද මිනිස් හදවත් වලින් ඉවත් වේවිද? (නදී)
පැතුම් කියන දේ හරියටම හරි (නදී)
මේත් මිනිසුන් ඒකවත් හිතන්න. දෙමාපියන්ට දරුවන් ඇර වෙන සම්පතක් නැහැනේ නේද? අහිමි වීමේ වේදනාව දන්නේ ඒ අයයි. වගකිව යුත්තා ප්‍රබාකරන් මතකනේ විජේවීර නිසා අම්මලාට දරුවන් නැති උනා (නදී)