තුන්මාසයක නියඟය නිසා ත්‍රිකුණාමලයේ සියලු වැව් අමුණු සිදී යද්දී ධෛර්ය සම්පන්න ගොවියෝ පිරිසක් රජයෙන් සතයක්වත් නොගෙන කිලෝමීටර් හතර හමාරක ඇළක් කපා කුඹුරු අක්කර හත්සිය පනහක් වගා කිරීමට මංගල දියවර අද නිකුත් කළහ.
ගෝමරන්කඩවල කල්‍යාණිපුර ,පන්කුලම වැවෙන් ඔවුහු මේ වික්‍රමය කළහ.
ගමේ ගොවි සමාජ නායකයකු වන එස් සුමනරත්න මහතා මේ කාර්යයේ නියමුවාය.
ඇළ කැපීමට වැය වී ඇත්තේ රුපියල් අට ලක්ෂ හැත්තෑ පන්දහසක් පමණ මුදලකි.ඒ සියල්ලම ගමෙන් එකතු කැරිණී.
කල්‍යාණපුර චිත්ත විවේකාරාමයේ විහාරාධිපති මා කඳුරේ මහින්ද සෝම හිමි,ගෝමරන්කඩවල ප්‍රාදේශිය ලේකම් රුවන් ජයසුන්දර මහතා,ප්‍රාදේශිය සභා උප සභාපතිනි නිරංජලා සරෝජනී මහත්මිය,ගොවිජන සේවා සහකාර කොමසාරිස් උලිඳ කුමාර් මහතා හා සුමනරත්න මහතා ඇතුළු ගැමියන් මේ කාර්යයේදී දිරිමත් කළ බව ගැමියෝ කියති.
රජය උදව් කරන්නේ නම් තවත් වැව් තුනක් සම්බන්ධ වන සේ ඇළ මාර්ගයක් කපා කුඹුරු අක්කර පහළොස් දහසකට දියවර සැපයීමට තමන් සුදානම් බව කල්‍යාණපුර වැසියෝ පවසති.
.jpg)
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා ශ්‍රේෂ්ට වැඩක් (දී)
ඉතා හොද වැඩක් (දී)
මම ඔය පැත්ත බාර දේශපාලුවෙක් උනානම් මේක හොද අවස්ථාවක් කරගෙන ඔය මිනිස්සුන්ට කියල ඉතිරි ඈලත් කප්පවනවා. එකෙන් මට ආර්ථික වාසියක් නැති උනත් මිනිස්සුන්ගේ හිත් දිනාගන්න හම්බ වෙයි. (දී)
අපේ ගොවියන්ගේ ශක්තිය ගැන ඉතාම සතුටුයි.රජයෙන් කලානම් කීදෙනෙක් සල්ලි පිල්ලි ගහයිද? දේශපාලකයන්ට දුක ඇති කොමිස් එක මිස් වුනාට. (දී)
දේශපාලකයෝ ඔක්කොම දැඩි ලෙස දුක් වෙන පුවතක් (දී)
දැන් කාටවත් මොකුත් කියන්න බැහැ (දී)
අතීත හෙළ වරුන විදහා පෑමක් (දී)
ජයවේවා.....ජයවේවා .... නියමයි. සිංහලයින්ගේ වැඩ නියමයි (දී)
රටක් දියුණු කරන්න ජනතා සේවය අත්‍යාවශ්‍යයි (දී)
ලෝකෙටම සිංහලයාගේ වැඩ පෙන්නන්න හොද ක්‍රියාවක් (දී)
මතක තියාගන්න අපේ ඇඟේ දුවන්නේ සිංහල කියලා (දී)
මේවගේ එකතු වෙනවනුම් මොනවද කරන්න බැරී. නියමයි (දී)
සහභාගී වු සියලු දෙනාටම බුදු සරණයි.(නදී)
දේශපාලකයෝ විරුද්ද උනේ නැතුවා පුදුමයි (දී)
ජනතා අයිතියට පත් කරන්න දේශපාලකයෙකුට කියුවනම් හරි (දී)
උපාලිගේ අදහස හරි (දී)
යෝදයෝ හිටපු අපේ වැව්බැඳී රටේ කානුවක් කපාගන්න බැරි අයට ඔබ සියලු දෙනා දුන්නේ උතුම් ආදර්ශයක් ඔබ සියලු දෙනාට තිස් තුන් කෝටියක් දෙවි දේවතාවන්ගේ පිහිට ලැබේවා (දී)
අන්න නියම මිනිස්සු ඔය වගේ එන්නවනම් මොනවද කරන බැරි(දී)
ඔය ඇළ කපන්න ඇමති කෙනෙකුට බාර දුන්නා නම් ලක්ෂ අට නෙමේ .කෝටියටක්වත් යනවා. මොනවා උනත් අපේ ගොවි ජනතාවට යෝදබලය, යෝද ශක්තිය ලැබේවා. තව තවත් මෙවැනි දේවල් කරන්න.(නදී)
ඔබ තමා අපේ රජවරු.(නදී)
මෙන්න නියම ගොවි නායකයෙක් මොහු ඇතුළු මොහුගේ මෙමෙ ක්‍රියාවට දායක වූ සැමට සුමන සමන් දෙවි පිහිට පතමි (දී)
රටේ ආශ්චර්ය එයයි. ගොවි විශ්‍රාම වැටුප දෙගුණ තෙගුණ කොට මේ අයට දිය යුතුයි. කෘෂිකර්ම ඇමතිතුමනි, වාරිමාර්ග ඇමතිතුමනි කලයුතු දේ අදම කරන්න.(නදී)
දේශපාලකයින්ට තැනක් දුන්න නැති නිසා ප්‍රශ්නයක් ඇති කලේ නැතුවා පුදුමයි (දී)
මෙන්න රජ කාලේ වැඩක්,මේ වැඩේ කරපු සියලුම දෙනාට තෙරුවන් සරණයි. (දී)
ජනතා අයිතියට පත් කරන්න ගමේ පන්සලේ හාමුදුරුවන්ට කියන්න (දී)
විවෘත කරන්න එක දේශපාලකයෙකුටවත් එන්න දෙන්න එපා. (දී)
රජයෙන් කාණුවක් කැපුවොත් මිලියන ගණන් කියන්නේ. මේවා තමා ඇත්ත. ඔය සත් වැඩට ආණ්ඩුව ගාවාගන්නේ නැතුව ඉතුරු ටිකත් කරන්න දහිරිය ලැබේවා!(නදී)
ගෝමරන්කඩවල වීර වික්‍රම සිහල ගොවි ජනතාවට අපි අප සැමගේ ආචාරය පිරි නමමු.(නදී)
මේ ගැමියන්ගේ ධෛර්ය ඇත්තටම අගය කල යුතුය. (දී)
ඔබට සදා ජයවේවා! (නදී)
රටටම ආදර්ශයක් (දිල්)
මඩ සෝදාගත් කළ ගොවියා රජකමට සුදුසුයි කිවේ මෙනිසාම නේද ? (දිල්)
සුවර් එකටම ජනතා විමුක්ති පෙරමුණේ කෙනෙක් සම්බන්ධ ඇති.(නදී)
ඔබලාට සුබ පැතුම් (දිල්)
බොහොම හොඳ ආදර්ශමත් කාර්යක් නමුත් වාරිමාර්ග ඉංජිනේරුවන්ගේ ගිණුම් අනුව රජයේ මුදල් මිලියනයක් වියදම් කර ඇත.(නදී)
ඇහැට සතුටු කදුළු එනවා අපේ ගොවි මහත්වරුන්ගේ ශක්තිය දහිරිය ගැන දැකලා. මඩ සෝදා ගත් කළ රජ කමට සුදුසු ඔබ තුමන්ලාට මුළු රටේම උපහාරය පුද කරමු.තෙරුවන් සරණයි. (දිල්)
ජය වේවා! (නදී)
ඉතාම අගය කළයුතු වැඩක්. මේක ආණ්ඩුවෙන් හැදුව නම් අනිවාර්යයෙන්ම ලක්ෂ අට සීයත් පනිනවා.(දිල්)
සමගිය බලය වේ.හැම දේටම රජය පස්සේ යන්නේ නැතුව එකමුතුව ගමේ අය වැඩ කරනවා නම් රට දියුණු කරන්න වැඩි කල් යන්නේ නැහැ.(දිල්)
අපි වෙනුවෙන් අපි , තෙරුවන් සරණයි ! (නදී)
මෙය නම් ප්‍රශංසා කළ යුත්තක්. සැමට ආදර්ශයක්.(නදී)
රජයෙන් මුදල් ආදාර නොදුන්නත් වචනයෙන් හරි දෙන දහිරිය ශක්තිය අපේ ගොවි මහත්තුරුන්ට ලොකු ශක්තියක්. අපේ රජය නැවතත් අපේ රට ආසියාවේ ධාන්‍යාගාරය කරනු ඇත. නිල් පාට දිලේවා. (නදී)
ලියන්න දේවල් කොච්චර තිබුනත් කෙටියෙන් ඔබලාට අපේ ගෞරවය. මේවා කළ යුතු දේවල්. අපේ අය කරන්නේ බොරු වැඩ.(නදී)
මේවා සමස්ත ජාතියේම උන්නතිය වනුවෙන් කල වැඩ (දී)
ඔබ ශ්‍රේෂ්ටයි මහතුනි. (නදී)
ඇත්තටම මේ වගේ උත්සහවන්ත මිනිස්සු ඉන්න එක රටට ආඩම්බරයක්... (දී)
දිරිය මිනිසුන්ට මාගේ උත්තමාචාරය! (නදී)
නරකද මේ වාගේ වැව් ටිකක් කපලා ඇලවල් ටිකක් කපලා කුඹුරු ටිකක් හදාගන්න උදව් කළොත් (දිල්)
රජයටත් ආදර්ශයක් ගත හැකි කදිම පියවරක්. අද රජය මෙයට මැදිහත් උනානම් මීට වඩා මුදලක් වැය කරනවා (දිල්)
අපේ ගොවි රජුන්ලට පින් මේ වතුර දැක්කම ලංකාවට දුවල එන්න හිතෙනවා.(නදී)
මෙන්න නියම සිංහලුන්ගේ වැඩ (දිල්)
මෙන්න නියම ජාතිහිතෛෂි නායකයෝ .බැනර් කටුට් නැතිව ඉහලම මනාපෙන් පත් කරවන්නට හැකි .අපේක්ෂකයෝ (දී)
අන්න නියම මිනිස්සු (දී)
මෙය මුලු රටටම මහත් ආදර්ශයක්,නොපසුබට උත්සහයෙන් නිබදවම මහත් ජයග්‍රාහී ප්‍රතිපල අත්වනු ඇත. රටක් වශයෙන්ද අප මෙය උතුම් ආදර්ශයකට ගනිමු.ජය වේවා. (දී)
දිරිය මිනිසුන් ඔබලා වැනි අය ආදර්ශයක් (දී)
මෙන්න ඉන්නවා නියම ජනහිතකාමී මිනිස්සු (දී)
පැරකුම් පරපුරේ උත්සහවන්ත මින්ස්සු .මෙයලවයි පාර්ලිමේන්තු යවන්න ඕන (දී)
දෛර්ය සම්පන්න මිනිස්සු ඔබලාට සියලු දෙවි පිහිටි රැකවරනයි (දී)
බොහොම හොද වැඩක් සියළු දෙවි පිහිටයි (දිල්)
බොහොම හොඳ ආදර්ශමත් කාර්යක් .. අපිට මොනාද කරන්න බැරි ..කියල ඔප්පු කරලා පෙන්නලා තියෙන්නේ ඔබලාට සඳා ජය ..... (දී)
මෙම කාර්යට සහභාගී වු සැමට දළදා සමිදු පිහිටයි. දේශපාලනේ නොගෑවුණු තැනක ඉතාම හොද වැඩක් කරන්න පුළුවනි.(දිල්)
රජයෙන් සතයක්වත් ගන්න එපා, ඕකට පොඩ්ඩක් හරි ඇගිල්ලක් ගැහුවොත් රජය තමයි ඔක්කොම කරේ කියයි (දී)
මේ දෑත්වලට තව තවත් ශක්තිය ලැබේවා. (දී)
මෙම සත් කාර්යයේ නියමුවන් වන සුමනරත්න මහතා සහ අපේ පුජනීය හාමුදුරුවන් වහන්සේ ඇතුළු ස්වෙච්චාවෙන් කැප උන ඔබලා සියලුදෙනාම සැබවින්ම අභය කුමරු, ධාතුසේන, මහා පරාකක්‍රමබාහු ආදී වූ නර විරු පරම්පරාවලින් පැවත එන සත් ගුණවත් දෑ හිතෛශීන් ම වන්නාහ. පළමු පින්තුරයෙන් පෙනෙන ගලනා ජලධාරාවෝ සැබවින්ම ප්‍රභාෂ්වර ය. සිතෙහි මතුවන සිතුවිලි ද ප්‍රභාෂ්වරය. වෙන උවම් කුමටද?(දී)
මෙන්න ගැමියෝ ..... නියමයි (දී)
ගෝමරන්කඩවල පැත්තේ ඉන්නේ හොඳ උත්සහාවන්ත මිනිස්සු. යුද්දේ කාළෙත් රට රැක ගන්න වෙහෙසුනා (දිල්)
සැමදෙයක්ම රජයෙන් ලැබෙන තුරු බල නොසිට , තම උපන් බිමට තමුන්ගෙන් ඉටුවිය යුතු සේවය ඉටු කළ හෙළයේ වීර පුතුන්ට උපහාරයක් ම වේවා !!(දිල්)
මෙම සත් කාර්යයට මුලිකව කටයුතු කළ සියලුම පින්වතුන්ටත් වචනයකින් හෝ උදව් කළ යමෙක් ඇත්නම් එම සියලු දෙනාටත් පිං(දිල්)
සුපිරි වැඩක් .රජයෙන් ආදාර කරන කල් බලාගෙන ඉන්නේ නැතිව ගමේ හයිය පෙන්නුවට සුමනරත්න ගොවි මහතා ඇතුලු පිරිසට අපේ සුබපැතුම් . (දී)
මෙන්න නියම ඇස්තමේන්තුව හා වියදම. ඔය තමයි කි.මී. 04ක ඇලක් කපන්න යන ඇත්ත මුදල. දැන් හිතාගන්න පුළුවන් නේද අපේ වගකිව යුත්තො මේ වගේ දෙයක් කරල ඉදිරිපත් කරන ගනන් හිළවු වල තත්වය. ඔය ලක්ෂ 08 අපේ වගකිවයුත්තන්ගේ ඇස්තමේන්තුවකට දැම්මොත් අඩි දහයක ඇළක් කපන්න බෑ.(නදී)
බුද්ධිමත් ජනතාව දේශපාලුවන්ට යටත් වී සිටිනතුරු රට දියුණු කරන්න බැහැ.දිරිය ගොවි ජනතාවට උපහාරය.(නදී)
අවන්කවම රට හදන්න ගොවි බලය අවශ්‍යයි. මේකට සම්බන්ද උණු කට්ටිය මේ ශතකයේ වීරයෝ. අනික් වැඩ වලදීත් අවංකවම රටේ ජනතාව පාට - ජාතිය නොබලා එකතු වෙනව නම්, දේශපාලන බල්ලෝ පස්සේ නොයා ඉන්නවා නම් උන් නකුට වනාගෙන ඉඳීවි සාමාන්‍ය ජනතාවට බයේ. වැඩි කල් නොයා ඕකට දේසපාලන පොල්ලක් දැම්මේ නැත්නම් මෙන්න කැට.(නදී)
මේක කියවපුවහම ඇහට කඳුලක් ආවා. මෙන්න නියම සිංහල මිනිස්සු. තිසරණ සරණින් යෝද බල යෝද වීර්ය ලැබේවා! (නදී)
ගැමියන්ගේ නොපසුබට උත්සාහයට සුභ පැතුම්! රජයේ වියදමින් කරගන්න ගියා නම් ඇස්තමේන්තු හදලා ,මුදල් වෙන්කරලා, ටෙන්ඩර් කැඳවලා, කොමිස් කාරයෙක් තෝරන කොට ගොවියාගේ කුඹුරු සියල්ලම පුරන්වෙන එක නොඅනුමානයි. (නදී)
නියම මිනිස්සු.(නදී)
රජ කාලේ කරපු වැඩ දැනුත් අපේ රටේ සිදු වෙනවා අපේ ගොවියන්ට ජය. (දිල්)
අන්තිම ෆොටෝ එකේ ඉන්න ගොවියෝ ටික ඉන්න තැන තියෙන බිත්ති ටික දැක්කම හිතෙනවා ගොවියෝ ඉන්නේ එංගලන්තේ ද කියල (දී)
ඔය ඇළ විවෘත කරන දා දේශපාලුවෙක් ඔලුව දාල නැද්ද ? (නදී)
මෙය දේශපාලකයන් කලානම් ලක්ෂ 80 ක් වත් යයි .දැන් මේ මිනිසුන්ට නඩු දාවිද දන්නේ නැ නීති විරෝදී දෙයක් කියලා ............. (දී)
ගොවි ජනතාවට බොරු කරන දෙසපලුවන්ගේ බේරිලා මෙවන් දෙයක් කරීම විස්මය ජනකයි!!! හැම දෙකින්ම කොමිස් ගහන අය මේ අලෙනුත් කොමිඝනවා හැදුවනම් හදන්න දුනනම්. ජනතාව බුදිමත් ජනතාව රවට්ටන්න දේශපාලකයින්ට බැහැ (දී)
ඇල ගාවින් කාපට් පාරක් ඕනනම් අපිට කියන්න හදල දෙන්නම් හරි කෙලින් (දී)
සම්භන්ධ වූ සියල්ලන්ටම තෙරුවන් සරණයි (දී)
හිතට ආඩම්බරයක් දැනුන. මේ ගොවි මහතුන්ට යෝධ බල යෝධ විරියම ලැබේව!! (දී)
ගොවි ජනතාවට හැමදාම දුක තමයි චන්දෙ කාලෙට රබන් හහන්න එනවා (දී)
දියාරු දේශපාලකයෝ නැති පළාතක් වෙන්න ඕන,චිරන් ජයතු මේ තමඊ සැබෑ හෙළයෝ (දී)
කොමිස් ගැහුවනම් කොටි අටක් කියයි !!! හොද වෙලාවට ගොවි ජනතාව බුද්දිමත් ජය වේවා ජනතාවට .!! (දී)
ලංකාවට ආදර්ශමත් මිනිස්සු සතුටුයි (දී)
රජය උදව් කරන්නේ නම් තවත් වැව් තුනක් සම්බන්ධ වන සේ ඇළ මාර්ගයක් කපා කුඹුරු අක්කර පහළොස් දහසකට දියවර සැපයීමට තමන් සුදානම් බව කල්‍යාණපුර වැසියෝ පවසති!! බලන්න ජනතාවගේ තියන ශක්තිය කැපවීම. දේශපාලකයෝ මොනවද කරන්නේ ??? (දී)
තාමත් නියම සිංහලයෝ ලංකාවේ ඉන්නවා කියන එක ඇහැට සතුටු කඳුළු උනන ප්‍රවෘත්තියක්! (දී)
අපි හදන්නේ කාපට් පාරවල් විතරයි මොකද ඇලවල් හැදුවට සල්ලි කොමිස් ගහන්න බැහැ කිලෝමිටරකින් කෝටි ගනම් ගහන්න පලුවන් කාපට් පාරවල් හැදුවම චිනෙම් නය දෙන්නේ පාරවල් හදන්න විතරයි !! (දී)
ඔබලාට සියලු දෙවි පිහිටයි (දී)
වන්ණු පථ ජාතක කතාව නොකිව් ගැමියෙකු ලංකාවේ ඇතැයි සිතිය නොහැක. බෝධිසත්වයින්ගේ වීර්ය පාරමිතාව ආදර්ශයට ගත් අපේ මුතුන් මිත්තන් අපට ඉතිරිකර ඇත්තේ වැව හා දාගැබ මුල්වූ ශ්‍රේෂ්ට ඉතිහාසයක් පමණක් නොව විශිෂ්ට වූ ජාන ශක්තියකුත් උරුම කර ඇත. දෙපයින් සිට ඔබගේ අධිෂ්ටාණය හා ජයග්‍රහණය අද දින මෙසේ සනිටුහන් කරන්න.(දී)
සේරුවිල නායක ස්වාමින්වහන්සේගේ මෙහෙයීමෙනුත් අනාතවුන මිනිස්සු වැවු ගණනාවක්ම පිළිසකර කර ගත්තා. ඒත් ඒවායින් වතුර ඉඩම් වලට ගන්න හුලන් ආධාරෙන් වැඩ කරන පොම්ප ආණ්ඩුවෙන් ඉල්ලලා බලාගන ඉන්නවුනා කියලා අපි දැක්කා ගිය වෙලාවේ. මෙහෙම මහන්සි වෙන ජනතාව තව ඉන්නවා උතුර නැගෙනහිර, ඒ අයට තව උදවු කරන එක නැගිටින්න අත දෙන එක අනිත් අයගේ යුතුකමක්.. (දී)
බලාට සියලු දෙවී පිහිටයි (දී)
මේ ගොවියන්ට විදේශයක සිට අපේ උත්තමාචාරය මෙසේ පිළිගන්වමු!! නව සීලන්ත සිංහලයෝ (දී)
රටෙන් අපට නොවෙයි පුතේ; අපෙන් රටට කලයුතුවේ! කියමන ආදර්ශයෙන්ම පෙන්වදීපු මොවුන්ට සියලු දෙවිපිහිට ලැබේවා! (දී)
පුදුමයි ඒත් ඇත්තයි. (දී)
ඕක රජයෙන් කලා නම් වැය උණු මුදල රුපියල් 3500,000 කියාවි. යටි මඩි ගැහීම් එක්ක නිමල් ඔය කියන විදියට තව ටික කාලයක් බබලාවි.(නදී)