ඉන්දියවේ බැංගලෝර් හිදී අගෝස්තු 7 , 8 හා 9 දිනවලදී පැවැත්වෙන ත්‍රෝ බෝල් තරගාවලිය සඳහා ශ්‍රි ලංකාව නියෝජනය කරන පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායම ඉරිදා (05) ඉන්දියාවේ බැංගලෝර් බලා පිටත් විය.
මෙම තරගාවලිය සදහා ශ්‍රි ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය, මාලදිවයින හා සිංගප්පූරුව යන රටවල් සහභාගි වීමට නියමිතය.
ශ්‍රි ලංකාව නියෝජනය කරන පොලිස් විශේෂ කාර්ය බළකා කණ්ඩායම ආර්. එම්. පී. ජයකැලුම්ගේ නායකත්වයෙන් තරග වැදීමට නියමිතය. ගයාන්, බංඩාර, උපුල් චාමින්ද, සජීව, අමිල, උපුල්, කුමරසිංහ, මනතුංග, මදුශංක, චමින්ද, ගුණවර්ධන හා ලහිරු යන ක්‍රිඩකයන් ත්‍රෝ බෝල් කණ්ඩායම නියෝජනය කරයි.
කණ්ඩායමේ පුහුණුකරු හා කළමනාකරු ලෙස ගාමිණී ඒකනායක හා විනිසුරු ලෙස ගාමිනි පුන්‍යසිරි යන මහත්වරු එක්ව සිටිති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අංක 1 ත්‍රෝ බෝල් කණ්ඩායම ' ඕල් ග්‍රීන්ස් ' ඒ ගොල්ලන්වත් මෙම තරගාවලියට යැව්වා නං තමයි හොඳ (නදී)