ට්‍රාන්ස් ඒෂියා ගුවන් යානයක් තායිවානයේ පෙන්ගු දූපතේ දී අනතුරකට ලක්වීමෙන් මගීන් 45 දෙනකු පමණ මිය යන්නට ඇතැයි තායිවාන මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය බිය පළ කරයි.

ඇන්ජින් දෙකේ ටර්බෝ ප්‍රොක් ගුවන් යානයේ මේ අනතුරෙන් මගීන් නව දෙනකු පමණ තුවාල ලැබූ බව ද වාර්තා වේ.