(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා - තායිලන්ත බෞද්ධ සබඳතා ශක්තිමත් කරමින් ‘Phra Phuttha Metta’ බුද්ධ ප්‍රතිමා 108ක් මෙරටට පූජා කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

එම ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා තායිලන්තයේ Maha Rattana බෞද්ධ සංගමය නියෝජනය කරමින් පැමිණි 15 දෙනකුගේ කණ්ඩායමක් සහ විදේශ කටයුතු විදේශ රැකියා අමාත්‍ය  විජිත හේරත් මහතා අතර සාකච්ඡාවක් කොළඹදී පැවැත්විණි.

රන් ආලේපිත බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ද එහිදී අමාත්‍යවරයාට පිළිගන්වා තිබේ.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින දීර්ඝකාලීන ආගමික හා රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් තහවුරු කරමින් මෙම  ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. 

ආගමික සමඟිය සහ සාමය පෙරදැරි කරගනිමින් දෙරටේ අධ්‍යාත්මික බැඳීම ශක්තිමත් කිරීම මෙහි මූලික අරමුණ බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

මෙම ව්‍යාපෘතිය තායිලන්තයේ සාරාබුරි හි සංඝ දිස්ත්‍රික් නිලධාරී සහ Wat Pa Sawang Bun විහාරාධිපති Phra Khru Visudhisutawat (Somchai Punyamano) නායක හිමිගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවනු ලැබේ. w