කොරෝනා වයිරස ව්‍යාප්තිය මැඩ පැවැත්වීම සඳහා පනවා ඇති හදිසි තත්ත්වය ජුනි මස අවසානය දක්වා පවත්වාගෙන යෑමට තායිලන්ත බලධාරීහු තීරණය කර තිබේ.
දැනට පනවා ඇති සීමාවන් ලිහිල් කරන අතරතුර ආසාදන පාලනය කර තබා ගැනීම සඳහා මෙලෙස හදිසි නීතිය දීර්ඝ කරන බව තායිලන්ත කොවිඩ් - 19 කාර්ය සාධක බලකාය පවසයි.
මාස දෙකකට ආසන්න කාලයක් වසා දමා තිබූ සාප්පු සංකීර්ණ, වෙළඳසැල් සහ දෙපාර්තමේන්තු නැවත විවෘත වී ඇත.
ජාත්‍යන්තර මගී ගුවන් ගමන් තහනම ද ජුනි අවසානය දක්වා දීර්ඝ කර තිබේ.
එසේ වුවද බාර්, රාත්‍රී සමාජ ශාලා, සිනමා ශාලා සහ ක්‍රීඩා පිටි තවදුරටත් වසා දමා තිබේ.
දැනට වසා දමා ඇති පාසැල් ජූලි මාසයේ විවෘත කිරීමට නියමිතය.
මාසයක් පමණ කාලයක් තිස්සේ තායිලන්නයේ දෛනික ආසාදිතයන් වාර්තා වීම අඩුවෙමින් පැවති අතර පසුගිය පැය 24 තුළ කිසිදු ආසාදිතයෙකු හෝ මරණයක් වාර්තා වී නොමැත.
තායිලන්තයේ මේ වනවිට තහවුරු වී ඇති කොරෝනා ආසාදිතයින් ගනන 3 037 ක් වන අතර මරණ 56ක් සිදුවී තිබේ.
රෝගීන් 2 910 දෙනකු සුවය ලබා තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
තායිලන්තයේ සෞඛ්‍ය සම්බන්ධ හදිසි තත්ත්වය ජුනි අවසානය දක්වා දීර්ඝ කරයි