සත්ත්ව නිරෝධායන පනතට පටහැනිව තායිලන්තයේ සිට මෙරටට ගෙන ආ කුරුල්ලන් 10 ක්, පාට පාට පරවියන් 04 ක් , අළු සහ දුඹුරු පැහැ මීයන් 04 ක් ආපසු එම රටටම හරවා යැවීමට නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතා අද නියෝග කළේය.
ගලෙන් බිදුනු වැව ප්‍රදේශයේ පදිංචි තිස් හත් වියැති පුද්ගලයෙකු තායිලන්තයේ සිට ගුවනින් මෙම සතුන් මෙරටට ගෙනවිත් ඇත.
රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසූවේ පක්ෂීන් කුමන වර්ගයකට අයත් දැයි හදුනාගත නොහැකි බවයි.
සැකකරු අද තායිලන්තයේ බැංකොක් සිට මෙරටට පැමිණ ඇත.
ගුවන්තොටුපොළ පොලිස් මත් ද්‍රව්‍ය කාර්‍යංශ නිලධාරීන් විසින් සැකකරුගේ ගමන් මළු පරීක්ෂා කිරීමේදී පෙට්ටවල බහා සිටි මෙම සතුන් සොයා ගෙන ඇති අතර පසුව සැකකරු සමග රේගුවට බාර දී ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙවන් ගුවන්තොටුපොළ රේගු නිලධාරීහු සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටබැද්දර ජයා, එහෙම කියන්න එපා, අපි ඉන්දියාවෙන් ඇවිත් මෙහෙ පැලපදියම් උන කට්ටිය කියල එයාලට අමතක වෙනකම් සද්ද නැතිව ඉමු (අ)
නිල - රනා මොකද අරාබියෙන් ඇවිත් මෙහෙ පැලපදියම් උන කට්ටිය අමතක උනාද ?(නදී)
සත්තු ටික ලංකාවට ගිහින් කියයි අපි ලංකාවේ විසිට් එකකට ගිහින් ආවේ කියලා. රේගුවෙන් අල්ලයිද දන්නේ නැහැ වීසා නැති නිසා.(නදී)
සත්තු ටික ආපසු ඇරපු එක බොහොම හොඳ දෙයක්. මොන වගේ විසබීජ අරන් එනවද දන්නෑනේ . පිටරටින් පොල් කුරුමිණියෝ ඇවිල්ලා කරපු විනාශෙ සමහරුන්ට මතක ඇති සමහර විට . (ස)
හ්ම්, තායිලන්තෙන් නේද? පිරිමි සත්තු වෙන්න බැහැ එහෙනම්. (නි)
ගල් බිඳලා වැව් හදලා කල්ලතෝනි ඉන්දියාවෙන් ගෙනත් මෙහෙ පදිංචි කරගත්තා වගේම තියෙයි. ලෝකෙ පුරා ඉන්න මීයො, කබරු, බකමූනොත් මෙහෙට ගෙනත් දාගත්තොත්. ඒ නිසා සත්තු ආපසු යවන එක හොඳයි. (ස)