තායිලන්තය සහ ශ‍්‍රී ලංකාව අතර කොළඹදී දැන් පැවැත්වෙන ඬේවිස් කුසලාන ආසියානු ශාන්තිකර කලාපීය දෙවැනි කොටසේ ටෙනිස් තරගාවලියේ අද (11) පැවැති යුගල ඉසව්ව ජයගත් තායිලන්ත ක‍්‍රීඩකයෝ තරග 3-0 ක් ලෙස පෙරමුණ ගනිමින් තරගාවලිය ජය ගැනීමට සමත්වුහ. යුගල ඉසව්වේදී දිනේෂ්කාන්ත තන්ගරාජ් සහ අම්රිෂ් ජයවික‍්‍රම පරදවා තායිලන්තයේ සන්චි රටිවටානා සහ වීරපොට් ඩොක්මික්ලි තරග වට 3/0 ක පහසු ජයක් ලැබුහ. දෙරට අතර තරග පහකින් සමන්විත තරගාවලියේ අවසන් කේවළ ඉසව් දෙක හෙට (12) කොළඹ ශ‍්‍රි ලංකා ටෙනිස් සංගම් මුලස්ථාන ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd