IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


තායිලන්ත ආරක්ෂක හමුදා ප්‍රධානී - ආරක්ෂක රාජ්‍ය ඇමැති හමුවක්

මෙරට විශේෂ නිල සංචාරයක නිරත තායිලන්ත ආරක්ෂක හමුදා ප්‍රධානී ජෙනරල් සොම්මායි කඔටිරා හා ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (27) ආරක්ෂක අමාත්‍යංශයේදී පැවැත්විණි.

දෙරට අතර ආරක්ෂක සහයෝගීතාවය වර්ධනය කර ගැනීම සඳහා වැදගත් කරුණු රැසක් සාකච්ඡා කැරුණු අතර මෙරට ආරක්ෂක අංශ නිලධාරීන් වෙත ඉදිරියේදී පළමුවරට තායිලන්ත ජාතික ආරක්ෂක විද්‍යාලයේ උසස් පාඨමාලා හැදෑරීම සඳහා අවස්ථාව ලබාදෙන බව කඔටිරා එහිදී ඇමැතිවරයා සමග පැවසීය.

දෙරට අතර පවතින ආගමික සබඳතාවයද සිහිපත් කළ ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා එම සබඳතා තවදුරටත් ශක්තිමත් කරගනිමින් ආරක්ෂක සහයෝගීතාවය ඉදිරියේදී වර්ධනය කරගැනීමට බලාපොරොත්තු වන බව පැවසීය.

සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා සහ තායිලන්ත ආරක්ෂක අංශ ප්‍රධානීන් කිහිප දෙනකුද එක්ව සිටියහ.

ruwan_2016427 ruwan_2016427-2 ruwan_2016427-3 ruwan_2016427-4



අදහස් (0)

තායිලන්ත ආරක්ෂක හමුදා ප්‍රධානී - ආරක්ෂක රාජ්‍ය ඇමැති හමුවක්

කුෂාන් Wednesday, 27 April 2016 05:37 PM

ඔබට ජයවේවා! රට නිසි මඟට යොමුකරන්න කටයුතු කරන්න (නි)

:       0       0

කුසල් Thursday, 28 April 2016 12:08 AM

ආරක්ෂක අමාත්‍යංශයේ වියදම් අඩුකිරීමට ලැබියයුතු දායකත්වය ඔබතුමාට ලබාදීමට හැකි වේවායි පතමි. ප්‍රභූ ආරක්ෂාවට, ප්‍රභූ උත්සව වලට, වෙනත් අනවශ්‍ය උත්සව වලට මෙකි නොකී වියදම් අඩුකොට ඒ මුදල් බඩු මිල අඩු කිරීමට යොදවන්න හැකි නම් හොඳයි (නි)

:       0       0

චන්න ප්‍රසන්න Wednesday, 27 April 2016 03:58 PM

රුවන් විජේවර්ධන මහතා කවදා හෝ දිනක රටේ ජනාධිපති වෙන බව ස්ථීරයි! (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 73 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site