මෙරට විශේෂ නිල සංචාරයක නිරත තායිලන්ත ආරක්ෂක හමුදා ප්‍රධානී ජෙනරල් සොම්මායි කඔටිරා හා ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (27) ආරක්ෂක අමාත්‍යංශයේදී පැවැත්විණි.
දෙරට අතර ආරක්ෂක සහයෝගීතාවය වර්ධනය කර ගැනීම සඳහා වැදගත් කරුණු රැසක් සාකච්ඡා කැරුණු අතර මෙරට ආරක්ෂක අංශ නිලධාරීන් වෙත ඉදිරියේදී පළමුවරට තායිලන්ත ජාතික ආරක්ෂක විද්‍යාලයේ උසස් පාඨමාලා හැදෑරීම සඳහා අවස්ථාව ලබාදෙන බව කඔටිරා එහිදී ඇමැතිවරයා සමග පැවසීය.
දෙරට අතර පවතින ආගමික සබඳතාවයද සිහිපත් කළ ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා එම සබඳතා තවදුරටත් ශක්තිමත් කරගනිමින් ආරක්ෂක සහයෝගීතාවය ඉදිරියේදී වර්ධනය කරගැනීමට බලාපොරොත්තු වන බව පැවසීය.
සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා සහ තායිලන්ත ආරක්ෂක අංශ ප්‍රධානීන් කිහිප දෙනකුද එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ජයවේවා! රට නිසි මඟට යොමුකරන්න කටයුතු කරන්න (නි)
ආරක්ෂක අමාත්‍යංශයේ වියදම් අඩුකිරීමට ලැබියයුතු දායකත්වය ඔබතුමාට ලබාදීමට හැකි වේවායි පතමි. ප්‍රභූ ආරක්ෂාවට, ප්‍රභූ උත්සව වලට, වෙනත් අනවශ්‍ය උත්සව වලට මෙකි නොකී වියදම් අඩුකොට ඒ මුදල් බඩු මිල අඩු කිරීමට යොදවන්න හැකි නම් හොඳයි (නි)
රුවන් විජේවර්ධන මහතා කවදා හෝ දිනක රටේ ජනාධිපති වෙන බව ස්ථීරයි! (කෞ)