ශ්‍රී ලංකා තායිලන්ත ව්‍යාපාර සබඳතා පුළුල් කිරීමේ අරමුණින් පැවැත්වෙන වැඩසටහන් කිහිපයක් සඳහා සහභාගී වීම සඳහා, එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මැතිතුමා තායිලන්තයේ සංචාරයකට සහභාගී වී සිටියි. එහිදී තායි-ශ්‍රී ලංකා ව්‍යාපාරික හමුවකට ද අමාත්‍යතුමන් සහභාගී විය. තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ තායි කර්මාන්තකරුවන්ගේ සම්මේලනය විසින් මෙම සැසිය සංවිධාන කර තිබිණි. තායිලන්ත ජාතික සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ පැවති මෙම සැසිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍ය දයා ගමගේ මැතිතුමා ප්‍රමුඛ 18 දෙනෙකුගෙන් සමන්විත ධූත මණ්ඩලයක් සහභාගී විය. තායිලන්තයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සමාගම් 40 ක් පමණ නියෝජනය කරමින් නියෝජිතයින් මේ සඳහා සහභාගී වී සිටියේය.
මේ අතර, අමාත්‍ය දයා ගමගේ මැතිතුමා ප්‍රමුඛ මෙරට ධූත මණ්ඩලය බැංකොක් නුවර පිහිටි භික්ෂූ රෝහල නිරීක්ෂණය කිරීම සඳහා ද සහභාගී විය. එහිදී අදහස් දැක්වූ අමාත්‍යතුමන් කියා සිටියේ, මෙරට ද එවැනි භික්ෂූ රෝහලක් ඉදිකිරීමේ අවශ්‍යතාවක් පවතින බවයි. ඒ සඳහා තායිලන්ත රෝහල ආකෘතික ආදර්ශයක් කර ගත හැකි බව ද එතුමා මෙහිදී සඳහන් කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමගේ ඇමතිතුමා නිර්මාණශීලී නායකයෙක්. එමනිසා මේ ගැන කරදර වෙන්න අවශ්‍ය නැහැ (නි)
බොහොම හොඳයි (නි)
අන්න හොඳ රටක් මේගොල්ල දිඅහ බලනකොට ඉන්දියාව බලු වටින්නේ නැත. (බ)
බැංකොක් වල තිබෙන ලොකුම කර්මාන්තය මෙරටට ආනයනය නම් කරන්න එපා (නි)