(ෂේන් සෙනෙවිරත්න)
තායිලන්තයෙන් ශ්‍රී දළදා මාලිගාවේ ඇත්පන්තියට ත්‍යාග ලැබුණ තායි රාජා හස්තියාගේ රුධිර සාම්පල කිහිපයක් තායිලන්තයෙන් පැමිණි පශු වෛද්‍යවරුන් කණ්ඩායමක් ලබාගෙන තිබෙන බව පෙරදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පවසයි .
එම හස්තියාට ප්‍රතිකාර කරනු ලබන ප්‍රධාන වෛද්‍යවරයා වන තමන්ව දැනුවත් නොකර මේ ආකාරයට රුධිර සාම්පල ලබා ගැනීම වෛද්‍ය ආචාර ධර්මවලට පටහැනි බවත් ඔවුන් උත්සහා කරමින් සිටින්නේ කුමකටද යන්න සම්බන්ධයෙන් සැකයක් මතුව තිබෙන බවද ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා පවසයි .
මුතු රාජා හස්තියා නැවත තායිලන්තයට රැගෙන යාමෙන් පසු තායි රාජා ද රැගෙන යාමේ උත්සාහයක් පවතින බවට රාවයක් පැවතුණු නමුත් තායිලන්ත තානාපතිවරයා එය එම අවස්ථාවේදී ප්‍රතික්ෂේප කොට තිබුණි .
මුතු රාජා හස්තියා නැවත තායිලන්තයට රැගෙන ගිය උණුසුම පවතිද්දී මෙයට වසර 37 කට පෙර දළදා මාළිගාවේ ඇත් පන්තියට තායිලන්තයෙන් ත්‍යාග වශයෙන් ලැබුණු තායි රාජා හස්තියාගේ සුව දුක් විමසීම සඳහා තායිලන්ත තානාපති එච්. ආර්. හර්න්පෝල් මහතාද මහනුවරට පැමිණියේය .
ශ්‍රී දළදා මාලිගාවට අයත් පල්ලේකැලේ පිහිටි ඇත් ගාලේ බැඳ සිටි තායි රාජා හස්තයාගෙන් තමන්ට නොදන්නා රුධිර සාම්පල් ලබාගත් එම තායිලන්ත පශු වෛද්‍ය කණ්ඩායම තමන්ට සාකච්ඡාවක් සඳහා ආරාධනා කළ බවත් වෛද්‍ය ආචාර ධර්ම නොපිළිපදින එම කණ්ඩායම සමග සාකච්ඡා කිරීම තමන් ප්‍රතික්ෂේප කළ බවද මහාචාර්යවරයා පැවසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙ එකාලගේ මොනවා නැතත් උද්දච්ච කම නම් අඩුවක් නෑ
ඈක්කා... ලංකාවෙ ඩොකාලා ගොඩක් අය ඔහොම්මමයි. චික් විතරක්. සතාට බෙහෙත් කරන්නෙත් නෑ. හැබැයි ලබ්බෙ ලොකුකම නම් තියෙනව අහස උසට. මානය පාපයක්. වැඩේ කරහං යකෝ රගන්නැතිව.
මුගෙ තියෙන අහන්කාර කම හින්දා වෙන්න ඇති හොරෙන් අරන් ඇත්තෙ. තයිලන්තයෙන් හස්ති නෙවේයි, ලෙඩි බොයි ලව තමා තැගි දෙන්න තිබ්බෙ. කිලොමිටර 5000 එහා ඉපදුන සද්දන්ත ඇතා උනත් කරුමෙ ගෙවාගන්න ඒපයි. මුතු රාජා හස්තියාගෙ කරුමෙ නම් යන්තම් ගෙවා ගත්තා.
මුන් මහාචරිය උනාට මානසික ලෙඩ්ඩු වගේ. ඔක මෙතන කියන්නෙ නැතුව ගත්ත උන් එක්ක කතා කරල බලපන්කො.