IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


තායි පන්සලට බෝ අංකුරයක්

තායිලන්තයේ අයුත්තයා පළාතේ   විශාලතම බෞද්ධ විහාරස්ථානනය වන වටිපයිලෝම්  විහාරස්ථානයේ රෝපනය කිරීම සඳහා  ශ්‍රී ලංකාවෙන් ප්‍රදානය කළ බෝධීන් වහන්සේ   තායිලන්තයේ බැංකොක් නගරයේ සිට මහත් ගරු බුහුමන් මැද පෙරහරකින් එම විහාරස්ථානය වෙත වැඩම කරනු ලැබූහ.

අයුත්තායා පළාත් බොදු බැතිමතුන්ට පුද සද්කාර කරන්නට, වැඳුම් පිදුම් කරන්නට, ආශිර්වාදයන් ලබා ගන්නට බොහෝ කලක පටන් බෝධීන් වහන්සේ නමකගේ අඩුවක් පැවතිනි.

එවන් කාල වකවානුවක වැඩම කරවන ලද මෙම බෝධීන් වහන්සේ නිසා මහත් සතුටට පත්ව විහාරස්ථාන පුදබිමට රැස්ව සිටි දහස් සංඛ්‍යාත බොදු බැතිමතුන් දොහොත් මුදුන් දී බෝ සමිඳුන් වෙත සාදුකාර පවත්වා තම තමන් විසින් රැගෙන එන ලද විවිධාකාර වූ මල් වලින් බෝ සමිඳුන් පිදූහ

තායිලන්ත රජ පවුලට අයත් රාජකීය විහාරස්ථානය වන ඓතිහාසික වට් අරූන් විහාරස්ථානයේ මෙන්ම එරට උතුරු ප්‍රාන්ත අනුනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු  තවත් ස්වාමීන්වහන්සේලා 09 නමකගෙන් සැදුම්ලත් තායිලන්ත විශේෂ බෞද්ධ  දූත කණ්ඩායමක් පසුගිය වෙසක් මාසයේදී මෙරට කරන ලද වන්දනාමය සංචාරයකදී   ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  හා  අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතා හමුවීම  කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස තායිලන්තයට මෙම  බෝධීන් වහන්සේ  පූජා කරන්නට රැගෙන ගියේ ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකරන නිලධාරී බුද්ධික සංජීව මහතා විසිනි.

 විශාල බිම්කඩක පිහිටි මෙම විහාරස්ථානයේ, ඉන්දියාවේ බුද්ධගයා විහාරයේ අනුරුවක් ද දැනට ඉදිවෙමින් පවතී. ඒ  ආසන්නයේම බෝ සමිඳුන් රෝපණය කරන්නට තීරණය කළ වට් පයිලොම් විහාරස්ථානයේ විහාරාධිපති පාරා සන්තුර් ද මනුවට්  නා හිමියෝ  ඒ වෙනුවෙන් විශේෂ බිමක් ද සාදා එහි නෙළුම්  මල් අතුරා තිබිණි.

පැය කිහිපයක් පුරා පැවති උත්සව අවස්ථාවෙන් අනතුරුව බෝ සමිඳුන් අභියස විහාරාධිපති නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ විසින් විශේෂ ආශිර්වාදාත්මක පූජාවක් ද පැවැත්වූයේ බෝ සමිඳුන් උදෙසා පවත්වන ප්‍රථම උත්තම පූජාව වශයෙනි.

සියක් නමක් වු මහා සංඝරත්නයද පිරිත් සජ්ඡායනා කර විශේෂ ආගමික වතාවත් පවත්වා පිරිත් පැන් ඉස පූජෝපහාර පැවැත්වුහ

බෝ සමිඳු  රෝපණය කිරීමෙන් අනතුරුව තම දෙනෙතේ නැගුණු සතුටු කඳුළු  මැදින් උත්සව සභාව ඇමතූ පාරා සන්තුර් ද මනුවටි නාහිමියෝ  ශ්‍රී ලංකාවත්,   තායිලන්තයත් අතර අනාදිමත් කාලයක් තිස්සේ පැවත එන සමීප සබඳතාවය හේතුවෙන් සංස්කෘතිකමය වශයෙන් මෙන්ම ශාසනික වශයෙන් ද දෙරට අතර බොහෝ දේ හුවමාරු කරගන්නට හැකියාව ලැබුණු බවත්, මෙලෙස බෝධීන් වහන්සේ නමක් ශ්‍රී ලංකාවෙන් පූජා කරන්නට කටයුතු කිරීම, තායිලන්ත බෞද්ධයන් වෙනුවෙන් දක්වන ලද විශේෂ ගරු සැළකිල්ලක් වශයෙන් තමන් වහන්සේ සිතන බවත් පැවසූහ.

 ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ගෞරවනීය ස්වාමීන්වහන්සේලාට මෙන්ම   ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතා ප්‍රධාන සියළු  ශ්‍රී ලාංකිකයන්ට ස්තූතිවන්ත වන බවත් උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියහ.

මෙම උත්සව අවස්ථාව වෙනුවෙන් විශේෂ ශුභාශිංසන  පණිවිඩයක් එවා තිබූ  ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතා සිය පණිවිඩය ඔස්සේ පෙන්වා දී තිබුණේ, මෙලෙස පූජා කරන්නට යෙදුන මෙම බෝධීන් වහන්සේ තායිලන්ත වැසියන්ගේ පුද සත්කාර මැදින් බොහෝ සරුසාරව වැඩෙන්නා සේම, දෙරටේ සබැදියාවන් තව තවත් දළුදා  වැඩෙන බවයි.

එමෙන්ම, ආධ්‍යාත්මික පරිසරයක් තුළින් දීර්ගකාලීන සාමයක් හා මිත්‍රත්වයක් පවත්වාගෙන යාමට අවශ්‍ය වපසරිය ගොඩනැගෙන බවත් එම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් විණි.

බැංකොක් නගරය වත්මන් අග නගරය වන්නට පෙරාතුව තායිලන්තයේ පැරණි අගනගරය වූයේ අයුත්තායා නගරයයි.

වෙහෙර විහාරස්ථානයන් රැසකින් සමන්විත වන අයුත්තායා පළාතේ වසර 282 ක් ඉපැරිණි මෙම වට් පයිලොම් විහාරස්ථානය සදහම් සිසිලස ගෙන දෙන සැබෑම වූ පින්බිමකි.

වර්ග  කිලෝමීටර 5,13,000 ක වපසරියක් හිමි සුන්දර තායිලන්ත දේශය, විශාලත්වය අතින් ලොව 51 වෙනි ස්ථානයේ පසුවන අතර, ථේරවාදී බුදුදහම ලොව පවතින විශාලතම රාජ්‍යය ද වේ. එමෙන්ම ලොව ජනඝනත්වය අතින් 21 වෙනි ස්ථානයේ පසුවන තායිලන්තයේ මිලියන 65 ක ජනතාවක් වෙසෙන අතර, ඉන් 95 % ක අතිවිශාල පිරිසක් සුපිරිසිදු ථේරවාදී බුදුදහම අදහන පුණ්‍යවන්තයෝ වෙති.

සොබාව සෞන්දරත්වය අතින් මනාව ශෝභාමත් වූ අලංකාරවත් තායිලන්තය, තවත් බෞද්ධ රටවල් වශයෙන් සැළකෙන මියැන්මාරයට, ලා ́සයට, කාම්බෝජියාවට හා වියට්නාමයට මැදිව පිහිටා තිබේ. ආගම දහමට ලැදි, අචාරශීලීත්වයෙන් පිරිපුන් මිනිසුන් වෙසෙන මේ උතුම් තායි දේශයේ සැබෑම වූ මානුෂිකත්වය, ලොව අන් රටවලට ගෙන දෙන්නේ මනා පූර්වාදර්ශයකි.

 

 01 02 03 04-1 05

 



අදහස් (0)

තායි පන්සලට බෝ අංකුරයක්

රත්න බණ්ඩාර Tuesday, 22 July 2014 11:25 AM

සැමට තෙරුවන් සරණයි! (නි)

:       0       0

නිහාල් Tuesday, 22 July 2014 04:12 AM

තායී ජාතිකයින් ඉතාම මිත්‍රශීලී.(අ)

:       0       0

නාලක Tuesday, 22 July 2014 04:13 AM

වැඩේ හොඳයි... නමුත් අඩු ගානේ තායිලන්තයේ ජීවත් වෙන බෞද්ධයන්ට හෝ තානාපති කාර්යාලයට හෝ ආරාධනා කර පොදු කටයුත්තක් ලෙසට කළා නම් තවත් වටිනවා... මොකද තායිලන්තයේ ජීවත් වෙන්නේ ශ්‍රී ලාංකිකයෝ බොහොම ටික දෙනයි....(අ)

:       0       0

සම්පත් Monday, 21 July 2014 03:59 PM

බෞද්ධ රටවල් එකිනෙක එකතුවෙන තරමට ශක්තිමත් ආගමික සබද තාවයක් ඇති කරගන්න පුළුවන්..(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 216 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site