IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


තිඹිරිගෙය ළඟ යාතු කර්ම වසර 5000 ක් පැරණියි

හල්දුම්මුල්ල  වෑ එළියේ  හුණුගලාගල  ගුහාවේ කැණිම් වලින් සොයා ගන්නා ළඳ ගර්භනීභාවය හා දරු ප්‍රසුතිය  සම්බන්ධව  යාතු කර්ම එවැනි විස්වාස වසර 5000 කට පෙර පැවති බව පෙනේ යැයි පුරා විද්‍යා විශේෂඥයින්  හදුනාගෙන ඇතැයි  කැලණි විශ්ව විද්‍යාලයයේ  පුරා විද්‍යා පශ්චාත්  උපාධි අධ්‍යයන අංශයේය  මහාචාර්ය රාජ් සෝමදේව  පවසයි.

මින් සති  දෙකකට පමණ ඉහත සිට ආරම්භ වු මෙම කැණිම් වලදී  මුලින්ම හමුවු ඇඹරුම් ගල් ,වළං කැබලි,ගිනි අවුලුවා ගැනීමට යොදා ගත් බවට සිතිය හැකි  මැද සිදුරු සහිත රවුම් ගල්  වසර 5000 ක් පමණ පැරැණි තාක්ෂණික මෙවලම්  බවට විද්‍යාත්මක තහවුරුවක් ලැබුණු බව  රාජ් සෝමදේව මහතා පැවසීය.

එවැනිම කාල වකවානුවක් පියයයුරු සහිත උඩු කය රූපයක් පැරණි බව කිව හැකි කාන්තා යටි කය රූපයක්  ගලේ නෙලන ලද  මිනිස් හිසක  රූපයක් මෙහි තිබී හමු වී තිබේ.

මහාචාර්ය රාජ් සෝමදේව මෙසේද කීයයි.

‘කඳුකර ප්‍රදේශවල පළමුවරට කෘෂි කාර්මික දිවි පෙවතකට හුරු වීමට තැත් කළ  ආදී ගොවියාගේ සිතිවිල්ල  හා චර්යාව පැහැදිලි කැර ගැනීමට ඉවහල් වන සාක්කි  මෙහිදී  වැදගත් වෙනවා.

ඒ ප්‍රජාවට අයත්  යාතු කර්ම  අදහස්, විශේෂයෙන් කාන්තා බව  නිරූපනය කරන සංකේතාත්මක නිරූපන,  කාන්තා උඩුකය රූපයක්, -කාන්තා යටි කය රූප මෙම ගුහාවෙන්  සොයා ගෙන ති‍බෙනවා.

මුලික ගොවිතැනේ යෙදුණු අය යම් යම්  යාතු කර්මයන් හි යෙදුණු බව  සාක්කි හමු වුණා. විශේෂයෙන්ම මෙම යාතු කර්ම ගර්භනී භාවය හා දරු ප්‍රසුතිය පිළිබඳව ඒවා බවට  විශේෂඥයින් විසින්  හඳුනාගෙන තිබෙනවා.

ඊට අමතරව තවත් සංකේතාත් මක  නීරූපන කිහිපයක්  එනම් පිරිමි  පෞරුෂය හා  සම්බන්ධ ඒවා .ගලින් තැනු වෙස් මුහුණු සොයා ගත්තා.

මෙම ගුහාවෙන්  මුලික ආගමික අදහස් වර්ධනය වීමේ පසු බිමක් ගැනත් කියන්න පුළුවන්.මේ නිසා ශ්‍රී ලංකාවේ  ආගමික ඉතිහාසය හදාරන්නවුන්ට විශේෂ මඟ පෙන්වීමක් සිදු කරනවා.

මෙතෙක් කල් ශ්‍රී ලාංකික පුරා විද්‍යා නිමිත්තක් නොවුණු සංස්කෘතික අවධියක් පිළිබඳව පැහැදිලි සාක්කි තියෙනවා. එය දේශිය සංස්කෘතියය  වර්ධනය පිළිබඳව විශ්වාස කරන ශ්‍රී ලාංකිකයින්ට සුබදායී පණිවිඩයක්.’

 

 



අදහස් (0)

තිඹිරිගෙය ළඟ යාතු කර්ම වසර 5000 ක් පැරණියි

අමර Monday, 26 August 2013 01:08 PM

ඕවා හොයන්න, හාරන්න ඔච්චර මහන්සි වෙන්න ඕනේ නෑ,ඔය පරපුරේ නූතන උදවිය තවම මතුගම පැත්තේ ජීවත් වෙනවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 559 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site