වසර 250 කදී ඇදහැළුන විශාලතම වර්ෂාපතනය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ගංගා ආශ්‍රිත ගම් දනව් බොහෝ ගණනාවක් ගංවතුරෙන් යට වීය.
මෙවන් ස්වභාවික ආපදාවක් එංගලන්තයේ මින් පෙර වාර්තාගත වී නොමැතිබව මේ දේශගුණ විශ්ලේෂකයෝ පවසති.
ඉදිරි සති කිහිපය වැස්සේ අඩුවක් පෙනෙන්නට නොමැති නිසා මෙම අයහපත් කාලගුණ තත්ත්වය සඳහා තවදුරටත් මුහුණදීමට සුදානමින් සිටින ලෙසටද ඔවුහු කියති.
අධික වර්ෂාපතනයත් පැයට සැතපුම් 100 කටත් වඩා වේගයෙන් හමාගිය මාරුතයත් හේතුවෙන් එංගලන්තය පුරා ගම් බොහෝ ගණනක විදුලිය ඇනහිටියේය.
අතර දුම්රිය හා මහාමාර්ග පද්ධතියේද විශාල අවහිරකම් සිදු විය.
නිවාස සහ කඩ සාප්පු 1,30,000 පමණ සම්පුර්ණයෙන්ම ගංවතුරෙන් යටවිය. කිසිදිනක නොසිදවූ අන්දමට ගංවතුර අනතුරු ඇඟවීම 16ක් නිකුත්කර ඇති අතර මෙම ප්‍රදේශවල ජිවත්වන සියලුම දෙනාට යුද හමුදා සහ අනෙකුත් හදිසි අනතුරු සේවාවන්ගේ උපරිම සහාය ලබාදීම සඳහා රජය කඩිනම් පියවර ගෙන ඇත.
ලන්ඩන් නුවර ඔස්සේ දිවෙන තේම්ස් නදිය වසර 60 කට පසු වාර්තාගතවූ ඉහළම ජල මට්ටම පෙන්වයි. නගරයෙන් බාහිර සියලු ගම් යට කරමින් තේමිස් නදිය දෙගොඩතලා ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර තරංග හිතා ගෙන ඉන්නේ එංගලන්තෙට වෙන වැඩක් නැහැ කියලද ලංකාවට ලෙඩ දානවා ඇරෙන්න.(නදී)
ලන්ඩන්වල විල්සන් බාප්පට මොනා උනාද දන්නේ නැහැ නේද? (නදී)
අපේ රටට කරන දේවල් වලට මොනවා හරි වෙන්නත් එපායැ.(නදී)
අනේ ලන්ඩන් නුවර ඇල්බට් අන්කල්.(නදී)
"රාජා බවතු දම්මිකෝ " (නදී)
සොබා දහම හොදටම අකාරුණික වෙලා. ලෝකේ වැස්ස අනවශ්‍ය රටවලට වහිනවා. අවශ්‍ය දිහාට නැහැ. අපේ කුඹුරු ටික ගොඩ ගන්න බැරි වෙයි කියලා ගොවියෝ දුක් වෙනවා. කොසොල් රජතුමා දුටු සොලොස් මහා සිහින සැබෑ වෙන කාලේ මේ.(නදී)
අපේ රටට කරන අසාධාරන කම් වලට දේව දඩුවම් ලැබෙන හැටි අපූරුයි. ඒත් අනුන්ගේ කරදරයක් දිහා බලලා සතුටු වෙන ජාතියක් නෙවෙයි සිංහල ජාතිය. සියළු දෙනාට ඉක්මනින් සහනයක් ලැබේවා! (නදී)
තරංග, එතකොට අපිට සුනාමිය ආවේ , අවුරුදු 30 ක යුද්දයක් තිබුනේ, මිනිස්සු අමාරුකම් වලින් පෙළෙන්නේ අපි කාට මොනවා කල හින්දද කියලත් කියනවද ? (නදී)
සියලු ලෝ වැසියෝ මිනිසුන් බවත් ජීවත් වෙන්න ආශා බවත් ලන්ඩන්වල සිටින අයට සිහිවේවා! කරදරයට පත් ඔබට ඉක්මන් සැනසීම ලැබේවා.(නදී)
කටට මෝයේ වතුර වැඩිවිය.. ගඟට වැඩිවූ වතුර පිටටය.. රටට විපතක් හරිම නරකය.. හොඳට නරකට දෙකට කටමය (අ)
අපේ රටට කරන දේට දඩුවම් ලැබෙන හැටි අපූරුයි. සුනාමිය ආවේ චන්ද්‍රිකා කරන්න ගිය වැඩ නිසායි (අ)
සුනාමියෙන් මැරුනේ අහිංසක මිනිස්සු.. නාරද දන්න තරම හික් ... (දී)
අපේ රටට වින කටින්නවුන්ට ස්වබාව ධර්මය දඩුවම් දෙන හැටි පේනවා නේද? (නදී)