ශ්‍රී ලංකාවේ සිදුවු බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකළ යුතු බවට බල කරමින් ලංකාවට එරෙහිව උද්ඝෝෂණයේ නිරත වු ඉන්දීය තමිලගා වල්වරුමායි හෙවත් ටී.වී.කේ. පක්ෂ සාමාජිකයින් පන්සිය ගණනකට වැඩි පිරිසක් ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි " ද හින්දු " පුවත්පත් වෙබ් අඩවිය අද (22) වාර්තා කළේය.
තමිල්නාඩු ප්‍රාන්තයේ දුම්රිය ස්ථාන කිහිපයක් අවහිර වන ආකාරයෙන් ඔවුන් අද දිනයේ උද්ඝෝෂණයේ නිරත වී ඇති බවද එහි වාර්තා වේ.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකිරීම සඳහා ඉන්දීය රජය සහයෝගය ලබාදිය යුතු බවත්, පසුගියදා මේ සම්බන්ධයෙන් තමිල්නාඩු ප්‍රාන්ත රජය සම්මත කරගත් යෝජනාව මධ්‍යම රජය විසින් ක්‍රියාත්මක කළ යුතු බවත්, උද්ඝෝෂකයින් පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශීය පරීක්ෂණයක් එපා කියන කොටස් කීපයක් ඉන්නවා. බුද්ධිමත්ව ඒ අය හඳුනා ගතයුතුය. කිසිම දෙයක් වුනේ නැහැ කියල සෑම දෙයක්ම කුණු කුඩේට විසි කළ නොහැකි බව තේරුම් ගත යුතුය. ඕනෑම දෙයකට විරුද්ධ වීම පහසුය. ප්‍රශ්නයකට උත්තර සෙවීම අපහසුය, නමුත් කළ යුතුව ඇත. (බ)
මෙවැනි වාතාවරණයක් උඩ මන්නාරමේ සිට ඉන්දියාවට පාලමක් සැදීම අපේ ආරක්ෂාවට අතිශයින්ම භයානකයි නේද?(ම)
පාලමක් හැදුවොත් ඕකුන් ලංකාවටත් ඇවිත් මරාගෙන මැරෙන්න වුනත් එයි. ඔය කෑ ගහන්නෙ ඉතිරි වුන කොටි. කොටින්ගෙ බෝම්බ වලින් පන බේරාගත් අය දැන්වත් අනාගතය ගැන හිතන්න ඕන. ලංකාවේ අය ගොඩක් හිතන්න ඕන විදේශිකයන්ගේ බලපෑම් වල බරපතල කම...(බ)
තමිල්නාඩු වැසියන්ට ලංකාව කෙරෙහි තියෙන්නේ හරිම අමාරුවක්නේ? (නි)
දේශීය යාන්ත්‍රනයකින් හමුදාවේ වැරදි කළ සුලු පිරිසට දඩුවම් දෙන්න.(හේ)
මේ මිනිස්සු අපට කවදාවත් සමාව දෙන්නෙත් නැහැ අපේ තත්ත්වය තේරුම් ගන්නෙත් නැහැ. ඉතින් මේ යට පාලම හදලා දෙනවා කියන්නේ වඳුරන්ට ඉනිමන් තැබුවා වගේ තමයි. (හේ)
දැන් ඔය මන්නාරම - ඉන්දියා පාලමෙන් මේ විසකුරු සර්පයින් ලංකාවට එනවා නේද? ඕකට දැන්ම හදිසි නොවෙනවා නම් හොඳයි. (නි)