ශ්‍රී ලංකාවේ සිදුවු බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකළ යුතු බවට බල කරමින් ලංකාවට එරෙහිව උද්ඝෝෂණයේ නිරත වු ඉන්දීය තමිලගා වල්වරුමායි හෙවත් ටී.වී.කේ. පක්ෂ සාමාජිකයින් පන්සිය ගණනකට වැඩි පිරිසක් ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි " ද හින්දු " පුවත්පත් වෙබ් අඩවිය අද (22) වාර්තා කළේය.
තමිල්නාඩු ප්‍රාන්තයේ දුම්රිය ස්ථාන කිහිපයක් අවහිර වන ආකාරයෙන් ඔවුන් අද දිනයේ උද්ඝෝෂණයේ නිරත වී ඇති බවද එහි වාර්තා වේ.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකිරීම සඳහා ඉන්දීය රජය සහයෝගය ලබාදිය යුතු බවත්, පසුගියදා මේ සම්බන්ධයෙන් තමිල්නාඩු ප්‍රාන්ත රජය සම්මත කරගත් යෝජනාව මධ්‍යම රජය විසින් ක්‍රියාත්මක කළ යුතු බවත්, උද්ඝෝෂකයින් පවසා ඇත.
2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තමිල්නාඩුවේ 500ක් අත්අඩංගුවට
සමීර Tuesday, 22 September 2015 08:56 AM
දේශීය පරීක්ෂණයක් එපා කියන කොටස් කීපයක් ඉන්නවා. බුද්ධිමත්ව ඒ අය හඳුනා ගතයුතුය. කිසිම දෙයක් වුනේ නැහැ කියල සෑම දෙයක්ම කුණු කුඩේට විසි කළ නොහැකි බව තේරුම් ගත යුතුය. ඕනෑම දෙයකට විරුද්ධ වීම පහසුය. ප්‍රශ්නයකට උත්තර සෙවීම අපහසුය, නමුත් කළ යුතුව ඇත. (බ)
ලලිත් Tuesday, 22 September 2015 09:30 AM
මෙවැනි වාතාවරණයක් උඩ මන්නාරමේ සිට ඉන්දියාවට පාලමක් සැදීම අපේ ආරක්ෂාවට අතිශයින්ම භයානකයි නේද?(ම)
මධුර Tuesday, 22 September 2015 10:19 AM
පාලමක් හැදුවොත් ඕකුන් ලංකාවටත් ඇවිත් මරාගෙන මැරෙන්න වුනත් එයි. ඔය කෑ ගහන්නෙ ඉතිරි වුන කොටි. කොටින්ගෙ බෝම්බ වලින් පන බේරාගත් අය දැන්වත් අනාගතය ගැන හිතන්න ඕන. ලංකාවේ අය ගොඩක් හිතන්න ඕන විදේශිකයන්ගේ බලපෑම් වල බරපතල කම...(බ)
වසන්ජය Tuesday, 22 September 2015 11:46 AM
තමිල්නාඩු වැසියන්ට ලංකාව කෙරෙහි තියෙන්නේ හරිම අමාරුවක්නේ? (නි)
නාමල් Tuesday, 22 September 2015 12:57 PM
දේශීය යාන්ත්‍රනයකින් හමුදාවේ වැරදි කළ සුලු පිරිසට දඩුවම් දෙන්න.(හේ)
අසේල Tuesday, 22 September 2015 01:02 PM
මේ මිනිස්සු අපට කවදාවත් සමාව දෙන්නෙත් නැහැ අපේ තත්ත්වය තේරුම් ගන්නෙත් නැහැ. ඉතින් මේ යට පාලම හදලා දෙනවා කියන්නේ වඳුරන්ට ඉනිමන් තැබුවා වගේ තමයි. (හේ)
ජයනාත් Tuesday, 22 September 2015 02:57 PM
දැන් ඔය මන්නාරම - ඉන්දියා පාලමෙන් මේ විසකුරු සර්පයින් ලංකාවට එනවා නේද? ඕකට දැන්ම හදිසි නොවෙනවා නම් හොඳයි. (නි)