ශී‍්‍ර ලංකාවේ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් මැරීමේ යෙදුණේයැයි කියන චෝදනාව මත ශී‍්‍ර ලංකා නාවික හමුදාව ඉන්දීය ධීවරයින් 37 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ‘‘ද හින්දු‘‘ වෙබ් අඩවියේ දැක්වේ.
මෙම ධිවරයින්ගෙන් 22 නකු තෙලෙයිමන්නාරම ආසන්න මුහුදු තීරයෙන්ද 15 දෙනෙකු ඩෙල්ෆ් දුපත් ආසන්න මුහුදු තීරයෙන්ද අත්අඩංගුවට ගෙන ඇතැයි සදහන්ය.
ට්‍රෝලර් යාත‍්‍රා 9 ක්ද ශී‍්‍ර ලංකා නාවික හමුදා භාරයට ගෙන ඇත.
ධීවරයින් ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ ජගාඩපට්ටිනම් හා පඩුක්කොට්ටායි ප‍්‍රදේශවල පදිංචිකරුවන් බව කියැවේ.
මොවුන් පිරිස දැනට සිටින්නේ නඩු විභාගයකින් පසු ලබන 25 වැනිදා තෙක් වව්නියාවේ හා යාපනයේ බන්ධනාගාර වල රදවා බවද සදහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමිල්නාඩු ධීවරයෝ අහුවෙණකොට මෙතරම් කෑගහන්නේ ඇයි?ගිය සතියෙත් ලංකාවේ ධීවරයෝ ගොඩක් අසුවුණා නේද? (නි)
මොවුන් පැමිණ අල්ලා ගෙන යන්නේ උතුරේ අවුරුදු තිහක යුද්දෙන් පිඩා විඳි අසරණ දෙමළ ධීවරයන් තම ජීවිකාව ආරක්ෂා කරගැනීමට ඇති මත්ස්‍ය සම්පතයි , කරුණාකර මොවුන්ට දිය යුතු දඩුවම උසාවියට ඉදිරිපත් කිරීමට පෙර රජයේ පෙරකදෝරු මහත්වරු මහා ඇමති විග්නේශ්වරන් මහතාගේ අදහසද විමසා බලන්න , එම ප්‍රදේශයේ මහා ඇමති වශයෙන් එතුමා තමිල්නාඩුව සමඟ හෝ ඉන්දීය මහා ආණ්ඩුව සමඟ මේ ප්‍රශ්නයට විසඳුමක් සෙවිය යුතුයි. (ස)
ද සිල්වා-බර්ලින් මහත්මයාගේ අදහස අපිද අනුමත කරමු. (නි)
උතුරු මුහුදේ මාළුන්ට වඩා අහුවෙන්නෙම මේ අයනේ ! (නි)
තවදුරටත් නැති පොලිස් බලතල ඉල්ලමින් කන්කෙදිරි ගාන්නේ නැතුව තිබෙන බලතල පාවිච්චි කරමින් ආගමන විගමන පාලකගෙන් සහ අධිකරණ අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කරන්න ශ්‍රී ලංකාවේ වලංගු ආගමන විගමන නීති උල්ලංගනය කරමින් ලංකාවේ උතුරු මුහුදේ, උතුරේ ධීවර ජනතාව යැපෙන මත්ස්‍ය සම්පත සොරාගන්නවුන්ට දඩුවම් කරන්න කියලා. ඉල්ලීමට කන් නොදුන්නොත් එන්න පාගමනක් උතුරේ සිට කොළඹ ඉන්දියන් මහා කොමසාරිස් කාර්යාලයට (නි)
ද සිල්වාගේ අදහස කාලෝචිතයි (නි)