ශී‍්‍ර ලංකාවේ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් මැරීමේ යෙදුණේයැයි කියන චෝදනාව මත ශී‍්‍ර ලංකා නාවික හමුදාව ඉන්දීය ධීවරයින් 37 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ‘‘ද හින්දු‘‘ වෙබ් අඩවියේ දැක්වේ.
මෙම ධිවරයින්ගෙන් 22 නකු තෙලෙයිමන්නාරම ආසන්න මුහුදු තීරයෙන්ද 15 දෙනෙකු ඩෙල්ෆ් දුපත් ආසන්න මුහුදු තීරයෙන්ද අත්අඩංගුවට ගෙන ඇතැයි සදහන්ය.
ට්‍රෝලර් යාත‍්‍රා 9 ක්ද ශී‍්‍ර ලංකා නාවික හමුදා භාරයට ගෙන ඇත.
ධීවරයින් ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ ජගාඩපට්ටිනම් හා පඩුක්කොට්ටායි ප‍්‍රදේශවල පදිංචිකරුවන් බව කියැවේ.
මොවුන් පිරිස දැනට සිටින්නේ නඩු විභාගයකින් පසු ලබන 25 වැනිදා තෙක් වව්නියාවේ හා යාපනයේ බන්ධනාගාර වල රදවා බවද සදහන්ය.
2025 දෙසැම්බර් මස 18
604
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තමිල්නාඩු ධිවරයෝ 37 ක් අත්අඩංගුවේ
සෙන්තිල් Thursday, 17 October 2013 12:14 AM
තමිල්නාඩු ධීවරයෝ අහුවෙණකොට මෙතරම් කෑගහන්නේ ඇයි?ගිය සතියෙත් ලංකාවේ ධීවරයෝ ගොඩක් අසුවුණා නේද? (නි)
ද සිල්වා බෙර්ලින් Wednesday, 16 October 2013 03:55 PM
මොවුන් පැමිණ අල්ලා ගෙන යන්නේ උතුරේ අවුරුදු තිහක යුද්දෙන් පිඩා විඳි අසරණ දෙමළ ධීවරයන් තම ජීවිකාව ආරක්ෂා කරගැනීමට ඇති මත්ස්‍ය සම්පතයි , කරුණාකර මොවුන්ට දිය යුතු දඩුවම උසාවියට ඉදිරිපත් කිරීමට පෙර රජයේ පෙරකදෝරු මහත්වරු මහා ඇමති විග්නේශ්වරන් මහතාගේ අදහසද විමසා බලන්න , එම ප්‍රදේශයේ මහා ඇමති වශයෙන් එතුමා තමිල්නාඩුව සමඟ හෝ ඉන්දීය මහා ආණ්ඩුව සමඟ මේ ප්‍රශ්නයට විසඳුමක් සෙවිය යුතුයි. (ස)
සෙනරත් Wednesday, 16 October 2013 05:25 PM
ද සිල්වා-බර්ලින් මහත්මයාගේ අදහස අපිද අනුමත කරමු. (නි)
පිටබැද්දර ජයා Wednesday, 16 October 2013 05:55 PM
උතුරු මුහුදේ මාළුන්ට වඩා අහුවෙන්නෙම මේ අයනේ ! (නි)
ද සිල්වා බෙර්ලින් Thursday, 17 October 2013 06:03 AM
තවදුරටත් නැති පොලිස් බලතල ඉල්ලමින් කන්කෙදිරි ගාන්නේ නැතුව තිබෙන බලතල පාවිච්චි කරමින් ආගමන විගමන පාලකගෙන් සහ අධිකරණ අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කරන්න ශ්‍රී ලංකාවේ වලංගු ආගමන විගමන නීති උල්ලංගනය කරමින් ලංකාවේ උතුරු මුහුදේ, උතුරේ ධීවර ජනතාව යැපෙන මත්ස්‍ය සම්පත සොරාගන්නවුන්ට දඩුවම් කරන්න කියලා. ඉල්ලීමට කන් නොදුන්නොත් එන්න පාගමනක් උතුරේ සිට කොළඹ ඉන්දියන් මහා කොමසාරිස් කාර්යාලයට (නි)
ශාන්ත ලාල් Wednesday, 16 October 2013 07:13 PM
ද සිල්වාගේ අදහස කාලෝචිතයි (නි)