ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ සංචාරය නොකරන ලෙස රජය ශ්‍රී ලාංකිකයනට නිකුත් කළ උපදේශනය අද (9) සිට ඉවත් කළ බව විදේශ අමාත්‍යාංශය කියයි මේ වන විට ලාංකිකයින්ට සංචාරය කළ හැකි සුදුසු හා ආරක්‍ෂාකාරී වටපිටාවක් තමිල්නාඩුවේ පවතින බවත්, තමිල්නාඩුවට පැමිණෙන ලාංකිකයින්ගේ ආරක්‍ෂාව සුරැකීමට මිල්නාඩු ප‍්‍රාන්ත රජය හා තමිල්නාඩු මහ ඇමැතිනිය දුන් සහතිකය හේතුවෙන් එම සංචාරක උපදේශනය ඉවත් කළ බව එම අමාත්‍යාංශය කියයි. තමිල්නාඩු ප‍්‍රාන්තයේ තාන්ප්වුර් හි පූර්ණිමාතා පල්ලිය නැරඹීමට ගිය ලාංකික බැතිමතුන් 184 ක් යුතු නඩයකට එල්ල වූ ප‍්‍රහාරයක්, ඇතුළු තමිල්නාඩුවේ සංචාරය කළ ලාංකිකයින් කීප අවස්ථාවකදීම මුහුණ පෑ අප‍්‍රසන්න සිදුවීම් සැලකිල්ලට ගනිමින් ඉකුත් සැප්තැම්බර් 03 වැනිදා සිට විදේශ අමාත්‍යාංශ කියා සිටියේ එහි නොයන ලෙසයි.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තමිල්නාඩු ගමන් තහනම ඉවරයි
රිස්වාන් - සවුදි Tuesday, 09 October 2012 08:02 PM
තවදුරටත් ඒ තහනම තිබුණොත් හොඳය. වෛකෝ ඉන්නකම් යන්න එපා කියලයි මම නම් කියන්නේ. (නි)
අමිල කටුනායක Tuesday, 09 October 2012 08:08 PM
එහෙම කිවුවට ඒ අයට තව ටිකක් දැනෙන්න අරින්න ඕනෑ. (නි)
අමිල කටුනායක Tuesday, 09 October 2012 08:08 PM
ආණ්ඩුව එහෙම කිව්වට තව දැනෙන්න අරිමු.. (නු)
චන්ද්‍රසිරි Wednesday, 10 October 2012 12:24 PM
යන්න එපා (ස)
වෙට්සන් Tuesday, 09 October 2012 08:18 PM
ඒ වුනාට හේතුව ඉවත් කරලා නෑ නේද? තමිල්නාඩුවේ කොටි තවම එහෙ ඉන්නවා. ගිහින් ගුටි කාලම බලන්න. (නු)
රත්නායක Tuesday, 09 October 2012 08:32 PM
තමිල්නාඩුව අපිට ඕනෑම නැහැ. දැන් කරන්න තියෙන්නේ මිහින් ලංකා හරහා ජෙරුසලමට අඩු වියදමකින් පැකේජ් එකක් හදන එක. (නි)
ගුණරත්න Tuesday, 09 October 2012 09:18 PM
යාමට මෙන්ම ගුටිකෑමටද අවශ්‍ය වේ. (නි)
ෂෙරීෆ් Tuesday, 09 October 2012 10:18 PM
ලක් මවගේ අගය දැනෙන්න නම් සියලු ලාංකිකයෙක්ම වෙනත් රටකට ගොස් බැලිය යුතුයි. (නි)
ඇරිස් Tuesday, 09 October 2012 10:25 PM
තහනම ඉවත් කළ තැනැත්තා පළමුව ගොස් පැමිණිය යුතුයි. (නි)
රූපා Tuesday, 09 October 2012 10:53 PM
යන්න එපා. ඒ අයට දැනෙන්න අරින්න ඕනෑ අපිත් කොන්දක් තියෙන සිංහලයින් බව. (නි)
ගාමිණී-කුවෙයිට් Wednesday, 10 October 2012 02:25 AM
මොන නාඩුව විශ්වාස කලත් ඔය නාඩුව විශ්වාස කරන්න ටිකක් අමාරුයි මොකද?.ලංකාව කී වතාවක් අමාරුවේ දැම්මාද ඔය නාඩුවේ කට්ටිය.දුන්නාට වඩා හොද ගුටි මුරයක් දෙන්න මාන බලනවාද සැකයි.යන්නම උවමනානං යන්න හැබැයි කාල නං එන්නත් එපා. කන්න යන්නත් එපා.(නු)
සිල්වා Wednesday, 10 October 2012 05:39 AM
ඇත්ත ඇත්ත. යන්න නම් එපා. එයාලව තඹ දොයිතුවකටවත් විශ්වාස කරන්න එපා. (නි)
අතුල Tuesday, 15 November 2016 08:25 AM
මේ පින් බලයෙන් ජයලලිතාට ඉක්මන් සුවය ලැබේවා! (නි)
යසිරු Tuesday, 15 November 2016 08:25 AM
ඔව් ඉතින් අපේ අයටත් එහෙ නොගිහින් ඉන්න බැහැනේ (නි)
වරුණ Wednesday, 10 October 2012 09:33 AM
අපේ කට්ටිය කියයි, ගුටිකන්නේ අසරණ වන්දනාකරුවෝනේ .ඊට පස්සේ කියයි ආපහු යන්න එපා කියලා (ස)
විකී Wednesday, 10 October 2012 09:44 AM
ඔවුන් අපිව ආරක්ෂා කරනවා කියන්නේ අපිට ආදරේට නෙවෙයි චෙන්නයි වල අයට වැඩිපුරම ලාභ ලබන්න පුළුවන් ලාංකික වන්දනා නඩ වලින්. දැන් කට්ටිය චෙන්නයි යන්නේ නැති නිසා පාඩුව ඔවුන්ටමයි. අපි පුළුවන් තරම් තමිල් නාඩුවට යාමෙන් වැලකි සිටිය යුතුයි (ස)
සෑම් Tuesday, 09 October 2012 06:11 PM
ඒ උනාට කමක් නැහැ යන්න එපා.. ගුටිකෑවට පස්සෙ කියයි අපට හරි කණගාටුයි කියලා.. ඉන්දියාවට යන්න ඕන ම නං යන්න දිල්ලි ගයා වගේ තැන් වලට..! (නු)
ෆිරෝ Tuesday, 09 October 2012 06:15 PM
මේක විශ්වාස කරන්නත් අමාරුයි. (නි)
සිල්වා Tuesday, 09 October 2012 06:40 PM
මට එයාගේ වචන එච්චර ෂුවර් නැහැ. (නි)
චතුල වෙරෝනා Tuesday, 09 October 2012 07:12 PM
යන්තම් ඇති. මම මේ කරවල ටිකක් ගන්න තැනක් නැතුව හිටියෙ. (නි)
ලලිත් - කටාර් Tuesday, 09 October 2012 07:43 PM
සෑම් හරි. සියල්ල අවසානයේ දෙපස නායකයින් කියාවි කණගාටුයි කියලා. (නි)
මුතුකුඩ Tuesday, 09 October 2012 07:52 PM
කොහොම වෙතත් ඒක හොද දෙයක්. (නි)