තමිල්නාඩුවේ සරණාගත කඳවුරේ පදිංචි ශ්‍රී ලාංකික සරණාගත පවුලකට හිරිහැර හා අඩන්තේට්ටම් කළැයි සැකපිට තවත් ලාංකික තරුණයින් හතර දෙනෙකු තමිල්නාඩු ප්‍රාන්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කළේය.
තමිල්නාඩුවේ පෝලාච්චි ප්‍රදේශයේ පිහිටි කොත්තූර් බන්ධනාගාරයේ වසර ගණනාවක සිට රැඳී සිටින මෙම තරුණයින් රැඳවුම් කඳවුරේ වෙනත් සරණාගත පවුලක් පදිංචි නිවසේ තීන්ත ආලේපන කොන්ත්‍රාත්තුවක් ලබා ගෙන ඇත. මේ අතරේ ඔවුන්ගේ හිරිහැරයන්ට ලක්වූ බව කියන ලාංකික පවුලද එම තරුණයින් ලබා ගත් කොන්ත්‍රාත්තුවට අඩු ලංසුවක් ලබා දීම නිසා ගැනුම්කරු විසින් එම කොන්ත්‍රාත්තුව එම පවුලට ලබා දී තිබේ.
පසුව එම කොන්ත්‍රාත්තුවේ අදාළ කොන්ත්‍රාත් මුදල් ගනුදෙනුව පිළිබඳව ඇති වූ මතභේදයක් හේතුවෙන් මෙම තරුණයින් සිව් දෙනා එම ලාංකික පවුල පදිංචි නිවසට ගොස් එහි නිවැසියන්ට හිරිහැර කරමින්, ඔවුන්ට විවිධ අඩන්තේට්ටම් සිදු කොට පලා ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සහෝදරයොනේ. ඕවා ගණන් ගන්න එපා! (නි)
කැලේ වෙනස් කළාට පුල්ලි වෙනස් නොවේ කිව්වලු. (නි)