රටේ ආර්ථිකය පසුපමට ඇදපු යුද්ධය 2009 වසරේ අවසන් වීඇති බවත් වසර පනහකට පසුව අද රටට ඉතා හොඳ අවස්ථාවක් උදා වී ඇති අවස්ථාවේ මේ ධුරයේ කටයුතු කරමින් තමාගේ උපරිමය සිදු කරන බවත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (5) පැවැසීය.
වත්මන් ආණ්ඩුව ගෙන ඇති පියවර හා දැනට ක්‍රියාත්මක කර තිබෙන තීරණ හා ප්‍රතිපත්ති දෙස බැලීමේදී රටේ ආර්ථිකය නිසි මඟ වැටී ඇති බවත් එය දිගින් දිගටම පවත්වා ගත යුතු බවත් මහ බැංකු අධිපතිවරයා කීවේය.
“රාජ් රජ්තම් මගේ මිත්‍රයෙක්. මම ඔහුගේ සමාගම වෙනුවෙන් සාර්ව ආර්ථික පර්යේෂණ සිදු කළා. මම ඔහුගේ සමාගමට වෘත්තීය සේවා සැපයූවා. මම එලෙස සේවා සැපයූවේ ඔහුට චෝදනා එල්ල වීමට පෙරයි.” යැයි ද කුමාරස්වාමි මහති කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම තනතුරට හොඳ පුද්ගලයෙක්. (ම)
මගේ පුංචි රටෙන් බිහිවුණ උගත් ලාංකිකයෙක්. ඔබේ නමත් රටේ නමත් ලෝකයේ ඉහළට ඔසවා තබන්නට උත්සාහ ගත්තොත් ඔබේ නම සදා අමරණිය වේවි (නි)
මම රාජ් රාජරත්නම්ට දුන් සහාය ශ්‍රී ලංකාවටත් දෙනවා (බ)
ඒකාබද්ධ කණ්ඩායම දැනටමත් අභූත චෝදනා කරන්න පටන් අරගෙන (බ)
කෙළින් කතාකරන මහත්මයෙක් (නි)