තැබෑරුමක් නිසා ප්‍රදේශයේ තරුණයින් පොලිසියේ ඉවක් බවක් නැතිව පහරදීම්වලට ගොදුරුවන බව පවසමින් තැබෑරුම වසා දමන්න ලෙස ඉල්ලා ප්‍රදේශවාසීහු බලන්ගොඩ රාස්සගල මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක් කළහ.
එසේ පහර කෑ තරුණයකු දින හයක් රෝහල්ගත කර සිටි බවද උද්ඝෝෂකයෝ පැවසූහ.
තැබෑරුමට පැමිණෙන අය පළවා හැරීම ගැටළුවක් නැතත් නගරයට පැමිණෙන අනෙක් අයට පහරදී පලවා හැරීම වැරදි බව විරෝධතාකරුවෝ පවසති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාතේ දේශපාලු ලොක්කන්ට හෝ පොලිස් ලොක්කන්ට අපේක්ෂිත ගතමනාව තබෑරුමෙන් හරියට දෙන්නේ නැතුව ඇති. (නදී)
තැබෑරුම පොලිසියේ කව්රු හරි අයිති කරගෙන ඇති (නදී)
මන්ත්‍රී කියයි මේක වහන්න බෑ. මගේ නෝනගේ තැබෑරුමක් (නදී)
තැබෑරුම් කොහොමටත් අපේ රටට එපා. (නදී)
තැබෑරුම නිත්යානුකූල නම් එ්කට එන පුද්ගලයන්ට පහර දෙන්න පොලිසියට අයිතියක් නැහැ. මේ පිටුපස මොකක් හෝ කුමන්ත්‍රණයක් තිබෙනවා. පොලිසිය පහර දෙන්නෙත් මිනිස්සු උද්ගෝෂණය කරන්නෙත් කාගේ හෝ බලපෑමකට විය යුතුයි. (නදී)
පොලිසියත් අහිංසකයන් බලබල එලව එලවා ගහනවා.අපරාධ කාරයන්ට,කුඩු ලොක්කන්ට දෙකට නැවෙනවා.අසරණ මිනිස්සු හැමදාමත් ඉවසන්නේ නැතිබවත් පොලිස්සියේ උදවියත් තේරුම්ගත්තොත් හොඳා. (ස)
උද්ඝෝශනය කරමු. (ස)
ඔතන ගොඩක් දේවල් සිද්ධ වෙනවා. කොල්ලන්ට හොඳටම පොවලා පස්සේ පාරට දල කෝල් කරලා පොලිස්සියට කතා කරනවා පව් අහිංසක කොල්ලෝ ඕව එයාල දැනගන කියන්නේ නැහැ. පව්. මේවා හොයල බලන්න. (ස)
මිනිස්සුන්ට ගහල මේවගේ ප්‍රශ්න විසදන්න බැරි බව නිතිය ක්‍රියාත්මක කරන මහත්තුරු දැනගන්න ඕනා. මත්පැන් අලෙවිසල නීත්‍යානුකුලනම් , මිනිස්සුන්ට ඒවායින් මත්පැන් මිලදීගන්න තහනමක් තෙයන්නත් බැහැ. මේ මිනිස්සු නිතිවිරෝදීව හැසිරෙනවානම් ඒ අය නීතය ඉදිරියට පැමිණවීම පොලිසියේ වගකීම. නමුත් කාටවත්ම පහරදෙන්න පොලිසිට නීතිමය බලයක් නැහැ . (ස)
පොලිසියෙ මහත්වරු ඔහොම තමයි. සමහර වෙලාවට පොඩි ළමයි වගෙයි. කාපු බීපු වෙලාවට කරන කියන දේවල් ගණන් ගන්න එපා (නි)
අරක්කු නිසා නෙමෙයි ලංකාවේ ජිවිත් විනාස වෙන්නේ, හරක් මස් කන නිසයි. (ස)
පොලිසියෙන් පහර දෙනවා නම් පොලිසිය වසා දමන්න කියලා උද්ඝෝෂණ කරනවා මිසක් තැබෑරුම වහලා හරියනවද? (ස)
මහපාරේ බමන මතින් අවිනිතව හැසිරෙන බේබද්දන් සම්බන්දයෙන් පොලිසිය සලකන ආකාරය ගැන, පොලිසියට අපගේ ප්‍රණාමය! (ස)
රත්නපුර පොලිස් නිලදාරින්ට මොනවා වෙළාද ? (නදී)
බලන්ගොඩ මගෙත් උපන්ගම නිසා හොඳටම දන්නවා. මත්පැන් බොන තරුණ අය ත්‍රීරෝද යතුරුපැදි වලින් විත් පාර අයිනේ තියාගෙන බොනවා. පාරේ කෙනෙකුට නිදහසේ යන්න බැහැ. ඉස්සර හවස බිව්ව අය දැන් උදේ ඉඳලම බොනබව අපේ අය කියනවා.පොලිසියට කිවුවහම ඇවිල්ලා ගහලා එළවනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? (නි)
මත් පැන් බොන්නට ඕනනම් බිල බිව්වට පස්සේ හැසිරෙන හැටිත් ඉගෙනගන්න ඕන. පොලීසියෙන් නිකම්ම මිනිස්සුන්ට ගහන්නේ නැ. නොගහම බැරි නම් තමයි එහෙම කරන්නේ. (අ)
අපොන්සු කන්නේ මොනවද හැබෑටම? (නි)
පොලිසියට අමු කැවිලද අහිංසක මිනිස්සුන්ට ගහන්න? එතකොට දේශපාලන හයිරන් කාරයෙක් අවොත් ගුටිකනවද? (නදී)