තබ්බෝව රක්ෂිතයේ එරබදුගස්වැව වැව් තාවුල්ලේ වල් අලියකු වෙඩි වැදී මිය ගොස් ඇති බව කරුවලගස්වැව වන ජීවී කාර්යාලය කියයි.
වයස අවුරුදු 30 - 35 වන මේ අලියා අඩි 7/9 පමණ උස බව වන ජීවී නිලධාරියෝ කියති.
තබ්බෝව රක්ෂිතයේ එරබදුගස්වැව වැව් තාවුල්ලේ වල් අලියකු වෙඩි වැදී මිය ගොස් ඇති බව කරුවලගස්වැව වන ජීවී කාර්යාලය කියයි.
වයස අවුරුදු 30 - 35 වන මේ අලියා අඩි 7/9 පමණ උස බව වන ජීවී නිලධාරියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වනජීවී එකට විශිෂ්ටයෙක් පත්වෙලා ආවා දවස් දෙක තුනකට කලින්. අලුත් අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුමිත් පිලපිටිය කියලා තිබුනා එයාගේ අංක එක අලි සම්පත රැක ගැනීම කියලා. කිසිම දේශපාලුවෙකුට නැමෙන්නේ නැහැ කියලත් තිබුනා. ඔන්න ඔබතුමාට බාරයි අපේ කැලේ රජවරු ටික. අපි බොහොම දුකෙන් අපේ සැබෑ රජවරු මෙහෙම දුෂ්ට මිනිසුන් අතින් මැරෙන හැටි දැක දැක ඉන්නේ. (නි)
අනේ කොහොමහරි පන්සල්වල අලි ටිකත් අල්ලලා වනාන්තරේටම දාන්න. එතකොට ඔක්කොම අලි මරලා ඉවර වුණාම ප්‍රශ්න අඩුවෙනවා (නි)
මෙය වටිනා සතුන් දඩමස් කරන මස් වැද්දන්ගේ රාජධානියකි. ඔවුන්ට ඒ සඳහා ඇති එකම බාධකය මේ වන අලින්ය. (නි)
පව් අනේ! කොහොමහරි ඔය අලියව බේරාගත්තා නම් සමාජයට කොතරම් යහපතක් වෙනවාද? ගොවියාට, අලියාගෙන් මොනතරම් නම් සේවයක් වෙනවාද කියන එක මිනිසුන්ට තේරෙන්නේ නැති එක තමයි ගැටලුව (නි)
අනාගතය ගැන සිතීමට නොහැකි මිනිසුන්ට නම් මෙය සුළු දෙයකි (නි)
කවුද මේ අලියාව මරන්න ඇත්තේ? (නි)
පන්සල් වලයි, ගෙවල් වලයි ඇතිකරන අලි අරගෙන ඇවිල්ලා වනජීවී ලොක්කෝ උන්ව ආරක්ෂා කරන හැටි තමයි මේ. (නි)
දැන් අලි කී දෙනෙක් වෙඩි තියලා මරලා දැම්මාද ?වගකිවයුතෝ නිදිද? මෙහෙම ගියොත් ,අපේ අනාගත පරපුරට ,දැකගන්න වෙන්නේ,කෞතුකාගාරයක පුළුන් පුරවපු ,ඇතෙක් දෙන්නෙක් පමණයි. අනේ රටකට ගිය කල!(හේ)
මෙම ජාතික අපරාධ කරන අයට දැඩි දඬුවම් පමුණුවන්න. (නි)
මේ අසරණ සතුන්ට කරන අපරාද වලට හොඳක් නම් වෙන්න එපා....අහෝ රටකට ගිය කලක් (හේ)
මලාට පස්සේ දිග පළල බලල වැඩක් තියේද ? අන්තිම අලියත් දිවිපුදනකම් දිගටම දිග පළල මැන මැන ඉමු නේද ?(හේ)
තව එක අලියෙක්ව හරි මැරුවොත් ඒ මරපු අයව සහ අතීතයේ අලි මරපු හැම කෙනෙකුවම පවුල් පරම්පරාවල් පිටින් සමුල ඝාතනය කරන්න තරම් තරහක් මට තියෙන්නේ (නි)
අපරාදේ අපේ අලි සම්පත (බ)
පන්සල්වල අලි ඉන්න එක තමයි පෙන්නන්න බැරි. අලි මරලා දාන එක ගැනවත්, එංගලන්තේ සුද්දෝවත් නොකරපු විදියට වනය විනාශ කරලා මුළු රට පුරාම තිබුණු වන තීරු විනාශ කරපු/ කරන දේශපාලුවන්ට විරුද්ධව කෑ ගහන්න අය නැතිතරම්. (නි)
අලියා වල් නැත ඌ වන අලියෙකි - උන්ව නසන්නා නම් වල් මිනිසෙකි (කෞ)
අලියන්ට ළමයින්ට නලියන්ටමයි හිත. ඒත් නළියන්නේ ඒ අය නෙමෙයි වෙඩික්කාරයොනේ.. අනේ පව් අහිංසක සතා (බ)
මිනිසුන්ගේ තරම (බ)
බලාගෙන ගියාම අපේ රටේ සමහරක් මිනිස්සු, මිනිස්සුන්ට වැඩිය ආදරේ සත්තුන්ටනේ? (හේ)