තබ්බෝව රිය අනතුරින් යුධ හමුදා දෙවන කමාන්ඩෝ බලකායේ ලුතිනන් කර්නල් සදුන් පතිරන සහ රියදුරු කෝප්‍රල් සංජීව බංඩාර මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
මේජර් ජයසුන්දර තුවාල ලබා සිටී. මෙම පිරිස කිලිනොච්චියේ සිට ගනේමුල්ල බලා එමින් සිටයදී අද අළුයම පහත් හයත් අතර මෙම අනතුරට මුහුන පා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට බේරාගත් පින්වන්ත රණවිරුවනි, ඔබ දෙපල මෙතේ බුදුන් දැක නිවන් දකිත්වා! දළඳා සමිඳු පිහිටෙන් ජයසුන්දර සොයුරාට නිරෝගී සුවය පතමි. (නි)
මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරනවා. තුවාල වූ මේජර්වරයාට ඉක්මන් සුවය පතනවා. (නි)
හරිනම් බැරියර් තිබිය යුතුයි. දැන්වත් මේවා ගැන හිතන්න වෙනවා. .සිටුවා ඇති ආරක්‍ෂිත කණු අතර පරතරය ඉතා වැඩිබව පෙනේ හමුදාවේ අය ඇතුළු ඇමති ආරක්ෂක අංශ මහපාරේ ඉගිල්ලෙන හැටි දැක්කම බය හිතෙනවා .මේ අයගේ වේග පාලනය කල යුතුයි. රට රැක ගත් අපගේ වීරෝදාර රණ විරුවනි, ඔබලාට අපගේ බලවත් ශෝකය! ඔබලාට නිවන් සුව ලැබේවා! (අ)
නිවන් සුව පතනවා! ඉදිරියේදී මෙවැනි අනතුරු නොවීමට හමුදා වාහන වලට වේග සීමාවක් පැනෙවුවොත් නරකද? (නි)
වීර සෙන්පතියාණනි, ඔබ සදා අනුස්මරණීයයි. ඔබට නිවන් සුව ලැබේවා! ගතින් වෙන්ව ගියත් සිතින් සැමදා අපි ඔබ සමගයි. (නි)
අධික වේගය නිසා වෙන්න ඇති කියල හිතෙනවා කොහම වුණත් අපරාදේ නිකම් ජිවිත නැති වෙනවා (අ)
රට රැක ගැනීම හා පාරේ ඉගිලිම ඔලුවට අරන් ජීවත් වීම ඒ සමග පටලවා ගන්න එපා. මේ වාහනේ කෑලි දැක්කම ඇතිවෙලා තියන විනාශය හිතා ගන්න පුළුවන්. (නි)
රණ විරුවනට මගේ උපහාරය!! (නි)
තිසල් මහතාගේ වටිනා යෝජනාව නිලදාරීන්ගේ හා රජයේ අවධානයට යොමු වේවා! ඉතාමත් වැදගත් සහ අඩු වියදමින් කළ හැක්කක්. උණ ලී ගේට්ටුව ලෙසම සාර්ථක වේවා ! (නි)
ඉතාම කනගාටුදායක පුවතක්.රට රකිනා රණ විරුවන් අහිමිවීම අපිට පාඩුවකි.අද අප නිදහසේ ඉන්නේ ඔබ නිසාවෙනි.මම මේ මාර්ගයේ නිතරම ගමන් කළ අයෙකි.මෑතකදී මම ඔය ස්ථානයේම ගිමන් හැර දිවා ආහාරය ගත්තා මගේ නෝනා එක්ක.ඉතාම අවදානම් ස්ථානයක්.වාහනය පොඩ්ඩක් හරි ලිස්සුවොත් ඉතාම අවදානම් පාර පටු නිසා.කෙසේ නමුත් කල්පනාකාරීව වේගය පාලනයෙන් යාම වැදගත්.ඔවුන්ට නිවන් සුව පතමි.මෙම පාරේ වේග පාලනයට පුවරු නොමැත.පොලිසියෙන් මාව දෙපාරක් ඇල්ලුවා 72 වේගය නිසා.නමුත් වවුනියා යන බස් 80-90 අතර වේගයෙන් යනමුත් අල්ලන්නේ නැත.ඇමරිකාවේ නම් අධිවේගී මගේ උපරිම වේගය පැ.කි.මී.100-110 අතර පැදවිය යුතුය.නීතිය කාටත් එකය. (නි)
යුද්ධ කරන්න වගේම පාරෙ හරියට යන්නත් ඉගෙනගන්න ඕනෑ (නි)
තිසල්, මේ අනතුර නම් ආරක්ෂක වැටෙන් නවත්තන්න පුළුවන් ජාතියේ එකක් නෙමෙයි වගේ. රියදුරෝ මීට වඩා වගකීම් සහගත වෙන්න ඕනා. යකඩ ගොඩක් එලෙව්වත් ඇතුලේ ඉන්නේ පාරේ ඉන්නේ පන තියන මිනිස්සු සත්තු බව මතක තියෙන්න ඕනා එයාලට.(නදී)
රියදුරු රියදුරු ලෙස නොසිතන්න.(නදී)
ශෝකජනක පුවතක්!අසන්න දකින්න ලැබීම දුකක්. තමන්ගේ ජීවිතේ වටිනාකම නොදැනද මෙහෙම වේගෙන් රිය පදවන්නේ? අනිත් අයට ආදර්ශයක් වේවා ! ඔබ දෙදෙනාට නිවන්සුව ලැබේවා! තුවාල ලද කෙනාට ඉක්මන් සුවය ලැබේවා! (නි)
ටිකක් පරිස්සමින් ගියා නම් අනතුරක් නොවෙන්න තිබුණා (නි)
සංජීව, ඔයාට නිවන් සුව පතනවා! කවදාවත් ඔබත් සමග ගතකරපු කාලය අමතක වෙන්නේ නැහැ සංජීව (නි)
රට රැකගත් විරුවනි ! රටේ ආරක්ෂාව ඔබලා විසින්ම තහවුරු කර ඇති මොහොතක වටිනා ඔබලාගේ ජිවිත අනවශ මොහොතක මෙසේ අනාරක්ෂික තත්වයන්ට ඇයි පත්කර ගන්නේ. තවමත් අවතාර හොල්මන් කරනවා. අලුත් පිළිකාවල් නැගෙනහිර පලාතේ ඔඩු දුවමින් පවතිනවා. ඔබලාට කෙලෙහි ගුණ දන්නා මිනිසුන් වශයෙන් අප කවදත් ගරු කරනවා. ඔබලාගේ ශක්තියෙන් මේ මවුබිමට හෙටටත් ආරක්ෂව අවශ්‍යයි. අවාසනාවන්ත ලෙස දැයෙන් සමුගත් ලුතිනන් කර්නල් සදුන් පතිරණ හා කෝප්‍රල් සංජිව බණ්ඩාර විරුවාණනි ඔබලාට මොක් සුව පතමි ! එසේම මේජර් ජයසුන්දර විරුවාහට ඉක්මන් සම්පුර්ණ සුවය පතමි ! (නි)
රණවිරුවනට උත්තමාචාරය පුදකරමි.(නදී)
රට රැක ගත් අපගේ වීරෝදාර රණ විරුවනි, ඔබලාට අපගේ බලවත් ශෝකය! ඔබලාට නිවන් සුව ලැබේවා! (නි)
ගමන් වේගය ගැන කතා කරන අය සිටින රටක විපතට පත් රණවිරුවන් වෙනුවෙන් සෝක වීම ගැන කල්ප ඔබට ස්තුතියි. මියගිය රණවිරුවන් දෙදෙනාට නිවන් සුව ලැබේවා! ඉතිරි විරුවනට ඉක්මන් සුව ලැබේවා. (නි)
හදවතින් අපි ඔබ සමගයි සසරේ දිනක නැවත අපි හමු වෙමු රණවිරුවනි !!!(අ)
නිසල් කියන දෙයට මමත් එකඟයි. හැමදෙයක්ම පිටරටින් ගෙනත් සවි කරනවට වඩා තියෙන සම්පත් වලින් ප්‍රයෝජන ගන්න ඕනෑ.රටේ ආරක්ෂාවට සිටින ඔබ තමන්ගේ ආරක්ෂාව ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුයි.මේජර්තුමන්ට ඉක්මන් සුවයත් මියගිය දෙදෙනාට නිවන්සුව ලැබේවායි පතමි ! (නි)
හමුදාවේ අය ඇතුළු ඇමති ආරක්ෂක අංශ මහපාරේ ඉගිල්ලෙන හැටි දැක්කම බය හිතෙනවා.මේ අය පාවිච්චි කරන්නේ මහජන මුදලින් මිලදී ගත වාහන.මෙතනත් කෝටියකට වැඩි අලාබයක් .වටිනා ජීවිතයකුත් රටට අහිමියි (අ)
ඔබ තුමන්ලා අපේ රටට ගොඩක් ප්‍රයෝජනවත් මහත්වරු.කලබලයක් නැතුව , නිදිමතනම් ටිකක නිදාගෙන යන්න.අපි නිදහසේ ඉන්නේ ඔබ තුමන්ලා ජිවිත පරිත්‍යාගයෙන් රට බේරගත්ත නිසා.බුදුසරයි (අ)
ඔබගේ අඩුව අපට සෑම දවසකම දැනේවි. ඔබ දෙදෙනාට නිවන් සුව! අනෙක් සොයුරාට ඉක්මන් සුවය ලැබේවා! (නි)
කනගාටු දායක පුවතක්
පොලිසියට ට්‍රැෆික් කෝන්ස් ටිකක් දුන්නනම් හොඳයි නේද කියල හිතුන ප්‍රමිතියකට වැඩක් කරන්න පුළුවන් එතකොට.(අ)
ඔබ සදා අමරණීයයි.(නදී)
රට රකින විරුවන් දේපලක් අපට නැතිවුණා. ඔබලාට නිවන්සුව පතමු. (අ)
දැන් යුද්දේ ඉවරනේ. ඒ නිසා හිත නිදහසේ වේගයෙන් යන්න ඇති (නි)
බනින අයට නම් හොදක් වෙන්න එපා. එයාලට මතක නැහැ අතීතය (නි)
මෙම අය හදිසියට අරගෙන ගිහින් තියෙන්නේ , හමුදා සන්දර්සන වලදී කෑලි එකතු කරලා විනාඩි ගණනින් නැගල යන වාහනයේද? මෙහෙම කෑලි ගැලවිලා විසිරිලා තියෙන්නේ (අ),................
වේගයෙන් යන්නට හැකි ලෙස ඉදිකළ මෙම මාර්ගයේ නිසි ප්‍රමිතියකට ආරක්‍ෂිත වැටක් නැති බව ඉතාම පැහැදිලිව පෙනෙනවා.සිටුවා ඇති ආරක්‍ෂිත කණු අතර පරතරය ඉතා වැඩිබව පෙනේ.එහෙත් මෙවැනි දෙපස ගැබුරු හෝ ජලය ඇති තැන්වල සිදුවන අනතුරකින් වන හානිය අවම කල හැකි ආරක්‍ෂිත උපාය මද බව පැහැදිලිය.එවැනි විටක තත්පරයක වැරදීමක් නිසා විශාල ජීවිත හානි සිදුවීම නොවැලක්විය හැකිය.මෙහි ඇති කණු වල උස මද බවටද සැකයක් ඇත. නවීන වාහන පැරණි වාහන වලට වඩා උස වුවද මෙයට වසර 30-40 කට පෙර තිබු කණුවල උස තවම අප පවත්වාගෙන යනබවක් දැනේ.එම නිසා කණුවේ වැදුනද එහි වේගය අඩපන වුන බවක් නොපෙනේ.මා අනුනට දෝෂාරෝපණය කරනවා නොව බැලියයුතු පැති පෙන්වාදීමට කරන උත්සාහයකි.මෙවැනි කණු /වැට පිටරටින් ගෙන්වීමේදී අදික මුදලක් වැයවන නිසා අංගසම්පුර්ණ මාර්ග ඉදිකිරීම අපහසුබවද සත්‍යයකි. එහෙත් මා මීට පෙරත් සදහන්කර ඇති පරිදි මෙවැනි තැන්වල ජලයත් හොදින් ඇති නිසා උන පැදුරු වැවීම සාර්ථක උපක්‍රමයක්ය.උනගසේ මැද හිස් බව නිසා සැහැල්ලු බැවින් ගැටීමේදී වහනයට සිදුවන හානිය අවමකරගත හැක.නිතර මෙවැනි තැන්වල අනතුරු වලින් බරපතල හානි සිදුවන නිසා මිය ගිය වීරෝදාර රණ විරුවන් නාමයෙන් හමුදාව මගින් හෝ රට පුරා මෙවැනි තැන්වල උන පැදුරු වැවීමට කටයුතු කරන්න.එමගින් පරිසරය අලංකාර වනවා සේම ශබ්ධයද දුවිලි පැතිරීම අවමකරය්. පරිසර හිතකාමීය. (අ)
සිත කම්පා කරවන පුවතක්. රියදුරු සෙබලාට නින්ද ගියාවත්ද ?? (අ)
වේගය මරුවා කැදවයි. (අ)
දෙදෙනාටම නිවන් සැප ලැබේවා! (නි)
වටිනා ජිවිත සහ දේපල නැතිවෙලා තිබෙන්නේ , නොසැලකිලිමත් ලෙස රිය පැදවීම නිසා. ඇමති ආරක්ෂක වාහන සහ හමුදා වාහන පාරේ ගමන් කරන්නේ ඉතාමත් අසංවර විදියට. සමහර වෙලාවට මේවට යටවෙලා අසරණයෝ මැරෙනවා. යුද්ධයක් නැති රටේ මෙපමණ වේගයකින් වාහන පදවන්න අවශ්‍යද? (නි)
කනගාටු වෙනවා. හරිනම් බැරියර් තිබිය යුතුයි. දැන්වත් මේවා ගැන හිතන්න වෙනවා. (නි)
රට රකින විරුවනි, ඔබ නැතිවීම ජාතියට විශාල පාඩුවකි. මම හිතනවා මේ අනතුරට හේතුව ඔබ අධික වේගයෙන් රිය ධාවනය කිරීමයි කියලා. හැම නිලදාරියෙක්ම මීට වඩා නීති ගරුක වුනොත් අප සමාජයේ ප්‍රගමනයට විශාල යහපතක් වේවි (නි)
විරුවනි, අපි ඔබට සදා ණයගැතියි (නි)
යුද්ධ හමුදාවේ සමහරෙක් ගුවන් ගතවෙන්න හැදු වගයි.(නදී)
රණ විරුවනේ ඔබට නිවන් සුව. තුවාල උන අයට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි. අප හද වතින්ම ඔබ සමගයි.(නදී)
චන්ද්‍රා ඔයාට පිස්සුද හැටිද වෙලාව හොදට අරගෙන සිංහල කියවන්න. උත්සාහය හොදයි. තව උත්සහ කරන්න.(නදී)
මෙම අනතුරට වේගය සහ කාර්මික දෝෂයක් ද හේතු වී ඇති බව පින්තුර වලින් පෙනේ..(අ)
මියගිය සදුන්,සංජිව විරුවන් දෙපලට නිවන් පුර රුවන් දොරටු විවර වේවා තුවාල ලැබුව විරුවන්ට ඉක්මන් සුවය පතමි (අ)
වේගයෙන් එන්න ඇති, පාරවල් කාපට් කරලා නිසා. පවු අසරණ ජීවිත. නිවන් සුව ලැබේවා! (නි)
හරියටම ලයිට් කණුවට වැදීල තියෙන්නේ. පවු රියදුරා මහා රෑ එක දිගට වාහනේ එලවල වගේ පෙන්නේ. මේ අනතුර කාටවත් වලක්වන්න පුළුවන් එකක් නෙමෙයි. වෙලාව ආපුවම ප්‍රබාකරන් මලේ නන්දිකඩාල් කලපුවේ මඩ වගුරක. මියගිය දෙදෙනාට නිවන්සුව අත්වේවා. අනිත් රෝගීන්ට ඉක්මන් සුවය පතමි. ඒ වගේම පාරවල් කාපට් වෙලා වැඩක් නැ ලංකාවේ රියදුරන්ගේ ආකල්ප වෙනස් වෙන්නේ නැතුව. මේ රටේ ගොඩක් වාහන අනතුරු වෙන්නේ අනුන්ගේ වාහන එලවන රියදුරන්ගේ අතින් හොයාගෙන ආපු මරණයක් තියෙන්නේ. පහල ඔච්චර පිට්ටනිය වගේ නිදහසේ යන්න පුළුවන් විශාල ප්‍රදේශයක් තියෙද්දී.(නදී)