
(නිමල කොඩිතුවක්කු)
තැපැල් සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළු අනෙකුත් තැපැල් කාර්යාලවල ලිපි සහ පාර්සල් ලක්ෂ දොළහක් පමණ සිරවී ඇතැයි තැපැල් වෘත්තිය සමිති ප්‍රකාශ කරයි.
මධ්‍යම තැපැල් හුවමාරුවේ පමණක් දේශීය සහ විදේශීය තැපැල් භාණ්ඩ ලක්ෂ 7 ක් පමණ සිරවී ඇතැයි ද ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.
විවිධ ශ්‍රේණි වලට අයත් පුරප්පාඩු 7000 සම්පූර්ණ කිරිම, අනියම් සහ ආදේශක පිරිස් ස්ථීර සේවයේ පිහිටුවීම, උසස් වීම් ලබාදීම ඇතුලු ඉල්ලීම් මුල් කරගනිමින් තැපැල් වෘත්තීය සමිති විසින් පෙරේදා(07) සිට මෙම වර්ජනය ආරම්භ කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෞද්ගලික කූරියර් සේවා ප්‍රවර්ධනය...මෝඩ සේවකයෝ... පටු දේශපාලන ක්‍රියදුරෙක්.